Author: LFN
ප්රසිද්ධ නවකතාකරුවෙකු මෙන්ම බ්රිතාන්යයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු වූ ජෙෆ්රි ආචර් මහතා අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඔහු 86 වන වියෙහි පසුවූ බව විදෙස් මාධ්ය වාර්තා කරයි. දශක පහකට අධික ලේඛන ජීවිතය තුළ ඔහුගේ පොත් පිටපත් මිලියන 300කට වඩා අලෙවි වී ඇති අතර, ‘Kane and Abel’ සහ ‘Clifton Chronicles’ ආදී කෘති ඒ අතරින් වඩාත් ජනප්රිය විය. 1940 දී ලන්ඩනයේ උපත ලැබූ ආචර්, 1969 වසරේදී කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් බ්රිතාන්ය පාර්ලිමේන්තුවට තේරී පත් විය. පසුව ඔහු එම පක්ෂයේ නියෝජ්ය සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. 1987 දී ‘Daily Star’ පුවත්පතට එරෙහිව පැවැති නඩුවකදී අධිකරණය නොමඟ යැවීමේ චෝදනාවට වරදකරු වූ ඔහුට, 2001 වසරේදී වසර හතරක…
2027 වසරේ සිට 6 ශ්රේණියේදී ව්යවසායකත්වය සහ මූල්ය සාක්ෂරතාවය පිළිබඳ නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. මූල්ය සාක්ෂරතාව ප්රවර්ධනය කිරීම වෙනුවෙන් පැවති සීනුව නාද කිරීමේ උත්සවයකට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළාය. නව විෂය මාලා සංශෝධනය යටතේ 6 ශ්රේණියේ සිට 9 ශ්රේණිය දක්වා ව්යවසායකත්වය සහ මූල්ය සාක්ෂරතාවය පිළිබඳ දැනුම ලබාදීමට කටයුතු කරන බව ඇය පවසන්නීය. එහි පළමු අදියර ලෙස 2027 වසරේදී සියලු පාසල් දරුවන්ට 6 ශ්රේණියේ සිට මෙම විෂය හඳුන්වාදීමට නියමිත බවද අග්රාමාත්යවරිය සඳහන් කළේය. එමෙන්ම, පාසල් දරුවන් සහ තරුණ පරපුර කුඩා අවධියේ සිටම ව්යවසායකත්වය හා ආයෝජනය පිළිබඳ ප්රායෝගික අවබෝධයක් ලබාගැනීම සඳහා Stock Market Game…
බන්ධනාගාරගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද (05) අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණය ඊයේ (04) පස්වරුවේ නියෝග කළේය. මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධා වන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්රාත්වරයා අභියාචනාධිකරණයට…
මාදම්පිටිය, කොටහේන ප්රදේශයේදී අයිස් මත්ද්රව්ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. ඇය සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 520යි මිලිග්රෑම් 150ක් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13 ප්රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්යම, සබරගමුව, බස්නාහිර, දකුණු, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව ද සඳහන් වේ.
සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ. එහි මාධ්ය ප්රකාශක වෛද්ය ලසිත කන්නන්ගර මහතා කොළඹ ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඊට අදාළ පැහැදිලි කිරීම සිදු කළේය. ජල භීතිකා රෝගය තුරන් කිරීම හා සුනඛයින් ලියාපදිංචි කිරීම සදහා නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට රාජ්ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශය පියවර ගෙන ඇත. සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ සුනඛයින් වාණිජ අරමුණු සදහා අභිජනනය කිරීම නියාමනය කිරීම එම පනතේ අරමුණ වේ. මෙම පනත් කෙටුම්පත මගින් පරිපාලන සීමාව තුළ සිටින සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජල භීතිකා…
වයඹ, මධ්යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත් සහ ගාල්ල, මාතර, මන්නාරම දිස්ත්රික්ක සඳහා ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (02) ප.ව. 11.30 දක්වා මෙම නිවේදනය වලංගු වෙයි. ඒ් අනුව, වයඹ, මධ්යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.…
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93.13ක් දක්වා 0.28%කින් ඉහළ ගොස් ඇති අතර, බ්රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඩොලර් 102.76ක් දක්වා 0.44%කින් ඉහළ ගොස් තිබේ. මේ අතර, Murban බොරතෙල් බැරලයක මිල 6.99%කින් ඉහළ ගොස් ඩොලර් 109.40ක් ලෙස සටහන් වී තිබේ.
අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් භූමියක් නීතිවිරෝධී ලෙස මෙට්රෝ බස් රථගාලකට යොදාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ. ඒ එම භූමිය බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුවය. කෙසේවෙතත් එම පාලනාධිකාරිය චෝදනා කරන්නේ පැමිණිල්ල කර දැනට දින පහක් ගත වුවද ආණ්ඩුවේ මන්ත්රීවරුන්ට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට පොලිසිය පසුබට වෙමින් සිටින බවටය. අතුරුගිරියේ මෙට්රෝ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වනදා විවෘත කළේ, ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ හා කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙනි. ඒ සඳහා වෙන්කළ භූමිය ඉකුත්…
දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත බැවින් ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම රජයක ප්රමුඛ වගකීම බව අදට යෙදී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දරුවන්ගේ සිහින, අපේක්ෂා සහ නිර්මාණශීලීත්වය තුළ රටේ හෙට දවස තීරණය කරන බැවින් දරුවන් වෙනුවෙන් අප ගොඩනඟන රට යනු ඔවුන්ට හෙට දිනයේ භාරදීමට පමණක් සූදානම් කරන රටක් නොව, අද දවසේම ඔවුන්ගේ සිහිනවලට ඉඩ සලසන, ඔවුන්ගේ හඬට සවන්දෙන සහ ඔවුන්ගේ හැකියාවන්ට පූර්ණ අවකාශය සලසා දෙනු ලබන පරිසරයක් සහිත රටක් බවද ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ. අධ්යාපනය සඳහා සමාන ප්රවේශය, මාර්ගෝපදේශනය, සමාජ ආරක්ෂණය, නිසි පෝෂණය සහ සෞඛ්ය සේවා මෙන්ම, දරුවන්ට…