Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මියන්මාරයේ ගමක සිදු වූ පිපිරීමකින් 55දෙනෙකු මරුට

    June 1, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්
    Local News

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    By LFNJune 1, 2026No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිට්වා සුළි කුණාටුවෙන් පොදු ස්ථාන වලට සිදු වූ හානි මේ දක්වා පිළිසකර කිරීමට නොහැකි වී ඇත්තේ නිලධාරීන් නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් පොදු ස්ථානවලට සිදු වූ හානි සදහා නිසි තක්සේරුවක් මේ දක්වා සිදු කර නොමැති බවය.

    දිට්වා  සුළි කුණාටුවෙන් හානියට පත් උමා ඇළ මහා වාරි ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

    “ලෝකයම දන්නවා මස්පන්නේ බස් නැවතුම්පොළ මහා විනාශයක් වුණා කියලා. බස් පිටින් යට වුණානේ. මම නිලධාරීන්ගෙන් ඇහුවා ඇයි මස්පන්නේ බස් නැවතුම්පොළ හැදුවේ නැත්තේ? ඇයි ඇස්තමේන්තුව දැම්මේ නැත්තේ? කට්ටිය ඉන්නවා කතා කරන්නේ නැතුව. මම කිව්වා කවුද වගකියන්නේ? කාගෙද බස් නැවතුම්පොළ? බස් නැවතුම්පොළ කාගෙද කියලා දැනගෙන හිටියේ නැහැ. අන්තිමේට හොයලා දුන්නා.

    24 වෙනිදා ගියා හලාඹේ පාලම බලන්න. හලාඹේ පාලම දාලා නැහැ දිට්වා එකට. හලාඹේ පාලමේ බැම්ම පුපුරලා, ලෑලි ටික දිරලා. මම එතන ඉඳන් කෝල් දීලා ඇහුවා ඇයි දැම්මේ නැත්තේ? කට්ටිය එහාට මෙහාට කෝල් දෙනවා, දාලා නැහැ. පාලමට අයිතිකාරයෙක් නැහැ. මම කිව්වා අදම හදන්න ඕනේ කියලා”

    ඒ වගේ වාරිමාර්ගයෙත් වෙන්න පුළුවන් පොඩි පොඩි ඒවා අතපසු වෙලා තියෙනවා නම් දැන්ම දාගන්න මේ කියන්නේ මම. දිට්වාවලින් අතහැරිච්ච ඒවා තියෙනවා නම් දාන්න. මොකද දැන් මම ඉස්සෙල්ලා කිව්වේ බිලියන් 500ක් වෙන්වෙලා 168යි වියදම. දැන් අර සල්ලි ටික ආපහු මේ අවුරුද්දේ කරගන්න බැරි වුණොත් ආපහු ගියාට පස්සේ ආයි ගන්න ලේසි නැහැ.  දිට්වා කියලා ලබන අවුරුද්දෙත් කියන්න පුළුවන්ද ලෝකෙට? ඉතින් ඒවා හදන්න ඕනේ. ඉතින් දිට්වා වරද්දන අභියෝගය වගේ ඉතින් අපි ඉන්න ඕනේ ඕවට අභියෝග කරගෙන එන්න.

    ඒ නිසා දේශපාලන අධිකාරියට කරන්න පුළුවන්නේ මේවා හොයලා කියලා සල්ලි ටික දීලා අපි මේවා කරන එක. නිලධාරීන්ට පුළුවන්නේ ඇස්තමේන්තු ටික හදලා ඒ ටික මේවා කරන එක. ජනතාවගෙත් උනන්දුව තියෙන්න ඕනේ මේ ටිකට උදව් කරන්න.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සියලුම රාජ්‍ය ආයතනවලට තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් තහනම්

    June 1, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

    June 1, 2026

    මියන්මාරයේ ගමක සිදු වූ පිපිරීමකින් 55දෙනෙකු මරුට

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,601 Views
    Don't Miss

    මියන්මාරයේ ගමක සිදු වූ පිපිරීමකින් 55දෙනෙකු මරුට

    June 1, 202600 Views

    මියන්මාරයේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ප්‍රදේශයක පිහිටි ගමක සිදු වූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 55දෙනෙකු…

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026

    ඇමති සමන්ත විද්‍යාරත්නගෙන් ප්‍රකාශයක්

    June 1, 2026

    ඉබෝලා සැකයෙන් බ්‍රසීලයේ දෙදෙනෙකු නිරෝධායනයට

    June 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.