නීති විරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවන් තිදෙනෙකු කැණීම් උපරකරණ සමඟ දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට අනුව, දෙහිඅත්තකණ්ඩිය මුවගම්මන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම පිරිස ඊයේ (01) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් අවුරුදු 24, 27 සහ 37 වයස්වල පසුවන අකරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
