Close Menu
Lanka Focus News
    What's Hot

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද
    Hot News

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    By LFNSeptember 1, 2026No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා බැලීමට නියමිතව තිබේ.

    අගවිනිසුරු ප්‍රිති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිත බව ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

    22 යව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකිරීමට අවස්ථාව ලබාදී තිබුණි.

    ඊයේ (31) දිනය දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවූ අතර මෙම පෙනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතීයේ ආධිපත්‍යයට හානි වන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා කරන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යොමුකරන ලෙසත් ඉල්ලමින් පෙත්සම් ගොනුකෙරුණු අතර ඊට පක්ෂව සහ විපක්ෂව පෙත්සම් 40කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී තිබේ.

    ඒ අනුව අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයා විසින් පංච පුද්ගල විනිසුරුමඩුල්ලක් ඊයේ දිනයේ ප්‍රකාශයට පත්කළ අතර ඒ සඳහා අගවිනිසුරුවරයාට අමතරව අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් නම් කරනු ලැබීය.

    ඒ අනුව අද පෙරවරු 10 සිට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතව තිබේ.

    කෙසේවෙතත් පෙත්සම් විභාගය ආරම්භයේ දීම පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 13දෙනාම අසුන් ගතයුතු බවට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 13දෙනාම අසුන් ගතයුතු බවට සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වයන් ඉල්ලා තිබුණු බවය.

    ඒ අනුව අද උදෑසන පෙත්සම් සලකා බැලීම ආරම්භයේදීම සියලු පෙත්සම්කාර පාර්ශවයන් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බව අජිත්.පී. පෙර්රා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    මේ අතර මෙම යෝජිත 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නිසැකවම විරුද්ධ වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ස්ථාවරයට සහාය දක්වමින් දිවයින පුරා වෘත්තීය සංවිධාන සහ වෘත්තීය සමිති 40ක නියෝජිතයින් ඊයේ පස්වරුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කරගනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 202602 Views

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති සියලු පෙත්සම් අද (01) සලකා…

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.