Author: LFN
සංවිධානාත්මක අපරාධ, මත්ද්රව්ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසයි. එම පිරිස අතරින් 96දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් වන බව සඳහන් වෙයි. මේ අතර 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ මත්ද්රව්ය ඇතුළු සංවිධානාත්මක අපරාධ ක්රියාවලට සම්බන්ධ පුද්ගලයින් 37 දෙනෙකු මෙරටට ගෙනවිත් තිබේ. මීට අමතරව ජාත්යන්තර පොලිස් සහය මත පුද්ගලයින් 42දෙනෙකු මෙරටට රැගෙන ආ බව පොලිසිය සඳහන් කළේය.
තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවය. ඊයේ (28) රාත්රි කාලයේදී මෙම ඝාතනය සිදුකර ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ මහගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. තංගල්ල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලක් මත සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. මරණකරු හා ඔහුගේ සහෝදරයෙකු සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. වයස අවුරුදු 28ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට සහාය පළ කරමින් ශ්රේෂ්ඨාධිකරණයට තවත් අතරමැදි පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. ඉන් එක් පෙත්සමක් නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්ර මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, අනෙක් පෙත්සම විශ්රාමික හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ප්රධාන ලේකම් කේ. සරත් ලාල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කර ඇත. අදාළ පෙත්සම් මගින් සඳහන් කර ඇත්තේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත නීත්යානුකූල ආකාරයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය. ඒ අනුව, එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර චාරිත්රානුකූලව අවසන් කරමින් සිදුකරන දිය කැපීමේ චාරිත්රය අද (28) උදෑසන මහවැලි නදියේ ගැටඹේ තොටුපොළේ දී සිදුකරනු ලැබීය. ඇසළ පෙරහැර මංගල්යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (27) රාත්රියේ සාර්ථකව වීථි සංචාරය කරන ලදී. අනතුරුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර නැවත එම දේවාල වෙත පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු, කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ මහවැලි ගං තොට වෙත ගමන් කළේය. එහිදී සම්ප්රදායානුකූල දිය කැපීමේ මංගල්යය චාරිත්රානුකූලව සිදු කිරීමෙන් පසුව පෙරහැර නැවත මහනුවර ගණදෙවි කෝවිල දක්වා විත් ඉන් පසු ගෙඩිගේ රජමහා විහාරය වෙත ළඟා විය. ගෙඩිගේ රාජමහා විහාරයේ සිට අද ප.ව. 2:18ට උතුරු දිශාමුඛව පිටත්වන…
ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය එළිදැක්වීමේ විශේෂ උත්සවය සැප්තැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් 1 වනදා සිට ඇපල්හි නව ප්රධාන විධායක නිලධාරී ලෙස ජෝන් ටර්නස් වැඩභාරගන්නා අතර, මෙය ඔහුගේ නායකත්වය යටතේ පැවැත්වෙන පළමු ප්රධාන උත්සවයයි. ටිම් කුක් (Tim Cook) විධායක සභාපති ධුරයට පත්වේ. පළමු නමිය හැකි iPhone දුරකථනය iPad mini හි තිරයට සමාන ප්රමාණයකින් යුතු වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති. Memory chips හිඟය නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇපල් සමාගම සිය Mac සහ iPad මිල ගණන් ඉහළ නංවා ඇති අතර, සැපයුම් දාමයේ ගැටලු ද පවතී.
කිලිනොච්චිය, අරවියල් නගර් ප්රදේශයේදී ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක් ආරක්ෂක ගේට්ටුවක් නොමැති දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ මෝටර් රථයක ගැටී මාරක අනතුරක් සිදුව තිබේ. අනතුරින් මෝටර් රථයේ ගමන්කළ 17 හැවිරිදි සෙල්වනගර් ප්රදේශයේ පදිංචි දැරියක් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් තවත් අවුරුදු 9ක හා 16ක දැරියක් සහ දරුවෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කළ ඇත. ඔවුන් එකම පවුලේ සහෝදර සහෝදරියන් බව පොලීසිය පැවසීය. අනතුරින් මෝටර් රථය පැදවූ පියාට සහ එහි ගමන් කළ මවට අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කළේය.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශ සඳහා තද සුළං හා රළු මුහුදු ප්රදේශ සඳහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්රදේශ විටින් විට රළු වේ. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 2.0-2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. එබැවින් ධීවර සහ නාවික ප්රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස…
දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු ලබයි. සාමය හා සමානාත්මතාව පදනම් කරගත් ඉස්ලාම් දහම ලොවට දේශනා කළ මුහම්මද් නබි තුමන් අරාබියේ මක්කම නගරයේදී උපත ලැබුවේ ක්රිස්තු වර්ෂ 570 දීය. කුඩා කළ සිටම සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්ර වෙමින් යහපත් දිවි පෙවෙතක් ගත කළ ඔහු හතලිස්වන වියේදී අල්ලාහ් දෙවියන් විසින් නබිතුමන් වශයෙන් තෝරාගනු ලැබූ බව ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසය වේ. නබිතුමන්, ඉස්ලාම් දහමේ හර පද්ධතිය සිය දේශනාවෙන්, ක්රියාවෙන් සහ පරිත්යාගයෙන් ලොවට පෙන්වා දෙනු ලැබූ සුවිශේෂී ශාස්තෘවරයෙකි. මනුෂ්යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද මහත් උත්සවාකාරයෙන් සහ…
මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්ර භාර දුන්හ. මෙම නව රාජ්යතාන්ත්රික නිලධාරීහු පිරිස පිළිවෙළින්, බ්රසීලය, බංග්ලාදේශය, චීනය, ඔස්ට්රියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඩොමිනිකන් රාජ්යය, ඝානාව, බෲනායි ඩාරුසලාම්, සුඩානය, ගයනාව සහ පැනමා රාජ්යය නියෝජනය කරති. ඒ අනුව අද දින ජනාධිපතිවරයා වෙත අක්තපත්ර භාර දුන් නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පහත පරිදි වේ. තානාපතිවරුන් ලෙස : • Jorge Geraldo Kadri මහතා –බ්රසීල ෆෙඩරල් ජනරජයේ තානාපති • Wei Huaxiang මහතා – චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති • ආචාර්ය Robert Zischg මහතා –ඔස්ට්රියා ජනරජයේ තානාපති • Eric S. Meyer…
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් ‘බස් ලලිත්’ දිවයිනට රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ මධ්යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) වෙත රැගෙන ගියේය. අද (25) අලුයම 05.20ට ඩුබායි සිට ශ්රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් මොහුව කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසිනි. කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බස් ලලිත්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙලෙස කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත දැඩි ආරක්ෂක විධිවිධාන මධ්යයේ රැගෙන ගියේය. ‘බස් ලලිත්’ නැමැත්තාට මනුෂ්ය ඝාතන, අපරාධ සහ කප්පම් ගැනීම් සම්බන්ධ…