Author: LFN

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (25) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. අගෝස්තු 18 වන දින ආරම්භ වූ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වේ. මේ වෙනුවෙන් මාර්ග බාධක යෙදවීම, විශේෂ ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මඟ පෙන්වීම සහ රථවාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් පොලිසිය විසින් දියත් කර ඇත. ඒ අනුව පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා විකල්ප මාර්ග පහත පරිදි වේ. විකල්ප මාර්ග කටුගස්තොට සිට මහනුවර නගරයට…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඔහු සඳහන් කළේ ඊට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන බවය. කළුතර ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “ජී.එල් පීරිස්ගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරගෙන ඉන්නේ නැතිව පාරට බැහැලා කරන්න කියන්න. ජනහමු තියන්න කියන්න ජනතා ඒකරාශී කරගෙන.  එහෙම නැතිව ගෝඨාභයට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහට වඩා එකක් තියෙනවා, අරහෙට වඩා එකක් තියෙනවා. මෙහෙට එකක් තියෙනවා. ඒවා වැඩක් නැහැ. වචන…

Read More

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව, ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම අන්තර්ජාල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර පහසුකම ලබාදීමට කටයුතු යොදමින් සිටින බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දෙන ලදී. මේ අතර, දිවයින පුරා රියදුරන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව…

Read More

දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු කරන බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ, අනිද්දා පස්වරු 5.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී එම කටයුතු සිදු කරන බවය. මහජන ගෞරවය සඳහා ඇයගේ දේහය නුගේගොඩ විජයබා මාවත පිහිටා ඇති නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ හෙට (21) පෙරවරු 10.00 සිට තැන්පත් කෙරෙනු ඇත.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළේය. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දෙව්දත් පඩික්කල් ලකුණු 167ක් රැස් කළ අතර, කේ.එල්. රාහුල් ලකුණු 82ක් ලබා ගත්තේය. ධෘව් ජුරෙල් ලකුණු 51ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් දවාගත් අතර, කේශර නුවන්ත ලකුණු 175කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය. අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවාගත්තේය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඒ අනුව පන්දුවාර 116යි පන්දු 4කදී ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා විය.

Read More

සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ එම දේවාලයේ පෙරහැර අද උදෑසන 6 සිට දහවල් 2 දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බවය. පෙරහැර දේවාලය අසලින් ආරම්භ වී 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහා කඩුවෙල රාජසිංහ පාලම මතින් බණ්ඩාරවත්ත, බියගම ප්‍රදේශයට ගමන් කර දිය කැපීමේ චාරිතය අවසන් වීමෙන් පසුව නැවත එම මාර්ගයේම කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතව ඇත. ඒ අනුව පෙරහැර ගමන් ගන්නා කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය එම ප්‍රදේශය ඔස්සේ…

Read More

ඩුබායි හිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ශිරාන් බාසික්” නමැත්තා අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය. ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද රැගෙනවිත් තිබේ. අද රාත්‍රී 08:48ට Air Arabia ගුවන් සේවයේ 3.එල්.- 708 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර සිට සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබුණි. දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි. ශිරාන් බාසික් ඉකුත් 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබුණි. පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය. ඔහු ඉකුත් ඉරාන – අමෙරිකා යුද්ධයේදී, ඉරානය විසින් එක්සත් අරාබි…

Read More

ජපානයේ චිබා ප්‍රාන්තයේ දී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අදාළ ඝාතනය ඔහු සමග ලැගුම්හලේ සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදුකර ඇති බව සඳහන් වේ. දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමත් සමග මෙම පහරදීම සිදුව ඇති බව එරට පොලීසිය සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් වේ. සැකකාර 18 හැවිරිදි තරුණයා එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී තමාට සහ සිය තම මවට අපහාස කිරීම නිසා ඇති වු කෝපය පාලනය කරගත නොහැකිව මෙම පහරදීම…

Read More

සාංචිහි බෞද්ධ උරුමය සහ ගෘහ නිර්මාණ ශිල්පය දැක බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත්ව තිබේ. ඒ, ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ අශෝක අධිරාජයා විසින් ඉදිකළ, වර්තමානයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි සාංචි පුදබිමට පසුගියදා පැමිණි අවස්ථාවේදීය. බ්‍රික්ස් රටවල නියෝජිතයන් එහි පවතින පොහොසත් බෞද්ධ උරුමය, ඓතිහාසික කතාන්දර සහ සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව සිය ප්‍රසාදය පළ කර තිබේ. බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව, රුසියාව සහ තායිලන්තය ඇතුළු බ්‍රික්ස් රටවල් 11ක නියෝජිතයන් 42 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සංචාරයට එක්වූ බව සාංචි චේතියගිරි විහාරාධිකාරී පූජ්‍ය බානගල විමලතිස්ස හිමියෝ පැවසූහ. ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති…

Read More

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සාකච්ඡාවක් ලබා දී තිබේ. ඒ අනුව අද පස්වරු එකට අදාළ සාකච්ඡාව පවත්වන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය , විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක , සිවිල් සංවිධාන මෙන්ම ජාත්‍යන්තර නීති සංවිධානවලින් ද එල්ල වූ විරෝධය මධ්‍යෙය් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා අනුමත කරනු ලැබීය. ඒ අනුව, ඊට අදාළ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා ගැසට් පත්‍රයේ පළ කෙරුණි. එවන් පසුබිමක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව…

Read More