Author: LFN
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) දහවල් ගංගොඩවිල ප්‍රදේශයේදී එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, පසුගිය අගෝස්තු 17 වනදා අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සැකකරු ආධාර අනුබල ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බවයි. සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, එම අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සැකකරුගේ නිවසේ තිබියදී සොයාගෙන…
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව තිබේ. අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. 22 යව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණි. ඊයේ (31) දිනය දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවූ අතර මෙම පෙනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීයේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා කරන බව ප්‍රකාශ කරන ලෙස ද…
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. මෙලෙස අතුරදන්ව ඇත්තේ වයස අවුරුදු 35ක් වන කාන්තාවක් අවුරුදු 04ක් සහ 12ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකි. මෙම පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා 2026 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි. මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර ඇති අතර, එහි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 22,425කි. සමස්ත ව්‍යාපෘති ප්‍රමාණයෙන් සියයට 53.2ක්, එනම් ව්‍යාපෘති 8,323ක්, ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා ද, ඉතිරි සියයට 46.8ක්,…
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ BREAKING NEWS ලෙස සදහන් කරමින් කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සංසරණය වන බවය. එම පුවතේ සදහන් මිල ඉහළ දැමීම සම්බන්ධ තොරතුරු අසත්‍ය බවත් එවැනි පුවත් තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ව්‍යාජ හෝ තහවුරු නොකළ තොරතුරු හුවමාරු කිරීමෙන් පාරිභෝගිකයින් අතර අනවශ්‍ය කලබලයක් ඇති වීමටත් වෙළදපොළ…
සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි. එම පිරිස අතරින් 96දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් වන බව සඳහන් වෙයි. මේ අතර 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය ඇතුළු සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 37 දෙනෙකු මෙරටට ගෙනවිත් තිබේ. මීට අමතරව ජාත්‍යන්තර පොලිස් සහය මත පුද්ගලයින් 42දෙනෙකු මෙරටට රැගෙන ආ බව පොලිසිය සඳහන් කළේය.
තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය. ඊයේ (28) රාත්‍රි කාලයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ මහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තංගල්ල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරු හා ඔහුගේ සහෝදරයෙකු සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. වයස අවුරුදු 28ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. ඉන් එක් පෙත්සමක් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, අනෙක් පෙත්සම විශ්‍රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්‍රධාන ලේකම් කේ. සරත් ලාල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර ඇත. අදාළ පෙත්සම් මගින් සඳහන් කර ඇත්තේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත නීත්‍යානුකූල ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය. ඒ අනුව, එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්‍රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්‍රය අද (28) උදෑසන මහවැලි නදියේ ගැටඹේ තොටුපොළේ දී සිදුකරනු ලැබීය. ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (27) රාත්‍රියේ සාර්ථකව වීථි සංචාරය කරන ලදී. අනතුරුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර නැවත එම දේවාල වෙත පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු, කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ මහවැලි ගං තොට වෙත ගමන් කළේය. එහිදී සම්ප්‍රදායානුකූල දිය කැපීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව සිදු කිරීමෙන් පසුව පෙරහැර නැවත මහනුවර ගණදෙවි කෝවිල දක්වා විත් ඉන් පසු ගෙඩිගේ රජමහා විහාරය වෙත ළඟා විය. ගෙඩිගේ රාජමහා විහාරයේ සිට අද ප.ව. 2:18ට උතුරු දිශාමුඛව පිටත්වන…
ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය එළිදැක්වීමේ විශේෂ උත්සවය සැප්තැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 1 වනදා සිට ඇපල්හි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජෝන් ටර්නස් වැඩභාරගන්නා අතර, මෙය ඔහුගේ නායකත්වය යටතේ පැවැත්වෙන පළමු ප්‍රධාන උත්සවයයි. ටිම් කුක් (Tim Cook) විධායක සභාපති ධුරයට පත්වේ. පළමු නමිය හැකි iPhone දුරකථනය iPad mini හි තිරයට සමාන ප්‍රමාණයකින් යුතු වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. Memory chips හිඟය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇපල් සමාගම සිය Mac සහ iPad මිල ගණන් ඉහළ නංවා ඇති අතර, සැපයුම් දාමයේ ගැටලු ද පවතී.