Author: LFN

සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම දීමනාව අද (16) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කළේය. ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,053කට රුපියල් නව බිලියන  එකසිය අසූ එක් මිලියන හයසිය අනූ හය දහස් දෙසිය පනහක මුදලක් බැංකු ගිණුම්වලට බැරකිරීමට නියමිතය. එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 213,335කට රුපියල් බිලියන දෙකයි මිලියන එකසිය විස්සයි දහස් අටසිය පනස් හයයි දෙසිය පනහක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබේ. ඒ අනුව මෙම මුදල් ලබන  හෙට (17) සිට ප්‍රතිලාභීන්ට ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පලාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අහස වලාකුළින් බරව පවතී. මේ අතර එම ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. ඊයේ (14) උදෑසන 8.30 සිට අද (15) අලුයම 3 දක්වා වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය ගම්පහ දිස්ත්‍රික්කයේ වස්ලතාලාරාමය, කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. ඒ මි.මී 146.5ක්…

Read More

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති බැවින්, පෙර ප්‍රකාශිත පරිදි ලංකා දුම්රිය සේවයේ සැප්තැම්බර් 17 සහ 18 යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත සංකේත වැඩ වර්ජන තීරණය නොවෙනස්ව ඉදිරියට පවත්වන බව ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති පවසයි. ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිතිවල සම කැඳවුම්කරු කසුන් චාමර ජයසේකර අද (14) නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ. අද ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නායකයින් අතර මෙම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී වෘත්තීය සමිති නියෝජිතයින් විසින් දුම්රිය දෙපාර්තමේන්තුව තුළ උද්ගත වී ඇති පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු මෙන්ම මගී ජනතාව…

Read More

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පලාත් වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 100ට වැඩි තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස…

Read More

ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ නව තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) සහ  පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. නව තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගත් කථානායකවරයා, ශ්‍රී ලංකාවේ චීන තානාපති ධුරයට පත්වීම පිළිබඳව ඒ මහතා වෙත සුබපැතුම් පළ කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝ කාලයක් පුරා පවතින මිත්‍රශීලී සහ සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම ද කථානායකවරයා මෙහිදී අවධාරණය කළ බව සඳහන්ය. විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී, විශේෂයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් මෑත කාලීන ආර්ථික අර්බුදයේදී, සැබෑ මිතුරෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරන බව කථානායකවරයා පැවසීය. මෑතකදී ඇති වූ…

Read More

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ අද (11) අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි. තුවාල ලබා ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ 55 හැවිරිදි පියා බව සඳහන් වේ. මියගිය දරුවන්ගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක්…

Read More

ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ නමැති සංවිධානාත්මක අපරාධකරු අද (9) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුගෙන් මූලික ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අතර, එහිදී පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබේ. රංජිත් කුමාර නොහොත් ‘කොණ්ඩ රංජි’ ඩුබායිහීදී ඉකුත් මාර්තු 29 වැනිදා රාත්‍රි 7ට පමණ ඉරානය, ඩුබායි වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර මිතුරන් තිදෙනෙකු වෙත යැවීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ නමුත් එම වීඩියෝ දර්ශන හුවමාරු කර පැය 2ක් ඇතුළත…

Read More

කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමට රු. 200,000ක දඩ මුදලක් නියම කර තිබේ. කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී, 2026.07.15 දින කල් ඉකුත් වූ බව සඳහන් 400gතේ ඇසුරුමක් රු. 1,000කට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014.08.15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති විධාන අංක 52 උල්ලංඝනය…

Read More

නීතිවිරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) උදෑසන රාගම, පොඩිවීකුඹුර ප්‍රදේශයේදී වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි. එහිදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 101 මිලිලීටර් 250ක් එනම් බෝතල් 135ක් සමඟ 51 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More