Close Menu
Lanka Focus News
    What's Hot

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අද

    November 28, 2026

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    November 26, 2026

    උද්ධමනය පාලනයට පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බව හිටපු මුදල් ඇමති රවී කියයි

    November 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අද
    Hot News

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අද

    By LFNNovember 28, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (28) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

    ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

    අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයේ 6වැනි දිනය අදයි.

    ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඉකුත් 12 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට අදාළ දෙවනවර කියවීමේ විවාදය 13 වනදා සිට ඇරඹුණි.

    ඒ අනුව දින 7ක කාලයක් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම ඉකුත් 20 වැනිදා පස්වරුවේ පැවැත්වුණි.

    එහිදී 2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 97 කින් සම්මත වුණු අතර  අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද විපක්ෂව ඡන්ද 60ක් ද ලැබුණි.

    අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් තෙවන වර කියවීමේ විවාදය පසුගිය 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක කාලයක් පුරා පැවැත්වෙයි.

    රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30 ට මෙම අයවැය විවාද වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

    ඒ අනුව 2027 අයවැය පිළිබඳ අවසාන ඡන්ද විමසීම එනම් තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6 ට පැවැත්වෙනු ඇති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    November 26, 2026

    උද්ධමනය පාලනයට පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බව හිටපු මුදල් ඇමති රවී කියයි

    November 25, 2026

    කඩුගන්නාවෙන් පාර ඇරෙයි

    November 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,487 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,437 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – 2027 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අද

    November 28, 202605 Views

    අද (28) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ, කථානායක වෛද්‍ය…

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    November 26, 2026

    උද්ධමනය පාලනයට පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බව හිටපු මුදල් ඇමති රවී කියයි

    November 25, 2026

    කඩුගන්නාවෙන් පාර ඇරෙයි

    November 24, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.