Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්
    Local News

    ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක්

    By LFNJune 1, 2026No Comments1 Min Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2026 වර්ෂයට බලපත්‍ර අලුත් කිරීමට සමගාමීව, ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සඳහා සහතිකයක් නිකුත් කිරීම සම්බන්ධව පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව, බලපත්‍රය ලබාගෙන අඩ වර්ෂයක් ගතවූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර ගිනිඅවියේ ක්‍රියාකාරීත්වය සහ එහි අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන බවට සහතිකයක් ලබාගත යුතුබව ආරක්ෂක කවුන්සිලයෙන් සියළුම ජීවිතරාක්ෂක ගිනිඅවි අලුත්කර ගත් බලපත්‍රලාභීන් වෙත උපදෙස් ලබා දී ඇති බව පොලීසිය දැනුම්දෙයි.

    මින් ඉදිරියට සෑම අඩ වර්ෂයකම ජීවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ගේ ගිනිඅවි සහ බලපත්‍ර ඉහත සඳහන් පරිදි පරීක්ෂා කර එම සහතිකය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත දන්වා තිබේ.

    ඒ අනුව, 2026 වර්ෂයට අදාළව බලපත්‍ර ලබාගෙන අඩ වර්ෂයක් ගත වූ විට ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගිනිඅවිය ඉදිරිපත් කර එහි ක්‍රියාකාරීත්වය සහ අංකය බලපත්‍රයෙහි අංකය සමඟ සැසඳෙන  ‌බවට සහතිකයක් ලබා ගන්නා ලෙස අදාල වර්ෂයට ජිවිතාරක්ෂක ගිනිඅවි බලපත්‍ර අලුත් කර ගත් සියළුම බලපත්‍රලාභින්ට පොලීසිය වැඩිදුරටත් දන්වා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.