Close Menu
Lanka Focus News
    What's Hot

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්
    Hot News

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    By LFNOctober 29, 2026No Comments1 Min Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් කිසිදු පැකිළීමකින් තොරව සැපයීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

    ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය සහ ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.

    විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස යෝජනා ක්‍රමය ඇතුළු ණය පහසුකම් ලබාදීමේදී මතුව ඇති ගැටලු මෙන්ම, තීරුබදු රහිත (Duty Free) පහසුකම් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත.

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ දැඩි අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එමඟින් ඔවුන්ගේ සුබසාධන වැඩසටහන් වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 202603 Views

    රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන්…

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.