Author: LFN

රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් කිසිදු පැකිළීමකින් තොරව සැපයීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන්වල ක්‍රියාකාරීත්වය සහ ප්‍රගතිය මෙහිදී පුළුල් ලෙස සමාලෝචනයට ලක් කෙරිණි. විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස යෝජනා ක්‍රමය ඇතුළු ණය පහසුකම් ලබාදීමේදී මතුව ඇති ගැටලු මෙන්ම, තීරුබදු රහිත (Duty Free)…

Read More

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්‍රමයෙන් අඩු වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද…

Read More

සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව නීති රීති හඳුන්වාදීමට පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. දරුවන් අවදානම් සහිත ස්ථානවලට රැගෙන යාම, අසභ්‍ය වචන භාවිත කරවීම, වැඩිහිටියන්ට පමණක් සුදුසු අන්තර්ගතයන් සඳහා යොදාගැනීම සහ දරුවන් ලිංගික වශයෙන් නිරාවරණය වන අන්තර්ගතයන් නිර්මාණය කිරීම වැනි ක්‍රියාකාරකම් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන බව අමාත්‍යවරිය පෙන්වා දෙයි. සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය හෝ ආදායම අපේක්ෂාවෙන් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීම බරපතළ ගැටලුවක් බව ද ඇය අවධාරණය කළාය. දරුවෙකුගේ පෞද්ගලිකත්වය අවදානමට ලක් කිරීමට දෙමව්පියන්ට පවා අයිතියක් නොමැති බව සඳහන් කළ…

Read More

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශය සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (27) පෙරවරු 8ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 12 දක්වා වලංගු වෙයි. බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ‘ඔර්නබ්’ ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්‍රබල සුළි කුණාටුවක්’ බවට පත්වී අද අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9 සහ නැගෙනහිර දේශාංශ 85.4 ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍ර ගතව පැවතුණි. මෙය අද ප.ව. 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට…

Read More

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර දෙසට ගමන් කරමින් පවතී. මෙම පද්ධතිය ඉදිරි දිනවලදී තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් සහ ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉහළ ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ප්‍රධාන අවධානම් සහ උපදෙස්:තද සුළං සහ වැසි:…

Read More

වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර යමාමහ පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අදවන් පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එමෙන්ම වස්සාන සමයේ පෙරවස් එළඹුණු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීමද අද වැනි පොහොය දිනකදී සිදුකෙරේ. වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුන වැදගත් පොහෝ දිනයක් වන අතර මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි…

Read More

මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඩොලර් 3කට වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තීරණය කිරීම සඳහා භාවිත කරන ප්‍රධානතම ප්‍රමිතිගත දර්ශකය වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.55කින් (3.14%) ඉහළ ගොස් ඩොලර් 116.72ක් ලෙස සටහන් වී ඇත. ලෝකයේ අලෙවිවන බොරතෙල් ප්‍රමාණයෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක මිල තීරණය වන්නේ මෙම බ්‍රෙන්ට් මිල පදනම් කරගනිමිනි. ඒ අනුව පසුගිය මාස 6කට ආසන්න කාලය, එනම් අප්‍රේල් 29 වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය වේ. එමෙන්ම අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.80කින් (3.8%) ඉහළ ගොස් ඩොලර්…

Read More

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ දැනට නව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති අතර, එය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඉන් අනතුරුව මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමට ඉඩ ඇත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව එය සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවය. මේ හේතුවෙන් උතුරු…

Read More

රතු මුහුද සහ සූවස් ඇළ හරහා බහාලුම් නෞකා ගමනාගමනය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ හම්බන්තොට ජාත්‍යන්තර වරායට නව ව්‍යාපාරික අවස්ථා රැසක් නිර්මාණය විය හැකි බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි. සමුද්‍රීය උපදේශන ආයතනයක් වන ලයිනර්ලිටිකා විසින් 2026 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ පුරෝකථනයකට අනුව, 2027 පළමු කාර්තුව වනවිට බහාලුම් නෞකා ගමනාගමනය සූවස් මාර්ගයට විශාල පරිමාණයෙන් යළි පැමිණීමට අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, එම ක්‍රියාවලියේ වේගය කලාපයේ ආරක්ෂක තත්ත්වය සහ එක් එක් නෞකා සමාගමේ මෙහෙයුම් තීරණ මත රඳා පවතින බවද සඳහන් වේ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කර ඇත්තේ රතු මුහුදේ ඇති වූ බාධා හම්බන්තොට වරාය බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරයට පිවිසීම වේගවත් කළ…

Read More

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහය අද (22) සත්වන දිනටත් පැවැත්වෙයි. පසුගිය 16 වැනි දින පස්වරුවේ විහාර මහා දේවි උද්‍යානයට වැඩම කළ ස්වාමින් වහන්සේලා විසින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළ අතර එදින එහි අට්ටාලයක් ඉදි කිරීමට යාමේදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය. සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන්වහන්සේලා සඳහන් කරනුයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගන්නා තෙක් මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවය. පසුගිය 16 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳි සිටි භික්ෂූන් වහන්සේලා පිරිස අනතුරුව බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරිපිටට වැඩම කළ අතර එහිදී අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවකද නිරත…

Read More