Author: LFN

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ගයනි දිල්රුක්ෂි හෙවත් “කුඩු ගයනි” නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුන්ඩසාලේ පිහිටි සුවිසල් නිවස රාජසන්තක කිරීම සඳහා ක්‍රියාවිරහත කිරීම ඊයේ සිදුකර තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය විසින් මෙම ක්‍රියාවිරහත කිරීම සිදුකර ඇත. විමර්ශන නිලධාරීන් පවසන්නේ ඇය විසින් 2019 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදලින් මෙම නිවස ඉදිකර ඇතැයි පැවසෙන අතර, මේ වනවිටත් ඉදිකරමින් පවතින අදාළ නිවසේ වටිනාකම රුපියල් කෝටි 5කට ආසන්න බවය. නිවස ඉදිකිරීම සඳහා මුදල් ඉපැයූ ආකාරය හෙළිකිරීමට අපොහොසත්වීම හේතුවෙන් එය මෙලෙස ක්‍රියාවිරහිත කළ බව ද විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

Read More

මේ වසර අවසාන වන විට මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් සියයට පනහක පමණ පුරප්පාඩු ඇතිවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. කෝප් කමිටුව හමුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේ, ලෝක ශ්‍රේණිගත කිරීම්වල මෙරට පළමු පෙළේ විශ්වවිද්‍යාල පහම පසුබෑමට ලක්ව ඇති බවය.

Read More

අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස 11ක දැරියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුගේ සිරුර බන්ධනාගාරය තුළ තිබියදී සොයාගෙන තිබේ. කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි හිටපු යුධහමුදා සෙබළෙකු වන සැකකරුගේ සිරුර සරමකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි. මෙලෙස මියගොස් ඇත්තේ වරකාගොඩ සල්ගස් වත්ත මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. සැකකරු අගුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 ක් වයසැති බිළිදියකවූ ටස්මි දිලන්යා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබුණි.

Read More

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටී ඇති බවය. හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි. ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේ අදාළ ප්‍රදේශවල විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් ඇති බවය.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Read More

කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ (23) පස්වරුවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි. ඒ, දුම්රිය විදුලි කාර්මිකයින් හදිසියේ ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් හේතුවෙනි. වර්ජනය හේතුවෙන් ඊ‌යේ රාත්‍රී දුම්රිය කිහිපයක ධාවනය ප්‍රමාද වී තිබූ අතර එහිදී මගීන් නොසන්සුන්වී තිබුණි. කෙසේවෙතත් පසුව වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය විදුලි කාර්මිකයින් පියවර ගෙන තිබූ අතර රාත්‍රී දුම්රිය ධාවනය ද ප්‍රමාදයක් සහිතව සිදුකෙරුණි.

Read More

පොලිස් නිලධාරීන් වෙත ලබාදෙන බටා ආරක්ෂක හමුදාවල ආහාර දීමනාවට සමාන කිරීමට ලබන වසරේ සිට උත්සාහ ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ පොලිස් නිලධාරීන් වෙත බටා සහ ආහාර දීමනාවක් යන දිවිත්වයම ලබාදිය නොහැකි බවය. අමාත්‍ය ආරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් වෙත ලැබෙන විශේෂ දීමනාව පාර්ලිමේන්තුවේ ආරක්ෂක ඒකකයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් වෙත නොලැබීම සම්බන්ධයෙන්ද කරුණු සොයාබලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. එසේම අදාළ විශේෂ දීමනාව නොලැබෙන පොලීසිය තුළ…

Read More

ඊයේ (22) සවස හපුතලේ පොලිස් වසම, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගිය බව පොලීසිය වාර්තා කළේය. හෝටලය තුළට පැමිණි පුද්ගලයන් පස් දෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති අතර, හෝටල් හිමිකරුවා සහ ඔහු සමඟ සිටි පුද්ගලයකු වෙඩි ප්‍රහාරයට ලක් වී තිබිණි. වෙඩි වැදීමෙන් හෝටල් හිමිකරු සමඟ සිටි පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති අතර, හෝටල් හිමිකරු බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කර ඇත. මරණකරු වයස අවුරුදු 47ක් වූ ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය වාර්තා කරයි. මේ අතර, මියගිය පුද්ගලයා මාතර මහාධිකරණයේ විභාග වූ නඩුවක සාක්ෂිකරුවකු බව අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කර ඇත. සිද්ධිය පිළිබඳ හපුතලේ පොලීසිය…

Read More

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අගෝස්තු හෙට (24) උදේ 8:00 සිට අනිද්දා 25 වනදා උදේ 8:00 ට දක්වා පැය 24 ක වර්ජනයකට දිවයින පුරා සියලු රෝහල් වල සංකේත වැඩ වර්ජනයකට එළඹීමට තීරණය කර තිබෙනවා. ඒ පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ තීරණයකට අනුවයි. ඉල්ලිම් 7ක් මුල් කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට වෘත්තීය කාණ්ඩ 5කින් සහ නිලධාරීන් 7,000 ට ආසන්න සංඛ්‍යාවක් තීරණය කර තිබෙනවා. මෙම වර්ජනයට විකිරණ තාක්ෂණවේදීන් වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන්, භෞත චිකිත්සක වෘත්තිකයන්, වෘත්තිය චිකිත්සක වෘත්තිකයන් යන වෘත්තීය සංගම් 5 එකතු වනවා.

Read More

මුලසුන අසලට පැමිණ නියෝජ්‍ය කථානායකවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය. ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනා සභා ගර්භයෙන් පිටව යනු දක්නට ලැබිණ. අද දිනයේ සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක වරයා දැනුම් දුන්නේය.

Read More