Author: LFN

ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සේවා කටයුතු සඳහා යතුරුපැදි ලබාදීමටත්, ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබාදීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණුව සාර්ථකව අවසන් කළ නිලධාරිනියන් 275 දෙනෙකු සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයට අද (26) එක්වෙමිනි. උත්සවය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. අමාත්‍යවරයා පැවසුවේ, රටේ ආර්ථිකය මේ වනවිට ස්ථාවර මට්ටමකට ගෙන යමින් සිටින අතර, පවතින ගෝලීය අර්බුද හමුවේ වුවද ජනතාවට අමතර බරක් නොදෙමින් ආර්ථිකය කළමනාකරණය කිරීමට රජය කටයුතු කරන බවයි. මෙම පුහුණුවජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනය…

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර කඳු වැටියේ පුවක්පිටිය නිම්නයෙන් මෙරටට ආවේණික නව මීයන් විශේෂයක් විද්‍යාත්මක ලොවට අනාවරණය කිරීමට මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, මහාචාර්ය මාධව මීගස්කුඹුර හා ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි යන මහත්ම මහත්මීන් විසින් කටයුතු කර ඇත. ඊට අදාළ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව අද දින (26) ලොව ප්‍රකට විද්‍යා සඟරාවක් වන ZooKeys හී පල විය. Scientific Name: Mus dumbara English Name: Dumbara valley spiny mouse Sinhala Name: Dumbara katu heen meeya මීට අදාළ සම්පූර්ණ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව බාගත කිරීමට:  https://zookeys.pensoft.net/article/163907/

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් භාවිත කරනු ලබන ඉඩම් නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ඊයේ (25) දින මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. මෙම සංචාරය සඳහා මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ. මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා රට තුළ ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා මන්නාරම් දිස්ත්‍රික්කය තුළ නාවික හමුදාව විසින් දක්වන සක්‍රීය දායකත්වය පිළිබඳව පුළුල්ව නිරීක්ෂණය කළ අතර මුහුදු සීමාවන් සහ වෙරළබඩ ආරක්ෂා ශක්තිමත් කිරීම මෙන්ම අදාළ බලප්‍රදේශය…

Read More

මධ්‍යගත ඉලෙක්ට්‍රොකින පද්ධතිය මගින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව විවිධ බාහිර පාර්ශ්වයන් විසින් සිදුකරන ලබන නිවැරදි නොවන දැනුවත් කිරීම් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය පිළිබඳව, එම පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳව සහ පද්ධතියට ප්‍රවේශ වීම පිළිබඳව කොමිෂන් සභාවේ නිලධාරීන් නොවන වෙනත් පුද්ගලයින් විසින් විවිධ දැනුවත් කිරීම් සිදුකරන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය. මෙලෙස සිදුකරන ලබන දැනුවත් කිරීම්වලදී නිවැරදි නොවන තොරතුරු…

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (25) දින නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදියර එක සහ දෙක යටතේ අනතුරු ඇඟවීමට එම සංවිධානය පියවර ගෙන ඇති අතර එය හෙට (27) පස්වරු හතර දක්වා වලංගු වේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. අදියර එක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටය. එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, යටියන්තොට, දෙහිඕවිට, රුවන්වැල්ල සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙය බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

Read More

නියමිත බලපත්‍ර හා නීත්‍යානුකූල රෙගුලාසී උල්ලංඝනය කරමින් සඳලංකාව, ඉරබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින්මාළු නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්ත ශාලාවක් අද (26) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ. එහිදි එම කර්මාන්ත ශාලාව සතුව තිබූ රුපියල් ලක්ෂ 18කට ආසන්න වටිනාකමකින් යුත් ටින්මාළු තොගයක් සිය භාරවට ගැනීමටද අදාළ බලධාරීන් පියවර ගෙන තිබුණි. වැටලීම සිදුකරන ලද අවස්ථාවේදී එම කර්මාන්ත ශාලාව තුළ සැමන් ටින් 3,500කට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ඇසුරුම් කරමින් සිටි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය. මෙම කර්මාන්ත ශාලාව වැඩි ලාභ අපේක්ෂාවෙන් තරග විරෝධී චර්යාවල නිරත වෙමින් සහ කල් ඉකුත්වන දින වෙනුවට ව්‍යාජ දින ටින්මාළු ඇසුරුම් සඳහා යොදා තිබී ඇති බවද…

Read More

රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය අද (26) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට පැවරීම අභියෝගයට ලක් කරමින් වැදි නායක ඌරු වර්ගයේ වන්නියලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර මහවැලි අධිකාරිය විසින් මෙම දැනුම්දීම සිදු කළේය. පොල්ලබැද්ද සහ රඹකැන්ඔය ප්‍රදේශවල පිහිටි සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට ලබාදීමට මහවැලි අධිකාරිය විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් වැදි නායකයා ඇතුළු පෙත්සම්කරුවන් විසින් 2021 වසරේ මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම අද සලකා බැලීම සඳහා…

Read More

රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණ තිබූ බව සඳහන් වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන මුදල් අයකැමිවරයෙකි. සැකකරු රැගෙන ආ ගමන් මල්ල තුළ පැකට් 19ක අසුරා තිබියදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 8යි ග්‍රෑම් 365ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. වැඩිදුර විමර්ශන සඳහා මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Read More

තද සුළං සහ මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (26) පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (27) පස්වරු 4.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇති බවත් නිවේදනයේ දැක්වේ. එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයකින්…

Read More

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද (26) කොළඹදී පැවැත්විණි. නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා ජනතා ක්‍රියාමාර්ගය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා දේශපාලන පක්ෂ ලේකම්වරුන්, පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ. එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, එය දිගින් දිගටම කල් යාමට හේතු වූ කරුණු සහ කඩිනමින් මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. සාකච්ඡාවට එක්වූ විපක්ෂ දේශපාලන පක්ෂ සහ නිරීක්ෂණ සංවිධාන 42 අතරින් එක් පක්ෂයක් හැර අනෙකුත් සියලු පාර්ශව එක් ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබා ඇති අතර, එම ප්‍රකාශය…

Read More