Author: LFN
දැනට ක්‍රියාත්මක කරගෙන යනු ලබන QR ක්‍රමවේදය ඉදිරියේ දී තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අද (01) ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. මෙම අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පරිභෝජනය යම් ලෙසකින් සීමා කිරීමක් සිදු කිරීම මෙහි අරමුණ වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ ඔස්සේ ආර්ථිකයට සිදුවන බලපෑම යම්තාක් දුරට සමනය කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, “මේ අර්බුදය දිගින් දිගටම යෑම තුළ අපිට විශාල වශයෙන් ඉන්ධන පරිභෝජනය අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.…
සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් අද (1) කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මොහු විසින් රුපියල් ලක්ෂ 7ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී. සැකකරු විදේශ ගතවී සිට යලි දිවයිනට පැමිණි පුද්ගලයෙකු වන අතර, කඩුවෙල ප්‍රදේශයේ රැඳි සිටින බවට ලද තොරතුරක් අනුව මොහු අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිළධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන්…
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් දැනුම්දී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් හෙතෙම කීය. “නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකරන තිබුණත්, මේ පිළිබඳව යම් යම් තොරතුරු ප්‍රමාණයක් තිබුණා. මේ පිළිබඳව පොලිසිය අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉන්නවා. ඉදිරි කාලයේදී මේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් පියවර ගන්නවා. රතු සහ නිල් නිවේදන නිකුත් කර තිබෙනවා. ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීම ඉදිරියේදී කරනවා. ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම ගැන ඩුබායි රාජ්‍යයෙන් නිල දැනුම්දීමක් නැහැ. ඇතැම් තොරතුරු සමාජ මාධ්‍යයේ…
බහාලුම් ප්‍රවාහන ගාස්තු 5% කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි. එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා අද(01) පැවැති මාධ්‍ය සාකච්ඡාවක් එක්වෙමින් පවසා සිටියේ, අද සිට මෙම ඉහළ දැමීම සිදුකරන බවය.
මීගොඩ පැවැති වෙසක් දන්සලකදී පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැඳවූ කැබ් රථයේ රියදුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියෝග කර තිබේ. සැකකරු අද (01) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 16 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
මියන්මාරයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක පිහිටි ගමක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 55දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. මියගිය පිරිස අතර කාන්තාවන් 25 දෙනෙකු සහ පිරිමින් 30 දෙනෙකු සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. පතල් කැණීම් සදහා යොදා ගන්නා පුපුරණද්‍රව්‍ය හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බව ද වාර්තා වේ.
ලොව වඩාත් තරගකාරී මෙන්ම ධනවත්ම ලීග් ක්‍රිකට් තරග මාලාව වන, ඉන්දියන් ප්‍රීමියර් ලීග් 2026 තරගාවලිය මීට සුළු මොහොතකට පෙර තියුණු අවසාන මහා තරගයකින් පසු නිමාවට පත්විය. එහිදී ලකුණු 156 ක ඉලක්කයක් හබා ගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම පන්දුවාර 18කදි කඩුලු 5ක් දැවි ලකුණු 161 ලබා ගනිමින් 2026 IPL කිරුළ තමන් සතු කරගැනීමට සමත්විය. ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංණයේදි තරගයේ කාසියේ වාසිය දිනු රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝරු නායකයා පළමුව පන්දුවට පහරදීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 26කදි දවාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පන්දු යවන්නනෙ සමත්විය. ගුජරාට් ටයිටන්ස්…
දිට්වා සුළි කුණාටුවෙන් පොදු ස්ථාන වලට සිදු වූ හානි මේ දක්වා පිළිසකර කිරීමට නොහැකි වී ඇත්තේ නිලධාරීන් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පොදු ස්ථානවලට සිදු වූ හානි සදහා නිසි තක්සේරුවක් මේ දක්වා සිදු කර නොමැති බවය. දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උමා ඇළ මහා වාරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, “ලෝකයම දන්නවා මස්පන්නේ බස් නැවතුම්පොළ මහා විනාශයක් වුණා කියලා. බස් පිටින් යට වුණානේ. මම නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි මස්පන්නේ බස් නැවතුම්පොළ හැදුවේ නැත්තේ? ඇයි ඇස්තමේන්තුව…
බ්‍රසීලයේ ඉබෝලා වයිරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා යොමු කර තිබේ. සාඕ පවුලෝ සහ රියෝද ජෙනෙයිරෝ නගරවල පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස නිරෝධායන ක්‍රියාවලිය යටතේ ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උගන්ඩාවේ සිට පැමිණි බෙල්ජියම් ජාතිකයකු සහ කොංගෝ ජාතිකයකුට උණ ඇතුලු සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් අදාළ ප්‍රතිකාර සදහා යොමු කර ඇති බව සදහන්. ඔවුන්ට ඉබෝලා වයිරසය ආසාදනය වී ඇත්ද යන්න සිදු කළ පරීක්ෂණ වාර්තා එළඹෙන සතියේදී ලැබෙනු ඇතැයි බ්‍රසීල සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කර ඇත.
මීගොඩ ප්‍රදේශයේ දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට කැබ්රථයක් ධාවනය වීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් තුවාල ලැබූ තවත් කුඩා දරුවෙකු ඇතුළු 7දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසුවේය. අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් මීගොඩ මංසන්ධියේ පැවති දන්සැලක පෝලිමක සිටි පිරිසක් දෙසට ධාවනය වී ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේදී අදාළ දන්සැල් පෝලිමේ සිටි වයස අවුරුදු 15, 32, සහ 56 හැවිරිදි කාන්තාවන් තිදෙනෙකු, වයස අවුරුදු 35 සහ 38 වයස්වල පසු වන පිරිමි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇත. මියගිය පිරිස අතර පාදුක්ක ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සහ පිළියන්දල ප්‍රදේශයේ…