එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබේ.
ඒ වෙනුවෙන් වූ සැමරුම් වැඩසටහන පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව අද පෙරවරු 9.00ට පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම සංවත්සර සැමරුම පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය.
1946 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය ආරම්භ වනු ලැබීය.
එහිදී පක්ෂ නායකයා ලෙස ඩී.ඇස්. සේනානායක මහතාද ලේකම් ලෙස එච්.ඩබ්ලිව්. අමරසූරිය සම භාණ්ඩාගාරිකවරු වශයෙන් මුස්ලිම් සිටුවරයෙකු හා සමාන ශ්‍රීමත් රාසීක් ෆරිඩ් මහතාද ජේ.ආර්. ජයවර්ධන මහතාණන් සමඟ තේරි පත් විය.
පක්ෂයේ වර්ණය ලෙස හරිත වර්ණයත් සලකුණ ලෙස ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා වූ අලියාත් තෝරාගත් ගනු ලැබීය.
1946 පක්ෂ ආරම්භයේ සිට මේ දක්වා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි දැවැන්ත නායකයින් රැසක් පක්ෂ නායකත්වයේ කටයුතු කළ අතර රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා පක්ෂ නායකත්වයේ කටයුතු මෙහෙයවනු ඇත.
