Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනය ගැන සාකච්ඡාවක්
    Hot News

    පුද්ගලික ආරක්ෂක නියෝජිතායතන පනත සංශෝධනය ගැන සාකච්ඡාවක්

    By LFNJuly 30, 2026No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්‍ෂක නියෝජිතායතනවල කටයුතු වඩාත් විධිමත් කිරීම, පාලනය කිරීම සහ ඊට අදාළ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.

    ඒ, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ද සහභාගී විය.

    පවතින පනතේ ඇති අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කරමින් අදාළ පනත සංශෝධනය කර බලාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි.

    මෙහිදී දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්ෂක ආයතනවල වත්මන් තත්ත්වය, නීතිමය රාමුව සක්‍රිය කිරීම හා කාලීන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම මෙන්ම, එම ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටලු පිළිබඳව ද දීර්ඝ ලෙස අවධානය යොමු කළ බව සඳහන්ය.

    එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පුද්ගලික ආරක්‍ෂක ක්ෂේත්‍රය යනු රාජ්‍ය හා පෞද්ගලික දේපළ සුරක්ෂිත කිරීමට සෘජුවම දායක වන වැදගත් ක්ෂේත්‍රයක් බවය.

    එම ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමත්, නීත්‍යනුකූල පටිපාටියකට අනුව පවත්වා ගෙන යාමත් අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

    තවද, මෙම නියෝජිතායතන වෙත මනා පුහුණුවක් ලත් ආරක්‍ෂක නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් සඳහා ආරක්‍ෂක නිශ්කාශන වාර්තා ලබාගැනීම, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, හිමි විය යුතු නිසි වැටුප් හා පහසුකම්
    ලබාදීම මෙන්ම සේවයට අදාළ ගුණාත්මක පුහුණුවක් ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය.

    මෙම කරුණු බලාත්මක කිරීම සඳහා වන නෛතික රාමුව නව සංශෝධන මගින් ක්‍රියාත්මක කිරීමට මෙමගින් බලාපොරොත්තු වන වැඩිදුරටත් සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.