Author: LFN
කඩවත බස් නැවතුම්පොළ අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. බස් රථයක් කඩවත බස් නැවතුම්පළතුළට ධාවනය කරන අවස්ථාවේ දී පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ 49 හැවිරිදි පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන් වෙයි. මරණකරු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මුදල් ලබා ගැනීම් රාශියක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කර ඇත්තේ විවිධ ආයතන සහ පෞද්ගලික නිවාසවල අයවලුන් නොමග යවමින් අයථා ලෙස මුදල් ලබා ගැනීම් රැසක් මේ වන විට වාර්තා වී ඇති බවය. මේ දිනවල පවතින ඩෙංගු වසංගත තත්ත්වයට අදාළව නිවාස පරීක්ෂා කිරීමේ රාජකාරි සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග සම්බන්ධ කරගනිමින් මෙම මුදල් ඉල්ලීම් වාර්තා වී ඇති බවත් පෙන්වා දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුවත් කර ඇත්තේ කිසිදු හේතුවක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු රාජකාරියට අදාළව මුදල් අයකිරීම් හෝ ලබා ගැනීම් සිදු නොකරන…
මහියංගනය, මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී මාපාකඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනයකරගත නොහැකිව වියානා ඇලට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් ට්‍රැක්ටර් රථ රියැදුරු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන ටිට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මහියංගනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
2025 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල doenets.lk සහ results.exams.gov.lk වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකිය.මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටියේය. අදාළ විභාගය මධ්‍යස්ථාන 3,547ක් පැවැති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් ජුනි මස 25 වෙනිදා සිට ජූලි මස 07 වෙනිදා දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ යොමු කළ හැකිය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රන්මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු කටාන, කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 210ක් ද සොයා ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන කිතුල්වල ඉහල, මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ අදාළ සැකකරු පූගොඩ, කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක හා මිනුවන්ගොඩ යන ප්‍රදේශවල රන්මාල කොල්ලකෑම් ඇතුළු දේපල සොරකම් රැසකට අවශ්‍ය කර සිටි අයෙකු වන බවය. එමෙන්ම මෙම අපරාධ සඳහා යොදාගත් යතුරුපැදියක්, කඩුවක් හා කොල්ලකන ලද රන් මාලවලට අදාළ රන්ගුලි 09ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත. සැකකරුවෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය…
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETC (Electronic Toll Collection) මගින් සිදු කිරීමේදී සේවාව ලබා ගැනීම තව දුරටත් පසු කිරීමට මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම පහසුකම් පිළිබඳව දැනුවත් කිරීම් අද (15) දිනයේදී සිදුවිය. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම මුදල් හෝ කාඩ්පත් මගින් මෙන්ම ETCමගින්ද සිදුකිරීමේ පහසුකම් ලබාදී ඇති අතර ETC පහසුකම් භාවිත කරන්නන් සඳහා ඇතුළුවීමට සහ පිටවීමට වෙන්වූ වෙනමම ස්ථානයක් ඇති අතර, එය භාවිතයෙන් ප්‍රමාදයකින් තොරව ඇතුළුවීමේ සහ පිටවීමේ පහසුකම් ද සලසා දී ඇත. එසේම ETC පහසුකම් භාවිත කරන්නන්ට සෑම ගමන් වාරයක් සඳහාම නියමිත ගාස්තුවෙන් 10% ක…
අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද්ධය අවසන් කිරීම සඳහා දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිදු ගාස්තුවකින් තොරව විවෘත වන අතර ඇමරිකානු නාවික අවහිරතාවය ද අවසන් වන බවය. “ලෝකයේ නැව් සියල්ලම, ඔබේ එන්ජින් පණගන්වන්න. තෙල් ගලා යාමට ඉඩ හරින්න!” යනුවෙන් ට්‍රම්ප් එහි සටහන් කර තිබුණි. මේ අතර, ලබන සිකුරාදා දින ස්විට්සර්ලන්තයේදී මෙම ගිවිසුමට අත්සන් තබන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙම ගිවිසුමේ නිශ්චිත කොන්දේසි මොනවා ද යන්න මේ වන තෙක් අනාවරණය වී…