Author: LFN

කෝපි වගාව සඳහා රක්ෂණාවරණයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ. ඒ දේශීය හා විදේශීය ‍වෙළඳපොළ තුළ ඉතා ඉහළ වටිනාකමක් සහිත කෝපි වගාව මෙරට තුළ ව්‍යාප්තිය වැඩිකිරීමේ අරමුණ මතය. කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගත යුතු අතර ඊට යටත්ව සිදු කරන වගාවන් සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වාදීමට නියමිත බව සඳහන්‌ වේ.‍ මෙහිදී, කෝපි පැල සිටුවීමෙන් අනතුරුව පළමු වර්ෂ තුන සඳහා ඒ ඒ වර්ෂවලට අදාළව රක්ෂිත මුදලින් සියයට හතක වාර මුදලක් යටතේ රක්ෂණාවරණයක් නිකුත් කරනු ඇත. ඒ අනුව පළමු වර්ෂය සඳහා රුපියල් 510,000ක් ද දෙවන වර්ෂය සඳහා රුපියල් 660,000ක් ද තෙවන වර්ෂ සඳහා රුපියල් 840,000 වශයෙන්…

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ගනු ලබන ඉදිරි හමුදා ක්‍රියාමාර්ග අත්හිටුවීම සඳහා සකස් කළ යෝජනාවක් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (US House of Representatives) විසින් සම්මත කර තිබේ. මෙය ජනාධිපතිවරයාගේ යුද ප්‍රතිපත්තියට එල්ල වූ දැඩි දේශපාලන බලපෑමක් ලෙස සැලකේ. පසුගිය පෙබරවාරි මාසයේදී ආරම්භ වූ මෙම ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනාධිකාරිය වෙත තම අකමැත්ත ප්‍රකාශ කරමින්, රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂය සමඟ එක්විය. ඒ අනුව මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 215ක් සහ විපක්ෂව ඡන්ද 208ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන යුද බලතල පාලනය කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ගත් සිව්වන උත්සාහය…

Read More

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබේ. බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත. ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකිය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත් වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-5 පමණ තද සුළං ඇති විය හැක.

Read More

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ගුවන්තොටුපොළ පහසුකම්වලටද ප්‍රහාරයෙන් හානි සිදුවී ඇති බවත්ය. ප්‍රහාරයෙන් පසු කුවේටය ගුවන්ගමන් සහ ගුවන්ගමන් මෙහෙයුම් අත්හිටුවා ඇත. අද (03) උදෑසන එල්ලවී තිබූ එම ප්‍රහාර හමුවේ තුවාලකරුවන්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ

Read More

ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ගුවන්තොටුපොළ පහසුකම්වලටද ප්‍රහාරයෙන් හානි සිදුවී ඇති බවත්ය. ප්‍රහාරයෙන් පසු කුවේටය ගුවන්ගමන් සහ ගුවන්ගමන් මෙහෙයුම් අත්හිටුවා ඇත. අද (03) උදෑසන එල්ලවී තිබූ එම ප්‍රහාර හමුවේ තුවාලකරුවන්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

Read More

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පුණානි ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන්ගත් තවත් තිදෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඔවුන් අතර සිටි වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත. අනතුරින් ටිපර් රථයද පෙරළී ගොස් ඇති අතර එහි රියදුරුද තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

Read More

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ මස්කැටින් (Muscatine) වරාය නගරයේ ස්ථාන කිහිපයක සිදු වූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට පොලිසිය සඳහන් කරයි. ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරු ද වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ. මූලික පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඛේදජනක සිදුවීම හටගෙන ඇති බවයි. මිසිසිපි ගඟ අසල පිහිටි මෙම නගරයේ සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු බලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

රථවාහන වැරදි සම්බන්ධයෙන් CCTV දර්ශන පදනම් කරගෙන දඩ මුදල් අය කරන බව පවසමින්, රියදුරන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන මූල්‍ය වංචාවක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි. වංචාකරුවන් විසින් විදේශීය දුරකථන අංක භාවිත කරමින් SMS හෝ WhatsApp හරහා ජනතාව වෙත ව්‍යාජ පණිවිඩ එවනු ලබන අතර එහි දැක්වෙන්නේ අදාළ පරිශීලකයා විසින් සිදුකරන ලද රථවාහන වරදක් CCTV මගින් නිරීක්ෂණය වී ඇති බවයි. මෙම ව්‍යාජ දඩ මුදල ගෙවීම සඳහා එම පණිවිඩය සමඟ දැනට ලැබී ඇති තොරතුරු අනුව වංචාකරුවන් විසින් https://thecourierguy.eu.cc/lk නැමැති සබැඳියක් (Link) මහජනතාව වෙත ලබා දෙනු ලබයි. මෙම ව්‍යාජ වෙබ් අඩවිය රජයේ නිල ‘Gov Pay’ වෙබ් අඩවියට සමාන වන ලෙස…

Read More

නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපරකරණ සමඟ දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව, දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම පිරිස ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු ‍24, 27 සහ 37 වයස්වල පසුවන අකරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More