Author: LFN

පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුන බැගින් අල්ලස් ඉල්ලා සිටියේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. දෙපාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් සැකකරු ලබන 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

Read More

කාන්තා සෞඛ්‍යය යනු හුදෙක් “කාන්තාවන්ගේම ගැටලුවක්” පමණක් නොව, එය සෑම පවුලකම පැවැත්මේ අඩිතාලම වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය වෙනුවෙන් සිය නිල සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඒ මහතා මේ බව අවධාරණය කර ඇත. අදාළ සටහන මඟින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ අපගේ නිවෙස් තුළ වැඩිම රැකවරණ බරක් උසුලන කාන්තාවන්ට, අන් අය රැකබලා ගැනීම වෙනුවෙන් තමන්ගේම සෞඛ්‍යය සහ යහපැවැත්ම නොසලකා හැරීමට සිදු නොවිය යුතු බවයි. එහිදී ඒ මහතා මෙසේද ප්‍රශ්න කර සිටී, “අපේ මව්වරුන් සහ දියණියන් තමන් විඳින වේදනාවන් නිහඬව විඳදරාගත යුතු යැයි අපේක්ෂා කරන, ඒ වෙනුවෙන් විවෘතව කතා කරන හෝ සහාය පතන අයව විවේචනයට…

Read More

ඉන්දියාවේ කොල්කටාහි ඉදිකර ඇති අඩි 70ක් පමණ උසැති ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී‍ගේ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ. එම පිළිරුව සුළඟට සෙලවීම බලධාරින් විසින් නිරීක්ෂණය කිරීම හේතුවෙන් මෙම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙසි ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර ඊට සමගාමීව මෙම පිළිරුව විවෘත කරන ලදී. මෙම ප්‍රතිමාව අනාරක්ෂිත බව ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිලිවලට අනුව පසුගිය සඳුදා දින මෙම ප්‍රතිමාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය වෙනත් ස්ථානයකට රැගෙන යාමට නියෝග කර ඇත. එය කාර්යබහුල සහ උමං මාර්ගයකට ආසන්නයේ පිහිටා ඇති අතර ඒ අසළින් ගමන් කිරීම ජනතාවට තහනම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය…

Read More

ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට දීමේ දෙවන අදියර මේ වනවිට ආරම්භ කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ ඌණ උපයෝජිත ඉඩම් හඳුනාගෙන, ඒ්වා වඩාත් ඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට අනුවය. ඒ අනුව අමාත්‍යාංශය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලා සමාගම යන ආයතන සතු ඌණ උපයෝජිත ඉඩම් හා දේපළ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජිකයින්ගේ ද අභිලාෂ ප්‍රකාශ කිරීම් මේ වනවිටත් කැඳවා ඇති බව…

Read More

මෙරට විවිධ අපරාධවලට සම්බන්ධ වී විදෙස්ගත සැඟව සිටින රතු නිවේදන නිකුත් කර ඇති අපරාධකරුවන් 89 දෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටි අපරාධකරුවන් 8 දෙනෙකු ඊයේ (27) රාත්‍රියේ මෙරටට ගෙන්වාගත් බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා, “22 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට සැකකරුවන් 19 දෙනෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු ඇතුළු 21ක් දෙනෙක් ගෙන්න ගත්තා. ඔවුන් මේ වනවිට විශේෂිත වූ අංශ හරහා විමර්ශන කටයුතුවල යෙදිලා තියෙනවා. ඒ වගේම පෙරදින රාත්‍රී  ඒ කියන්නේ 27…

Read More

දකුණු කළුතර ප්‍රදේශයේ අද (28) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෝටර් රථයක ගමන් ගත් පිරිසක් විසින් යතුරු පැදියක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු මියගොස් තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (27) රැස් වු අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවිමට නියමිතව තිබේ. විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මුල්‍ය පහසුකමක් අනුමත කරනු ලැබීය. එහි පස් වන සහ හය වන සමාලෝචනය අනුමත කිරීම සඳහා IMF විධායක මණ්ඩලය ඊයේ රැස් වු අතර එම රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ…

Read More

අමෙරිකානු හමුදාවන්ට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන වාණිජ නාවික ගමනාගමනයට තර්ජනයක් යැයි සැකකෙරෙන ඉරානයේ හමුදා කඳවුරක් ඉලක්ක කරගනිමින්, අමෙරිකානු මිලිටරිය විසින් ඊයේ රාත්‍රියේ නව ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව අමෙරිකානු නිලධාරියෙක් ප්‍රකාශ කර තිබේ. තම අනන්‍යතාව හෙළි නොකිරීමේ කොන්දේසිය මත අදහස් දැක්වූ මෙම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනිම තර්ජනයක් එල්ල කළ ඉරාන නියමුවන් රහිත ඩ්‍රෝන යානා කිහිපයක් ද අමෙරිකානු හමුදාව විසින් වටලා බිම හෙළා ඇති බවය. පෙබරවාරි 28 වෙනිදා අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරත් සමඟ ආරම්භ වී, දහස් ගණනකගේ ජීවිත බිලිගනිමින් සහ ලෝක බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ නංවමින් මාස තුනක් තිස්සේ ඇදී යන මෙම යුද්ධය අවසන් කිරීම සඳහා සාම…

Read More

කොල්ලුපිටියේ, ගාලු පාරේ පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා බලපත්‍ර නොමැතිව මුදලට සූදු ක්‍රීඩාවේ යෙදවීම සම්බන්ධයෙන් විදෙස් ජාතිකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (27) රාත්‍රියේ එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 27ත් 48ත් අතර වයස්වල පසුවන චීන ජාතික සැකකරුවන් පිරිසකි. කොල්ලුපිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු මෙරටට එවා තිබේ. ඔවුන් පිරිස ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වයන්ට අදාළ ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරවල ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන තමන් සන්තකයේ තබා ගනිමින්, ඒවාට සමාජ මාධ්‍ය ඔස්සේ  ‘Like’ පළ කිරීම සහ අදහස් දැක්වීම ‘Comments’ හේතුවෙන් මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. පිටුවහල් කර ඇත්තේ අවුරුදු 23ත් 33ත් අතර වයස්වල පසුවන අම්බලන්ගොඩ, මාරපන, බොරැල්ල, බණ්ඩාරගම, පොළොන්නරුව සහ වත්තල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි. මෙම සැකකරුවන් කටුනායක…

Read More