Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සූකර රක්ෂණය ප්‍රවර්ධන මාසයක්
    Hot News

    සූකර රක්ෂණය ප්‍රවර්ධන මාසයක්

    By LFNJuly 30, 2026No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් සූකර රක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ මාසයක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණය මත සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර සත්ව පාලන ගොවින් වෙත හඳුන්වා දීමට කටයුතු කර තිබුණි.

    මෙහිදී අගෝස්තු මාසය සූකර රක්ෂණ මාසයක් ලෙස ප්‍රකාශයට පත්කර අභිජනන සූකර සතුන් රක්ෂණය සඳහා යොමු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සකස් කර ඇත.

    තවද, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ වාණිජ මට්ටමින් නඩත්තු කරනු ලබන සූකර ගොවිපලවල් හි අභිජනන සතුන් රක්ෂණයට ඇතුළත් කරගැනීමද බලාපොරොත්තු වේ.

    අප්‍රිකානු සූකර උණ වසංගතය, හදිසි අනතුරු හා වෙනත් සූකර රෝග හේතුවෙන් සිදුවන මරණ සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.

    මෙහිදී රක්ෂණ කාලය තුළ අභිජනන සතුන් සඳහා මාස 06 සිට අවුරුදු 4 % දක්වා වාර්ෂිකව රු.200,000/- ක උපරිම රක්ෂිත මුදලකට යටත්ව රක්ෂණ ආවරණ ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

    රක්ෂණ ක්‍රමවේදයට අදාළ තොරතුරු ඔබේ ප්‍රදේශයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය, පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය, සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන් මඟින් හෝ අපගේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1918 ඇමතීමෙන් ද ලබාගත හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.