Author: LFN
අමෙරිකානු සැලැස්මකට අනුව ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාර නැවැත්වීමට හිස්බුල්ලා සංවිධානය එකඟ වී ඇති බවත්, ඒ වෙනුවට ලෙබනනයේ අගනුවර වන බේරූට් වෙත ප්‍රහාර එල්ල නොකිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවත් ලෙබනනය ප්‍රකාශ කරයි. අමෙරිකාවේ පිහිටි ලෙබනන තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ, “ප්‍රහාර අන්‍යෝන්‍ය වශයෙන් නැවැත්වීම සඳහා වන අමෙරිකානු යෝජනාව හෙස්බුල් සංවිධානය විසින් පිළිගත් බවට තහවුරු කිරීම් ලැබී ඇති” බවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ද මෙම එකඟතාව තහවුරු කර ඇති නමුත්, “හිස්බුල්ලා සංවිධානය අපගේ නගර සහ සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම නතර නොකරන්නේ නම්” බේරූට් වෙත එල්ල කරන ප්‍රහාර ඉදිරියටත් ක්‍රියාත්මක වන බවට අනතුරු ඇඟවීය. ලෙබනනය තුළ ඊශ්‍රායලය සිදුකරන මිලිටරි ක්‍රියාමාර්ග දැනට…
ඩීසල් මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ඉහළ නොදැමීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කිරීම සඳහා බස් සංගම් නියෝජිතයින් අද (02) රැස්වීමට නියමිතව තිබේ. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව බස් ධාවනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවය. මෙම සාකච්ඡාව සඳහා සියලු බස් සංගම් නියෝජිතයින් අද පෙරවරුවේ රැස්වීමට නියමිත බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. “අද අපේ නියෝජිතයින් සහ අනිත් සංගම් නියෝජිතයින් එනවා. විශේෂයෙන්ම සාකච්ඡා කරන්නේ, අපේ කර්මාන්තය ඉන්ධන ප්‍රශ්නයෙන් කොහොමද බේරගන්නේ කියලා. ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. ඒ අය යම් ප්‍රතිපත්තියක ඉන්නවා. කෙසේ වෙතත් දැන් මේ මොහොතේ කර්මාන්තය ගෙනියන්න,…
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) තීන්දු කළේය. ඒ අනුව, කොළඹ මහාධිකරණය විසින් ඔහුට පනවන ලද මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබ ඇත. මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. 2008 වසරේදී ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වෙලේ සුදා වරදකරු කෙරිණි. ඒ අනුව 2015 වසරේ ඔක්තෝබර් මස 14 වනදා කොළඹ මහාධිකරණය විසින්…
ශ්‍රී ලංකාවේ ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහන ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායන වල ආරම්භ කර තිබේ. ඒ අනුව අද සිට ශ්‍රී ලංකාවේ ගැබිනි මව්වරුන්ට හෙපටයිටීස් – බී – Hepatitis B virus තිබේදැයි සොයා බැලීමට රුධිරය පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි. දිවයිනේ සියලු මාතෘ සායන වලදී මෙසේ රුධිරය පරීක්ෂා කිරීම සිදු කරන බව දැනුම් දී තිබේ. මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශණය වැළැක්වීමට රුධිරය පරීක්ෂා කිරීම කලක සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය. එම ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන (Dual Elimination) සාර්ථක බවටත්, මවගෙන් දරුවාට මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය (HIV) හා උපදංශය (Syphilis) සම්ප්‍රේශනය වීම වැලැක්වූ රටක්…
අද (02) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකිය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද…
දිවයින පුරා පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් 16,000ක් වෙනුවෙන් නව නේවාසිකාගාර ව්‍යාපෘති 55ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය නිවේදනය කරයි. සරසවි සිසුන්ගේ නේවාසික පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් අදියර 3ක් යටතේ මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය දියත් කෙරේ. මෙහිදී ප්‍රධාන වශයෙන් Model A (සිසුන් 400 බැගින්) සහ Model B (සිසුන් 200 බැගින්) යන වර්ග දෙක යටතේ නේවාසිකාගාර ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම සමස්ත ව්‍යාපෘතිය යටතේ වැඩිම නේවාසිකාගාර සංඛ්‍යාවක් සහ ප්‍රතිලාභීන් පිරිසක් හිමිව ඇත්තේ සබරගමුව සහ රජරට විශ්වවිද්‍යාලවලටයි. (එක් විශ්වවිද්‍යාලයකට ව්‍යාපෘති 7 බැගින් සහ සිසුන් 2,200 බැගින්). දැනට පවතින ප්‍රගතිය අනුව…
ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වෙනි මාණ්ඩලික ප්‍රධානිය ලෙස පත් වූ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (01) යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් ඔහු සංකේතාත්මකව රාජකාරී භාර ගැනීම සිදු කළේය. ඒ මහතා මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් ද වේ. මෙම පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස සේවය කළ අතර, වර්තමානයේ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක ධුරය ද හොබවනු ලබයි.
කුලී ගමනක් යන බව පවසා ප්‍රසිද්ධ කුලීරථ සේවා ආයතනයක රථයකට නැග එහි රියදුරුගෙන් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (01)කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේ දීය. අධිකරණයේ දී පොලීසිය සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවය. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් පොලීසිය එහිදී පවසා ඇත. ඒ අනුව, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන්…
දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රියන් කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා පමණක් සීමා වන බව දුම්රිය දෙපාර්මේන්තුව පවසයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 9.30ට හලාවත බලා ධාවනය වූ දුම්රිය දහවල් 12.30ට පමණ හලාවත දුම්රිය වෙත ඇතුළු කිරීමේදී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවය. මෙම සිද්ධිය හේතුවෙන් පුත්තලම මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන්ගේ ගමන්වාර තාවකාලිකව මාදම්පේ දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබේ.
2026 වර්ෂයට බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සඳහා සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, බලපත්‍රය ලබාගෙන අඩ වර්ෂයක් ගතවූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර ගිනිඅවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබාගත යුතුබව ආරක්ෂක කවුන්සිලයෙන් සියළුම ජීවිතරාක්ෂක ගිනිඅවි අලුත්කර ගත් බලපත්‍රලාභීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලීසිය දැනුම්දෙයි. මින් ඉදිරියට සෑම අඩ වර්ෂයකම ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර ඉහත සඳහන් පරිදි පරීක්ෂා කර එම සහතිකය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත…