Close Menu
Lanka Focus News
    What's Hot

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    November 26, 2026

    උද්ධමනය පාලනයට පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බව හිටපු මුදල් ඇමති රවී කියයි

    November 25, 2026

    කඩුගන්නාවෙන් පාර ඇරෙයි

    November 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්
    Hot News

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    By LFNNovember 26, 2026Updated:November 26, 2026No Comments2 Mins Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියන් සාගර කලාපයේ පොදු සහ නව ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා සාමාජික රටවල් අතර සංවාදය, අන්‍යෝන්‍ය සහයෝගීතාව සහ සාමූහික ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමේ කාලීන අවශ්‍යතාව ආරක්ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) අවධාරණය කරයි.

    මාලදිවයිනේ මාලේ නුවරදී අද (ඊයේ 25) පැවති කොළඹ ආරක්‍ෂක සමුළුවේ (Colombo Security Conclave – CSC) 8 වැනි ජාතික ආරක්‍ෂක උපදේශකවරුන්ගේ (National Security Advisors-NSA) රැස්වීම සඳහා සහභාගී විය.

    එහිදී ආරක්ෂක ලේකම්වරයා ප්‍රධාන කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කළේය.

    නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන “රටම එකට” ජාතික මෙහෙයුම පිළිබඳව කරුණු පැහැදිලි කළ එතුමා, සැපයුම් ජාල අඩපණ කිරීමට සහ පුනරුත්ථාපනයට ගෙන ඇති පියවර පෙන්වා දුන්නේය.

    නීතිවිරෝධී ධීවර කටයුතු (IUU Fishing) මැඩපැවැත්වීමට ඒකාබද්ධ නිරීක්ෂණ සහ තොරතුරු හුවමාරුව පුළුල් කිරීම මෙන්ම, මුහුද යට සන්නිවේදන කේබල් පද්ධති ආරක්ෂා කිරීම සඳහා කලාපීය ප්‍රතිචාර යාන්ත්‍රණයක වැදගත්කම සඳහන් කළේය.

    මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ලද අත්දැකීම් සිහිපත් කරමින්, පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම, හදිසි ප්‍රතිචාර සම්බන්ධීකරණය සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

    සමුද්‍රීය සුරක්ෂිතතාව, ත්‍රස්තවාදය හා අන්තවාදය මැඩපැවැත්වීම, අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධ මැඬලීම සහ සයිබර් ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීමට ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම එතුමා යළිත් තහවුරු කළේය.

    සාමකාමී, ආරක්ෂිත සහ සෞභාග්‍යමත් ඉන්දියන් සාගර කලාපයක් ගොඩනැගීම සඳහා සාමාජික රටවල් සතු සාමූහික වගකීම සිහිපත් කළ ආරක්ෂක ලේකම්වරයා, රැස්වීම සඳහා සත්කාරකත්වය ලබා දුන් මාලදිවයින් රජයට සිය කෘතඥතාව පළ කළේය.

    මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික බුද්ධි ප්‍රධානී, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු සහ සාර්ක් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් වරුණි මුතුකුමාරණ මහත්මිය සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චින්තක අබේකෝන් මහතා ද සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    උද්ධමනය පාලනයට පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බව හිටපු මුදල් ඇමති රවී කියයි

    November 25, 2026

    කඩුගන්නාවෙන් පාර ඇරෙයි

    November 24, 2026

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,487 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,436 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    පොදු ආරක්ෂක අභියෝග ජය ගැනීමට කලාපීය සහයෝගීතාව ශක්තිමත් කළ යුතුයි – ආරක්ෂක ලේකම්

    November 26, 202600 Views

    ඉන්දියන් සාගර කලාපයේ පොදු සහ නව ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සඳහා සාමාජික රටවල් අතර සංවාදය,…

    උද්ධමනය පාලනයට පොළී අනුපාත ඉහළ දැමීම රටට අහිතකර බව හිටපු මුදල් ඇමති රවී කියයි

    November 25, 2026

    කඩුගන්නාවෙන් පාර ඇරෙයි

    November 24, 2026

    විසි ලක්ෂයේ සංචාරකයා අද දිවයිනට

    November 20, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.