Author: LFN

සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුරබෝතල් මිලදී ගැනීම හා භාවිතය මැයි මස (31) සිට සම්පූර්ණයෙන්ම නතර කළයුතු වේ. රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් පසුගිය 15 වෙනිදා විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. එම චක්‍රලේඛය අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර තිබුණි. අදාළ චක්‍රලේඛයට අනුව මැයි මස 31වන දින සිට සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුරබෝතල් මිලදී ගැනීම හා භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළයුතු වේ. ඊට අමතරව තනි භාවිත ප්ලාස්ටික් ආයතනය තුළ භාවිතයෙන් වැළැක්වීම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් අවශ්‍ය…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Read More

මියන්මාරයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක පිහිටි ගමක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 55දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මියගිය පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමින් 30 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පතල් කැණීම් සදහා යොදා ගන්නා පුපුරණද්‍රව්‍ය හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව ද වාර්තා වේ.

Read More

මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනට පසුදින එනම් මැයි 31 වන දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පවසති. උන්වහන්සේ සඳහන් කළේ වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය. වෙසක් පොහොයට පසුදින එනම් 31 වනදා ශ්‍රී පාද උඩ මළුවේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ මාර්ග 4ක් ඔස්සේපැල්මඩුල්ලගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැර මගින් වැඩම කරවීම සිදුවන බව බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේය. එසේ වැඩම කල සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ ශ්‍රී පාද අවාරය…

Read More

මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම පසුපස තිබූ වංචාවක් අනාවරණය කර ගැනීමට මඩකලපුව පොලීසිය සමත්ව තිබේ. පියා විසින් හෝටල් කාමරයේ දොර පිටතින් වසා දමා ගොස් තිබූ අවස්ථාවක, එහි තිබූ මෙට්ටයකට ගිනිගෙන හටගත් අධික දුමාරය ආඝ්‍රාණය වීමෙන් මෙම දරුවන් දෙදෙනා මියගොස් තිබුණි. මෙලෙස මරණයට පත්වූයේ එකම පවුලේ අවුරුදු 3ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙක්ය. සිද්ධිය පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී, පෙර අනාවරණය වූ කරුණුවලට හාත්පසින් වෙනස් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. ඒ අනුව සැකකාර පියා මඩකලපුව පොලීසිය විසින් ඊයේ (28) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. පෙරදී වාර්තා…

Read More

පාපන්දු ලෝක කුසලානයේ ප්‍රවේශපත්‍ර මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය, අමෙරිකාවේ නිව්යෝර්ක් සහ නිව් ජර්සි නීතිපතිවරුන් විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවසන් මහා තරගය පැවැත්වෙන නිව් ජර්සි ක්‍රීඩාංගණය ඇතුළු ක්‍රීඩාංගණ කිහිපයක ප්‍රවේශපත් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම මෙලෙස විමර්ශන ආරම්භ කිරීමට හේතු වී තිබේ. ඇතැම් තරගවල ප්‍රවේශපත් මිලගණන් අමෙරිකානු ඩොලර් 1400 ඉක්මවා ඇති අතර නිව් ජර්සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රවේශ පත්‍රයක අවම මිල අමෙරිකානු ඩොලර් 16,100ක් ලෙස සටහන්ව ඇති බව සඳහන් වෙයි. මේ අතර, ප්‍රවේශපත් සඳහා ප්‍රේක්ෂකයන්ගේ පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙලෙස…

Read More

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ඔහුට එරෙහිව තීන්දුවක් ලබාදී ඇති පසුබිමක ඔහු මෙම තීරණය ගැනීම සුවිශේෂීය. මේ අතර කපිල පෙරේරා මහතා සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාවද දැනුම්වත් කර ඇති බවත්, ලේකම් ධුරයෙන් ඉවත් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයටද නිල වශයෙන් දැනුම් දී ඇති බවද වාර්තා වේ. මහාචාර්ය කපිල පෙරේරා මහතා විශ්වවිද්‍යාල සේවයේ සිට රාජ්‍ය සේවය වෙත පැමිණ ඇති අතර රජ්‍ය සේවයේ ඔහුගේ කාලය අවසන් වීමත් සමඟ මෙලෙස…

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව පිවිසුම ආසන්නයේ අද (28) රාත්‍රීයේ රිය අනතුරක් සිදුව තිබේ. අනතුරින් තිදෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ, ටිපර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී ඇත. ඉන් අනතුරුව ටිපර් රථයට පසුපසින් පැමිණි කොන්ක්‍රීට් මිශ්‍රණ රථයක් ටිපර් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

රට තුළ මහජන හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට පැවරී ඇති බලතල ප්‍රකාරව මැයි 28 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය. එම ගැසට් නිවේදනය පහතින්,

Read More

අමෙරිකාව සහ ඉරානය අතර සිදුවූ නවතම ප්‍රහාරවලින් පසු දෙපාශ්වයම තාවකාලික සටන් විරාමයක් සඳහා දළ සැලැස්මකට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් සටන් විරාමයකට තවමත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබී නොමැති හෙයින් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබෙන තෙක් සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා දළ සැලැස්මකට එකඟවී තිබේ.

Read More