Author: LFN

බදුගෙවන්නා හදුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තවත් පුද්ගලයින් ලක්ෂ 04ක පමණ පිරිසක් ලබාගෙන නොමැති බව දේශීය අදායම් දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ මේ වන විට පුද්ගලයින් මිලියන 13කට වැඩි පිරිසක් ටින් අංකය ලබාගෙන ඇති බවයි. වයස අවුරුදු 18 සම්පූර්ණ වු සියලු පුද්ගලයින් ටින් අංකය ලබාගැනීම අනිවාර්යය කර ඇති අතර ඒ අනුව මෙරට පුද්ගයින් මිලියන 17ක පමණ පිරිසක් ටින් අංකය ලබා ගත යුතු වන බව සඳහන් වෙයි. මේ අතර, 2026 අංක 11 දරන දේශීය අදායම් සංශෝධිත පනත් කෙටුම්පතට අනුව මේ වනවිට විවිධ කාර්යයන් සදහා ටින් අංකය අනිවාර්යය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව බැංකු ගිණුම්…

Read More

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව , කල්පිටිය සිට කොළඹ, ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. නාවික සහ ධීවර ප්‍රජාවන් මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව සඳහන් වෙයි. මේ අතර, කන්කසන්තුරය සිට මන්නාරම…

Read More

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 37කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ශායි හෝප් ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 194කි. එහිදී දසුන් ශානක පන්දු 24ක් තුළ වේගවත් ලකුණු 58ක් ලබාගත්තේය. කමිල් මිෂාර ලකුණු 60ක් ලබාගැනීමට සමත් විය. පන්දුයැවීමේදී ශමර් ජෝසප් කඩුලු 03ක් සහ මැතිව් ෆෝර්ඩ් කඩුලු 02ක් දවාගත්තහ. ජයග්‍රහණය සඳහා ලකුණු 195ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 18.1ක් තුළ සියලු දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 157ක් පමණය.…

Read More

‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) දිනයේදී සිදු නොවන බව ඉරානය පවසයි. එරට විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක එස්මයිල් බගයි උපුටාදක්වමින් ඉරාන රාජ්‍ය මාධ්‍ය මේ බව සඳහන් කර ඇත. අමෙරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් නිමාවට පත් කරමින්, ස්ථිර සාමය උදා කිරීමේ අරමුණින් ‘ඉස්ලාමාබාද් සාම සංදේශය’ අත්සන් කිරීම හෙට (14) සිදු කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉරානය අවධාරණය කරන්නේ, අනෙක් පාර්ශවයේ පැකිලීම හේතුවෙන් අත්සන් කිරීමේ දිනය පිළිබඳ කිසියම් අදහසක් සම්බන්ධයෙන් ප්‍රවේශම්කාරි විය යුතු බවය. කෙසේවෙතත් ඉදිරි දිනවලදී ඉස්ලාමාබාද් සංදේශය අත්සන් කිරීමේ හැකියාව බැහැර කළ නොහැකි බව ද ඉරානය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Read More

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ හේරත්ගම හන්දිය ආසන්නයේදී ඊයේ (12) සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පියෙකි. ඔහු සිය 5 හැවිරිදි දරුවා ද වඩාගෙන මාර්ගයේ ගමන් කරමින් සිටියදී, පුත්තලම දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ දරුවා වහාම නිකවැරටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී පියා ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලබා සිටි දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති…

Read More

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී තිබේ. ඒ අනුව, මහ බැංකුව විසින් අද (12) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 341.36ක් ලෙස සටහන් වී ඇත. ඊයේ (11) වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැණුම් මිල රුපියල් 327.67ක් ලෙස සටහන් විය. එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 337.82ක් ලෙස ඊයේ ප්‍රකාශයට පත් කර ඇත.

Read More

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 324.66ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 335.39ක් වශයෙනි. ඊයේ (09) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 332.38ක් සහ රුපියල් 342.08ක් වශයෙනි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ “2026 අංක 02 දරන අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්  නිකුත් කර තිබේ. මෙම නව රීති පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන දිනයේ සිට බලපැවැත්වෙන අතර, මීට පෙර ක්‍රියාත්මක වූ 2024 සහ 2026 රීති සංශෝධනය කරමින් නව විධිවිධාන හඳුන්වා දී ඇත. නව  රීති අනුව චක්‍ර භාණ්ඩ හා සේවා අපනයනකරුවන්ට විදේශ මුදලින් ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ද  විධිවිධාන හඳුන්වා දී ඇති අතර, එම ආදායම්වලින් අවසරලත් ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මුදල ද එළැඹෙන මාසයේ 10 වැනි දිනට පෙර රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්කර තිබේ. ෂායි හෝප් (Shai Hope) ගේ නායකත්වයෙන් යුතුව මෙවර කණ්ඩායම මෙහෙයවනු ලබයි. මේ වසර ආරම්භයේදී පැවති ICC පිරිමි T20 ලෝක කුසලානයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගී වන මෙම තරඟාවලිය සඳහා කණ්ඩායමේ වෙනස්කම් රාශියක් සිදු කර ඇත. ජොන්සන් චාල්ස්, ක්වෙන්ටින් සැම්ප්සන් සහ ජේඩන් සීල්ස් යන ක්‍රීඩකයින් තිදෙනා සංචිතයෙන් ඉවත් කර ඇත. මේ අතර, ඇකීම් ඔගස්ටේ, ජුවල් ඇන්ඩෲ සහ ෂමර් ස්ප්‍රින්ගර් නැවත වරක් කණ්ඩායමට ඇතුළත් කර ඇත. බටහිර ඉන්දීය කොදෙව් සංචිතය (West Indies Squad) 1. ශායි හෝප් (Shai Hope – නායක) 2. ජුවෙල්…

Read More

ග්‍රෑන්ඩ්පාස් ලූකස් පාර හන්දිය අසලදී සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තොටලඟ හන්දිය දෙස සිට පෑළියගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රයිමූවර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ පැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක් වූ පැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ ප්‍රයිමූවර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි. පයාගල, මලේගොඩ දොඩංගොඩ මාර්ගයේ පහල අංගොඩ හන්දිය අසලදී දොඩංගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ගමන්කළ පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු හා යතුරුපැදිකරු කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස්…

Read More