Author: LFN
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසමිතුරු සටන ලෙස හඳුන්වන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට ඉනිමේ මුල් භාගයේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත්වුණි. එම පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය මුල් පෙල පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර්ට ක්‍රීඩාගාරය වෙත නැවත හැරීයාමට සිදුවූයේ ලකුණු පුවරුව 66ක් ලෙස සටහන් වෙද්දී ය. කඩුලු බිඳ වැටීමේ පීඩනය මෙන්ම සාම්ප්‍රදායික ඉන්දු – පාකිස්තාන පසමිතුරු සටනේ පීඩනයද සමගින් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ඉෂන්…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (03) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද ඇති විය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන…
වයස අවුරුදු 16ක දැරියක් වරින් වර දුෂණ කළ බව කියන ඇයගේ පියා සහ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බව වනාතවිල්ලුව පොලීසිය සඳහන් කරයි. අතවරයට ලක්ව ඇත්තේ එළුවන්කුලම, අයිලිය ගම්මානයේ පදිංචි ව සිටි දැරියක් බව වාර්තා වේ. අතවරයට පත්ව ඇති දැරියගේ මව ඇය කුඩා කාලයේ දීම මිය ගොස් ඇති අතර, පසුව ඇය පියා සහ සහෝදරයා සමඟ ජීවත් වී ඇත. 2023 අප්‍රේල් මාසයේ සිංහල අලුත් අවුරුද්දට පෙර දිනයක දී පියා සහ සහෝදරයා තමන්ව දුෂණය කළ බවත් එදින සිට ඔවුන් දෙදෙනා වරින් වර තමාව දුෂණය කළ බවත් අතවරයට පත්ව ඇති දැරිවිය පොලීසිය හමුවේ පවසා තිබේ. දැරිවියට අතවර කළ බව කියන…
මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි. එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සුව අතට පත් වෙමින් සිටින බවත් ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, අත්තිඩිය ප්‍රදේශයේ සේවය කර ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්’ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව…
පසුගිය වසර 05ට සාපේක්ෂව මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ රුපියල් මිලියන 86,000කට අධික මුදලක් උපයා ගැනීමට හැකිවූ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එහි සංවර්ධන අධ්‍යක්ෂ උපුල් රණවීර මහතා සඳහන් කරන්නේ, ප්‍රධාන වශයෙන් කුරුඳු, ගම්මිරිස් සහ කරාබු නැටි අපනයනයෙන් මෙම මුදල උපයා ගැනීමට හැකි වූ බවයි. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රණවීර මහතා, “පසුගිය වසර 05 සැලකීමේ දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අදාළ බෝග අපනයනයෙන් වැඩිම විදේශ විනිමය උපයා ගැනීමට 2023 වසරේ මේ දක්වා කාල පරාසය සමත්වෙලා තියෙනවා. ඒ අනුව 2023 ජූනි දක්වා මෙට්‍රික් ටොන් 34,771ක් අපනයනය කරලා රුපියල් මිලියන 86,680ක් ආදායම උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කුරුඳු, කරාබු, ගම්මිරිස් වැනි…
රටේ සියලු ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා ජල ව්‍යාපෘති ඉදිකිරීම කඩිනම් කර තිබෙන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ පවුල් අතුරින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ජල සැපයුම් ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ඇස්තමේන්තුව 85%ක් බව ගණන් බලා තිබෙන බවත් එම අවශ්‍යතාවයෙන් 62%කගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට මේ වන විට කටයුතු කර ඇති අතර ඉතිරි ඉලක්කය ද නුදුරු අනාගතයේදීම සම්පූර්ණ කර ගැනීමට පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම පවතින ආර්ථික අසීරුතා හමුවේ යථාර්තයට මුහුණ දෙමින් රජය විසින් ගත් ප්‍රතිපත්තිමය තීරණ හමුවේ ජල ගාස්තු ඉහළ දැමීමට සිදු වූ…
‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය සාර්ථකව සඳට පතිත කිරීමෙන් ලැබූ පන්නරයෙන් පසු, ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් ‘ඉස්රෝ’ අද (2) හිරු ගවේෂණයට යානයක් යැවීමට සැලැසුම් කර තිබේ. ‘ආධිත්‍යා එල් 1’ යනුවෙන් නම් කළ එම යානය, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක ආධාරයෙන්, අද (2) උදෑසන 11.50 ට පෘථිවි කක්ෂයට යැවීම සිදුවනු ඇත. ‘ආධිත්‍යා එල් 1, යානය හිරු අසලට නොයයි. යානය, හිරු සහ පෘථිවිය අසල ‘ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය’ යනුවෙන් තාරකා විද්‍යාඥයන් හඳුන්වන ස්ථානයේ රඳවා තැබෙන බවත්, එහි සිට හිරු ගවේෂණය සිදු කරන බවත් ඉන්දීය අභ්‍යවකාශ ආයතනය පැහැදිලි කර තිබේ. ‘ආධිත්‍යා එල් 1’ ගවේෂණ යානය, ‘එල් 1’ යනුවෙන් හැඳින්වෙන්නේ, හිරු සහ පෘථිවිය අතර පිහිටි ‘එල් 1’ ලග්‍රාන්ජ් ලක්ෂයේ…
තායිලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය තක්සින් සිනවත් ට එරෙහිව පනවා තිබූ වසර 08ක සිර දඬුවම වසරක් දක්වා අඩුකර තිබේ. තායිලන්ත රජු විසින් අදාළ නියෝගය නිකුත්කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. තක්සින් වසර 15කට පසුව පසුගිය අගෝස්තු 22 වනදා නැවත තම මව් රටට පැමිණි අතර අනතුරුව ඔහුව සිරගෙට යැවිණි. නමුත් ඔහු මේ වනවිට රජයේ රෝහලක සුපිරි වාට්ටුවක සිටින අතර ඔහුව රෝහල්ගත කර තිබුණේ හෘදයාබාධ තත්ත්වයක් ඇතිවූ බව පවසමිනි. එවකට තායිලන්ත අගමැතිවරයා ලෙස කටයුතු කළ තක්සින් ව හමුදා නායකයින් විසින් 2006 වසරේදී බලයෙන් පහකෙරිණි. අනතුරුව ඔහුට එරෙහිව දුෂණ සහ වංචා චෝදනා එල්ලකළ අතර හිටපු අගමැතිවරයා පැවසුවේ එම චෝදනා දේශපාලනමය කරුණු මත එල්ලකර ඇති…
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම පවසන්නේ මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවය. ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට පැවරී තිබෙන බලතල අභිබවා ගොස් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා විසින් නිකුත් කර තිබෙන ලිපියක් පදනම් කරගෙන ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. භූ විද්‍යා හා පතල් කාර්යාංශය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම නියෝගය දින 14ක් දක්වා බලපැවැත්වෙයි. පෙත්සම්කාර භූ විද්‍යා හා පතල් කාර්‍යාංශය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම තුළින් සඳහන් කර තිබෙන්නේ ඛනිජ…