Author: LFN
නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණි ශ්‍රී ලාංකික දෙදෙනෙකු ඉන්දීය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 30 සහ 31 යන වයස් කාණ්ඩවල පසුවන මොවුන් වත්තල ප්‍රදේශයේ පදිංචි අය බව සඳහන්ය. පසුගිය බ්‍රහස්පතින්දා දින වත්තල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට මොවුන් සම්බන්ධදැයි මෙරට බලධාරින් සැක පළ කරන බව ද හින්දු පුවත්පත වාර්තා කළේය. එමෙන්ම මොවුන් දෙදෙනාට එරෙහි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක් ද ගොනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. මෙරට බලධාරින් විසින් ඔවුන්ව භාරදෙන ලෙසට ඉල්ලා සිට ඇති බවත් සැකකරුවන් මේ වනවිට තිරුචි මධ්‍යම බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති විශේෂ කඳවුරට රැගෙන ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග…
වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ ඊයේ (23) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ. පොලීසිය පැවසුවේ උත්සව ශාලාවක පැවති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවය. මිනීමැරීම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘මට්ටක්කුලියේ කුඩු රොශාන්’ නැමැත්තා ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය. රොශාන් නැමැත්තාගේ සහෝදරයකුගේ දරුවකුගේ උපන්දින සාදයක් අතරතුර ඊයේ රාත්‍රී 9.40ට පමණ මෝටර් රථයකින් පැමිණි අයෙක් හිස් වැසුමක් පැළද එම උත්සව ශාලාව තුළටම ගොස් අදාළ පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. කෙසේවෙතත් ඉලක්කය වැරදීමෙන් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ රොශාන් නැමැත්තා අසල සිටි අයෙකුට…
රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) යළි වරෙන්තු නිකුත් කර තිබේ. මෙම නඩුකරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන දෙසැම්බර් මස 09 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
අද දිනයේ දී පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ. පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනාවක් ලෙස විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) සිදුකළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සම්බන්ධයෙන් විවාදයට ගැනීමට නියමිතය. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් විමර්ශනවලදී අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම සම්බන්ධයෙන් අද විවාදයක් පැවැත්වේ. එදින පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම්…
විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (Sir Garfield Sobers) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ 89 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. සෝබර්ස් 1954 සහ 1974 කාලය අතරතුර ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී ලකුණු 8,032ක් රැස් කරමින් කඩුලු 235ක් දවා ගෙන තිබේ. වමත් පිතිකරුවෙකු වූ ඔහු 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කළේය. එම ඉනිම වසර 36ක් පුරා ලොව වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙස ද පැවතුණි. එසේම ඔහු දඟ පන්දු මෙන්ම වේග පන්දු ද එකලෙස යැවිය හැකි අතිශය දක්ෂ…
පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂාර්ජා සිට පකිස්තානයේ කරාචි බලා පියාසර කරමින් තිබූ බෝයිං 737 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මාර්ගෝපදේශන පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමනාගමන පාලකයන් සමඟ තිබූ සම්බන්ධතාව බිඳ වැටී ඇති බව පාකිස්තාන ගුවන් සේවා බලධාරීන් පවසයි. සිද්ධිය සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිට ඇති බව වාර්තා වේ. ගුවන් ගමන් නිරීක්ෂණ සේවාවක් වන Flightradar24 හි මූලික දත්ත අනුව, වසර 27ක් පැරණි මෙම ගුවන් යානය කරාචි නගරයට නිරිතදිග මුහුදු ප්‍රදේශයට ළඟා වන අතරතුර උස හදිසියේ කිහිප වතාවක් වෙනස් කර ඇති…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟ තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව, කොදෙව්වන් 2023 වසරෙන් පසු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක ජය හිමිකර ගත් පළමු අවස්ථාව මෙය වන අතර, තරගාවලියේ පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 217ක දැවැන්ත ජයක් ලබාගැනීම ඔවුන්ගේ ජයග්‍රහණයට පදනම විය. දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 251 රැස්කරමින් කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 302ක ඉලක්කයක් පන්දුවාර 60ක් තුළ ලබා දුන්නේය. කෙසේ වෙතත්, ජය හඹා යාමට අවදානමක් නොගත් කොදෙව් පිල ආරම්භක…
කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ. එහිදී නිවසක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ එම නිවසේ හිමිකාර කාන්තාව වූ වයස අවුරුදු 81ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය මේ වනවිට කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාරියගේ පුත්‍රයා නිවසේ සිට පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීමේ සිදුවිම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ කරුණු දැක්වීම්වලට අනුව සිය වාර්තාව මේ වන විට සකස් කර ඇති බවය. එම වාර්තාව මුදල් කාරක සභාවේ සියලු සාමාජිකයින් වෙත මේ වන විටත් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය. “අපි මහබැංකුව සහ භාණ්ඩාගාරය එක්ක සාකච්ඡා වට තුනක් කළා. ඔවුන් වාර්තා දෙකක් ඉදිරිපත් කළා. මහබැංකුවේ වාර්තාව වෙනම ඉදිරිපත් කළා. මොකද ඒ කට්ටිය…
අම්පාර ඩිපෝවට අයත් ලංගම බස් රථයක් වැල්ලම්පිටියේදී අනතුරට ලක්වී තිබේ. බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් බසය පාලනයෙන් ගිලිහී යෑමෙන් අද (24) උදෑසන 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇත. කොළඹ කොටුව සිට අම්පාර බලා ධාවනයේ යෙදුණු මෙම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ වැල්ලම්පිටිය අඹගහ හන්දිය ප්‍රදේශයේදීය. බස් රථයට විශාල හානි සිදුවී ඇති අතර බස් රථයේ රියදුරු කඩිනමින් රෝහල්ගත කර ඇති අතර, ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.