Author: LFN

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය. ගිගුරුම් සහිත වැසි…

Read More

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන ඊදුල් අල්හා හජ් උත්සවය අදට යෙදී ඇති අතර, එයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සුබ පැතුම් එක්කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සපයා දෙන බවය. මේ අතර, ජාතිය සහ පුද්ගල තරාතිරම් නොතකා ලොව නන් දෙසින් පැමිණෙන සියලු ඉස්ලාම් බැතිමතුන් එක්ව ආගමික වතාවත් ඉටු කරන මෙම අවස්ථාව සමානාත්මතාවය සහ සහෝදරත්වය පිළිබඳ මහඟු ආදර්ශය ලෝකයට ගෙන යන බවද ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ. සාමය, සහෝදරත්වය සහ පරිත්‍යාගය සංකේතවත් කරන හජ් සැමරුමේ…

Read More

ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 2022 වසරේ දත්ත අනුව මෙරටින් පිළිකා රෝගීන් 35,855ක් හදුනාගෙන ඇති තිබේ. එම දත්ත අනුව නව පිළිකා රෝගීන් 99 දෙනෙකු දෛනිකව වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු, “පසුගිය අවුරුදු 20ක පමණ දත්ත බැලුවොත් අපිට තුන් ගුණයක පමණ සංඛ්‍යාත්මකව වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. ඒ වගේම පිළිකා රෝගය පිළිබඳව ජනතාව අතර දැනුවත්භාවය වැඩිවීම නිසා කලින් හඳුනාගැනීම සහ වෙනත් හඳුනා…

Read More

මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආග්‍රහණය වීමෙන්, එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අද (27)  ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුදු 3ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙක්ය. මියගිය දරුවන්ගේ මව පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මඩකලපුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම දරුවන් දෙදෙනා, තම පියා සමග මව බැලීම සඳහා පැමිණි අවස්ථාවේ මෙලෙස හෝටලයේ තාවකාලිකව නැවතී සිට තිබේ. එලෙස සිටියදී පියා විසින් දරුවන් දෙදෙනා කාමරය තුළ තබා, එහි දොර අගුළු දමා පිටතට ගොස් ඇත. එම අවස්ථාවේදී දරුවන් දෙදෙනා ලයිටරයක් ආධාරයෙන් සෙල්ලම් කරමින් සිට ඇති අතර, එහිදී ඇඳන් දෙකක් තිබූ එම කාමරයේ එක්…

Read More

තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ අද (27) නවදිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. එහිදී ප්‍රාන්තයට අදාළ කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තමිල්නාඩුවේ බලයට පත්වීමෙන් පසු විජේ නවදිල්ලිය වෙත ගිය ප්‍රථම අවස්ථාව ද මෙය වන බව සඳහන් වේ. මෙහිදී සුබසාධන සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා මූල්‍ය ආධාර ලබා ගැනීම, ප්‍රධාන සංවර්ධන මුලපිරීම් සඳහා අවසර ලබා දීම සහ මතභේදාත්මක Mekedatu ජලාශයේ ජල ආරවුල මැදිහත් වීම ඇතුළු තමිල්නාඩුවේ දිගුකාලීන ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ඔහු අග්‍රාමාත්‍යවරයාට සංදේශයක් ඉදිරිපත් කර ඇත.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින ජාතික නිදහස් පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ. ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළ බවයි. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටිමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 14 යළි කැඳවන…

Read More

මහානායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීමට ගරු කරමින්, 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. භික්ෂූන් වහන්සේලාගේ විනය ගැටලු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ බලය සහිත ‘ධර්මාධිකරණයක්’ නැවත පිහිටුවීම සඳහා මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. රාජ්‍ය වෙසක් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී අද (27) පස්වරුවේ ආරම්භ විය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ධර්මාධිකරණයක් පිහිටුවීම සඳහා ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන් වහන්සේගේ නියෝජනයත්, නීතිපතිතුමත් සහ රජයේ පාර්ශවේ නියෝජනයත් ඇතිව පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරු අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවය. ඒ…

Read More

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා අද (27) පස්වරු 4.30 සිට හෙට පස්වරු 4.30 දක්වා වලංගු වන පරිදි විශේෂ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර එහි මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි. එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 – 3.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවද සඳහන්. ඒ අනුව…

Read More

පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ ඊ මේල් පණිවුඩ ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සහ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිතා කරමින් අදාළ විද්‍යුත් තැපැල් ජාලය ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි. ඒ අනුව සැකකටයුතු, තර්ජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් එවන ලද විද්‍යුත් තැපෑලක් වෙත පිළිතුරු සැපයීමෙන් වැළකී සිටින ලෙසත් එම පණිවුඩවල ඇති සබැඳිවලට පිවිසීමෙන් වලකින ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර, මෙවැනි අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති…

Read More

2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මැයි 30 සහ 31 දෙදින දිවයින පුරා සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සුරාබදු කොමසාරිස් ජනරාල් ප්‍රේමරත්න බණ්ඩාර මහතා මේ බව පැවසීය.

Read More