Author: LFN
බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව ඊයේ (04) දහවල් සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සොයාගෙන ඇති අතර, පසුව ඔහු බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමේ නිරත අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි. තවද, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් කඩුවක්…
සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා මරණ 6ක් වාර්තා වී තිබේ. එමෙන්ම දියේ ගිලී එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි. මේ අතර ඊයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබුණි. ඊයේ (03) දහවල් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම නිවසට පස් කන්දක් කඩා වැටී ඇති අතර ඊට යටවූ නිවසේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ අතර, නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් 67…
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, වයඹ සහ උතුරු – මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එමෙන්ම පස්වරු 2.00න් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. උතුරු – මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ…
මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ හටගත් නොසන්සුන්තාව අද (02) උදෑසන 6.00 පමණ වනවිට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින්ට හැකියාව ලැබුණි. හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් හය දෙනෙකු තුවාල ලැබීය. නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ රැඳවියන් එහි දේපොළ රැසක් විනාශ කර ඇති බවය. රැඳවියන්ගේ සුවදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් විසිකිරීමත් සමග මෙම නොසන්සුන්තාව හට ගැණුනි. මහර බන්ධනාගාරයේ ඉදිකෙරෙමින් පවතින තාවකාලික තාප්පයක් බිඳ රැඳවියන් පිරිසක් පලායාමට එහිදී උත්සාහ දැරූ බවටත් වාර්තා වේ. තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනිතබා තිබුණි.…
පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පේරු නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙස්නා සී -208 යානයක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවය. එම අවස්ථාවේදී එය නස්කා රේඛා පුරාවිද්‍යා භූමියට ඉහළින් පියාසර කරමින් සිට ඇති බව සඳහන්ය. යානය කඩා වැටෙනවිට මගීන් 11 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු එහි සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණවී නොමැති බව අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ මතුව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවය.
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) පෙ.ව. 7.30 මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර එය අනිද්දා (03) පෙ.ව. 7.00 දක්වා වලංගු වේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පවතින කාලගුණ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී ද දැඩි…
යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ ඇතිවිය හැකි අහයපත් කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනය කරමිනි. දිවයිනට බස්නාහිර දෙසින් අද (31) රාත්‍රී කාලයේ සිට ඇතිවන වැසි සහිත කාලගුණ තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන්, දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇත. මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර හැරීම සහ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාවලට වැරදිකරු කෙරුණු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ. ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාග විය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන බහුතර විනිසුරුවරු තීන්දු කළේ අදාළ චෝදනාවලට පූජිත් ජයසුන්දර මහතා වරදකරු කරන බවය. බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ…
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ. අදාළ ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි. 2026 ජූලි 9 වනදා අනුරාධපුර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී, රුපියල් 120ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ මිලිලීටර් 1,000ක බෝතල් කළ පානීය ජල බෝතලයක් රුපියල් 150කට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනයට…