Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
    Local News

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    By LFNJune 1, 2026No Comments2 Mins Read11 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් පොදු ස්ථාන වලට සිදු වූ හානි මේ දක්වා පිළිසකර කිරීමට නොහැකි වී ඇත්තේ නිලධාරීන් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පොදු ස්ථානවලට සිදු වූ හානි සදහා නිසි තක්සේරුවක් මේ දක්වා සිදු කර නොමැති බවය.

    දිට්වා  සුළි කුණාටුවෙන් හානියට පත් උමා ඇළ මහා වාරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

    “ලෝකයම දන්නවා මස්පන්නේ බස් නැවතුම්පොළ මහා විනාශයක් වුණා කියලා. බස් පිටින් යට වුණානේ. මම නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි මස්පන්නේ බස් නැවතුම්පොළ හැදුවේ නැත්තේ? ඇයි ඇස්තමේන්තුව දැම්මේ නැත්තේ? කට්ටිය ඉන්නවා කතා කරන්නේ නැතුව. මම කිව්වා කවුද වගකියන්නේ? කාගෙද බස් නැවතුම්පොළ? බස් නැවතුම්පොළ කාගෙද කියලා දැනගෙන හිටියේ නැහැ. අන්තිමේට හොයලා දුන්නා.

    24 වෙනිදා ගියා හලාඹේ පාලම බලන්න. හලාඹේ පාලම දාලා නැහැ දිට්වා එකට. හලාඹේ පාලමේ බැම්ම පුපුරලා, ලෑලි ටික දිරලා. මම එතන ඉඳන් කෝල් දීලා ඇහුවා ඇයි දැම්මේ නැත්තේ? කට්ටිය එහාට මෙහාට කෝල් දෙනවා, දාලා නැහැ. පාලමට අයිතිකාරයෙක් නැහැ. මම කිව්වා අදම හදන්න ඕනේ කියලා”

    ඒ වගේ වාරිමාර්ගයෙත් වෙන්න පුළුවන් පොඩි පොඩි ඒවා අතපසු වෙලා තියෙනවා නම් දැන්ම දාගන්න මේ කියන්නේ මම. දිට්වාවලින් අතහැරිච්ච ඒවා තියෙනවා නම් දාන්න. මොකද දැන් මම ඉස්සෙල්ලා කිව්වේ බිලියන් 500ක් වෙන්වෙලා 168යි වියදම. දැන් අර සල්ලි ටික ආපහු මේ අවුරුද්දේ කරගන්න බැරි වුණොත් ආපහු ගියාට පස්සේ ආයි ගන්න ලේසි නැහැ.  දිට්වා කියලා ලබන අවුරුද්දෙත් කියන්න පුළුවන්ද ලෝකෙට? ඉතින් ඒවා හදන්න ඕනේ. ඉතින් දිට්වා වරද්දන අභියෝගය වගේ ඉතින් අපි ඉන්න ඕනේ ඕවට අභියෝග කරගෙන එන්න.

    ඒ නිසා දේශපාලන අධිකාරියට කරන්න පුළුවන්නේ මේවා හොයලා කියලා සල්ලි ටික දීලා අපි මේවා කරන එක. නිලධාරීන්ට පුළුවන්නේ ඇස්තමේන්තු ටික හදලා ඒ ටික මේවා කරන එක. ජනතාවගෙත් උනන්දුව තියෙන්න ඕනේ මේ ටිකට උදව් කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.