Author: LFN

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම ආසන්නයේ අද (28) රාත්‍රීයේ රිය අනතුරක් සිදුව තිබේ. අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ, ටිපර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී ඇත. ඉන් අනතුරුව ටිපර් රථයට පසුපසින් පැමිණි කොන්ක්‍රීට් මිශ්‍රණ රථයක් ටිපර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට පැවරී ඇති බලතල ප්‍රකාරව මැයි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. එම ගැසට් නිවේදනය පහතින්,

Read More

අමෙරිකාව සහ ඉරානය අතර සිදුවූ නවතම ප්‍රහාරවලින් පසු දෙපාශ්වයම තාවකාලික සටන් විරාමයක් සඳහා දළ සැලැස්මකට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් සටන් විරාමයකට තවමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබී නොමැති හෙයින් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබෙන තෙක් සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා දළ සැලැස්මකට එකඟවී තිබේ.

Read More

2026 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර තිහගොඩ පොලිස් වසමේ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය මුල් කරගෙන අද (29) විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. අද සවස 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන සර්වඥ ධාතු පෙරහර හේතුවෙන් මාතර – හක්මණ මාර්ගයේ තිහගොඩ ජාතික පාසල අසල සිට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය දක්වා මාර්ග කොටස තාවකාලිකව වසා තැබීමට නියමිතය. පෙරහර තිහගොඩ ජාතික පාසල අසලින් ආරම්භ වී මාතර දෙසට ගමන් කරමින් මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය අසලින් අවසන් වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව මාතර දෙස සිට මිද්දෙණිය හා හක්මණ දෙසට ගමන් කරන වාහන දියගහ හන්දියෙන් අපරැක්ක හරහා යටියන දෙසට ගමන් කර විකල්ප මාර්ග භාවිත…

Read More

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසීය. එමෙන්ම වෙසක් සතිය තුළ සංස්කෘතියට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. “ශ්‍රී ලංකා පොලීසිය රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි විශේෂීක ආරක්ෂ සැලැස්මක්, ඒ වගේම රථවාහන සැලැස්මක් මේ වනවිට සූදානම් කර තිබෙනවා. මෙවරත් අපි විශේෂයෙන් මහජනතාවට මතක් කරනවා මේ සෑම පූජනීය ස්ථායක්ම, විශේෂයෙන් දන්සල් සහ වෙසක් කලාප ආශ්‍රිතව සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් ඔබගේ ආරක්ෂාවට ඉන්නවා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපරික්ෂාකාරී අනතුරුදායක සහ පීඩාකාරි…

Read More

බදුරලිය පොලිසිය විසින් ලද තොරතුරක් මත සිදුකළ සොදිසි මෙහෙයුමකී කිලෝ 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත්ව තිබේ. තුඹගල්ල කන්ද ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී  කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 362යි මිලිග්‍රෑම් 87ක තොගයක් සොයාගැනීමට පොලිසියට හැකිව ඇත. කෙසේ නමුත් මත්ද්‍රව්‍ය තොගයේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති අතර, ඔවුන් සොයාගැනීම සඳහා බදුරලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ…

Read More

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අද (28) අනුමැතිය හිමිවිය. ‍ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවෙයි. මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වනු ලැබීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි සහ හයවැනි සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා. මෙම තීරණය මගින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක් සඳහා ප්‍රවේශය ලබාදෙන අතර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදී ඇති…

Read More

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය ආදී සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ. දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ පසු ආපදා තත්ත්වය සලකා සාමාන්‍ය ජනජිවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් පහත උපලේඛනයේ…

Read More

ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ යොමු කර රියදුරන් මුලාකර මුදල් සහ පෞද්ගලික දත්ත වංචා කිරීමේ සයිබර් ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) විසින්  මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. මාර්ගවල සවි කර ඇති CCTV කැමරා මඟින් රථවාහන වැරදි හඳුනාගෙන ඇති බව පවසමින්, පොලීසිය ලෙස හැඟෙන ආකාරයට ව්‍යාජ කෙටි පණිවුඩ (SMS) සහ WhatsApp පණිවුඩ යොමු කර මෙම වංචාව සිදු කරන බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මෙම ව්‍යාජ පණිවුඩ ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කරන ලද නිල දැනුම්දීම් ලෙස පෙනී යන අයුරින් සකස් කර ඇති අතර, ව්‍යාජ දුරකථන අංක සහ සබැඳි භාවිත කරමින් ජනතාව වෙත යොමු…

Read More