Author: LFN

හැටන්, තිකෝය ප්‍රදේශයේදී යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (27) අලුයම 5.45 පමණ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් පලා ගොස් තිබේ. මූලික විමර්ශනවලට අනුව මොහු මීට පෙර හාලිඇළ, වත්තවෙල, වික්ටන්, තිකෝය, ලිඳුල, බෝගවන්තලාව, පුස්සැල්ලාව, ඇඟලුම් සහ පිළියන්දල යන ප්‍රදේශවල සැරිසරා ඇත. එසේම, මොහු විවිධ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ බවටද හෙළි වී තිබේ. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සැකකරු ඊයේ (26) මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබූ අතර, අද අලුයම ඔහු මෙලෙස පලා ගොස් ඇත. මීට පෙර හැටන් සහ බගවන්තලාව පොලිසිය විසින් මහජනතාවගෙන් සහ මාධ්‍යයෙන් ලැබුණු තොරතුරු මත විශාල පරිශ්‍රමයක් දරා මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරු යළි…

Read More

2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව අද (27) සිට ජූනි මස 2 වනදා දක්වා වෙසක් සතිය පුරාවට ඉහත ස්ථාන වසා දමන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර, මැයි මස 30, 31 සහ ජූනි 01 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු කරන ඉල්ලා…

Read More

ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම කාන්තාවට ඉබෝලා ආසාධනය වී ඇති බවට තහවුරු වුවහොත් එය 2014න් පසු දකුණු ආසියාතික රටකින් වාර්තා වන පළමු ඉබෝලා ආසාදිතයා විය හැකි බවද වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රෝගය වැළඳුණු කිසිදු රෝගියෙකු ඉන්දියාවෙන් වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍යශය ප්‍රකාශ කර දිනකට පසුව මෙම පුවත වාර්තා වී ඇති බවද සඳහන්. 28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට සුළු ඇඟපතේ වේදනාවක් හටගෙන ඇති…

Read More

ඊබෝලා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට කැනඩාව තීරණය කර තිබේ. ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට බදාදා සිට දින 90ක කාලයක් සඳහා කැනඩාවට ඇතුළුවීම තහනම් කෙරේ. කැනඩා රජය පවසන්නේ, ඊබෝලා වෛරසය කැනඩාවට ඇතුළු වීම සහ රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ Bundibugyo වර්ගයේ ඊබෝලා වෛරස් ප්‍රභේදය ජාතික වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම “ඉතා ඉහළ” මට්ටමකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. මේ අතර, පසුගිය සතියේ අමෙරිකාව ද මෙම රටවල් තුන වෙත පසුගිය සතිවල…

Read More

ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා මොස්කව්හිදී රුසියානු ආරක්‍ෂක අමාත්‍ය Vasily Osmakov මහතා හමුවී තිබේ. ඊයේ (26) මෙම හමුව සිදුව ඇති බව ආරක්‍ෂක අමාත්‍ය සඳහන් කළේය. මොස්කව්හිදී  මැයි 26 සිට 29 දක්වා පැවැත්වෙන පලමුවන ජාත්‍යන්තර ආරක්ෂක සංසදය සහ ආරක්ෂක ගැටලු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ වාර්ෂික රැස්වීම සඳහා සහභාගි වු ආරක්‍ෂක ලේකම්වරයා ඊට සමගාමීව මෙම හමුව පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී, දෙරට අතර කලාපීය සහ ගෝලීය වශයෙන් වැදගත් ආරක්‍ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගෙන තිබේ. ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන ආරක්‍ෂක ක්ෂේත්‍රවල, විශේෂයෙන්ම යුද-තාක්‍ෂණික සහයෝගීතාව ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම දෙරට අතර පුහුණුවිම්වලට අදාළ අවස්ථා ඉහළ…

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බරාකා න්‍යෂ්ටික විදුලි බලාගාරයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි. මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ආරක්ෂක මණ්ඩලය ප්‍රකාශ කර ඇත. එයට වගකිව යුතු පාර්ශ්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් කිසිදු රටක් නම් නොමැත. පසුගිය සතියේ ඉරාකයෙන් ඩ්‍රෝන යානා හයක් තමන් වෙත එල්ල වූ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහන් කළ අතර, ඒ අතරින් එක් ඩ්‍රෝන යානයක් මෙම බරාකා න්‍යෂ්ටික බලාගාරය ඉලක්ක කර තිබූ බව වාර්තා වෙයි.‍

Read More

ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පස්වන සහ හයවන සමාලෝචන ඇගයීමට ලක්කිරීම අද (27) සිදුකිරීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ සඳහා අනුමතිය ලබා දී ඇති බව සඳහන් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ මේ යටතේ ශ්‍රී ලංකාවට අමෙරිකා ඩොලර් මිලියන 700ක පමණ මූල්‍ය ආධාරයක් ලබාගැනීමට ප්‍රවේශය සැලසෙන බවය. මෙම සමාලෝචනය සඳහා අනුමැතිය ලැබීමට අවදානය ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිල ප්‍රතිස්ථාපනය කිරීම තීරණාත්මක ක්‍රියාමාර්ගයක් බව මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබුණි.

Read More

ශ්‍රී සම්බුදු තෙමගුල සිහි කරමින් පැවැත්වෙන වෙසක් උත්සවයට සමගාමීව අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මේ අතර රට පුරා වෙසක් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ සම්බන්ධයෙන් ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා…

Read More

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත…

Read More

නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි මුදල් ගෙවීම එළැඹෙන 27 වැනි දින සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතුවීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල් වලා ගඟ ආශ්‍රිතව විශේෂ ව්‍යාපෘතියක් ලෙස කරදිය බාධකයක් ඉදිකිරීමට කටයුතු කරන ලදී. එම කරදිය බාදකය හේතු කොට ගෙන 2019 වර්ෂයෙන් පසු සෑම වර්ෂයකම වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් ඇති වී වගා හානි වාර්තා වී ඇති අතර විශේෂයෙන්, මාතර දිස්ත්‍රික්කයේ මඩිහගොඩගම, කැකණදුර, කඹුරුපිටිය, මාලිම්බඩ, මැදඋයන්ගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශ ඇතුළුව සෙසු ප්‍රදේශ…

Read More