Author: LFN

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍යයැයි කියූ ජනමත විචාරණය 22 වන සං‍ශෝධනය අකැප ඇයිදැයි ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, මාතලේ රත්තොට ප්‍රදේශයේ පැවති සමුළුවකට එක්වෙමිනි. අනුර කුමාර ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට එවක ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගෙන ආ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ 2/3ට අමතරව ජනමතවිචරණයක් ඉල්ලා සිටියේය. කෙසේවෙතත් වර්තමානයේදී ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ආණ්ඩුවේ පිරිස් පවසන බවත් පෙර මෙන් 22 වැනි සංශෝධනයට එවැනි ජනමත විචාරණයක අවශ්‍ය බවට ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එහිදී ඔහු අවධාරණය කර සිටියේ, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානි වී…

Read More

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ. ඒ වෙනුවෙන් වූ සැමරුම් වැඩසටහන පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව අද පෙරවරු 9.00ට පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම සංවත්සර සැමරුම පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය. 1946 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය ආරම්භ වනු ලැබීය. එහිදී පක්ෂ නායකයා ලෙස ඩී.ඇස්. සේනානායක මහතාද ලේකම් ලෙස එච්.ඩබ්ලිව්. අමරසූරිය සම භාණ්ඩාගාරිකවරු වශයෙන් මුස්ලිම් සිටුවරයෙකු හා සමාන ශ්‍රීමත් රාසීක් ෆරිඩ් මහතාද ජේ.ආර්. ජයවර්ධන මහතාණන් සමඟ තේරි පත් විය. පක්ෂයේ වර්ණය ලෙස හරිත වර්ණයත් සලකුණ ලෙස ගොඩබිම වෙසෙන…

Read More

පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි මුදලක් අයකර ගැනීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමත්ව තිබේ. පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මෙම වසරේ අගෝස්තු දක්වා වූ කාලසීමාව තුළ මෙම වන්දි මුදල් අය කරගෙන ඇති අතර, එකී මුදල් කොළඹ පිහිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හරහා මියගිය අයගේ ළඟම ඥාතීන් වෙත යොමු කර ඇත. ඕමානයේ අදාළ ආයතන, සමාගම් සහ බලධාරීන් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැත්වූ නිරන්තර සාකච්ඡා සහ සම්බන්ධීකරණය හේතුවෙන් මෙම වන්දි මුදල් ලබා ගැනීමට හැකි ව තිබේ. ඕමානයේ රැකියාවල නිරතව සිටියදී මියගිය සසුත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්…

Read More

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වගා හානි සිදුවූ දිස්ත්‍රික්ක රැසක වගා බිම් සඳහා වන්දි ගෙවීම අද (04) සිට සිදුකෙරන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත් ගොවීන් සඳහා අද දින රක්ෂණ වන්දි මුදල් අදාළ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු සලසා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කයන්හී සියලුම ගොවීන් හට එළැඹෙන 15 වැනි දිනට පෙර වගා හානි වන්දි ගෙවීමට කටයුතු යොදා තිබේ. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, අම්පාර, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල වී, බඩ ඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන්ට හානි සිදුව තිබේ. එම සිදුවූ වගා හානි පිළිබඳව ගොවීන් විසින් වාර්තා කිරීමෙන් අනතුරුව නිලධාරීන් විසින් කඩිනමින්…

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) දහවල් ගංගොඩවිල ප්‍රදේශයේදී එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිසිය සඳහන් කළේ, පසුගිය අගෝස්තු 17 වනදා අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සැකකරු ආධාර අනුබල ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බවයි. සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, එම අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සැකකරුගේ නිවසේ තිබියදී සොයාගෙන…

Read More

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව තිබේ. අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. 22 යව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණි. ඊයේ (31) දිනය දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවූ අතර මෙම පෙනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීයේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා කරන බව ප්‍රකාශ කරන ලෙස ද…

Read More

පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. මෙලෙස අතුරදන්ව ඇත්තේ  වයස අවුරුදු 35ක් වන කාන්තාවක් අවුරුදු 04ක් සහ 12ක් වන ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකි. මෙම පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.

Read More

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන ක්‍රියාවට නංවා ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා 2026 අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 25,000කි. මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර ඇති අතර, එහි මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 22,425කි. සමස්ත ව්‍යාපෘති ප්‍රමාණයෙන් සියයට 53.2ක්, එනම් ව්‍යාපෘති 8,323ක්, ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා ද, ඉතිරි සියයට 46.8ක්,…

Read More

කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එම අධිකාරිය පැවසුවේ BREAKING NEWS ලෙස සදහන් කරමින් කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සංසරණය වන බවය. එම පුවතේ සදහන් මිල ඉහළ දැමීම සම්බන්ධ තොරතුරු අසත්‍ය බවත් එවැනි පුවත් තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. ව්‍යාජ හෝ තහවුරු නොකළ තොරතුරු හුවමාරු කිරීමෙන් පාරිභෝගිකයින් අතර අනවශ්‍ය කලබලයක් ඇති වීමටත් වෙළදපොළ…

Read More