Author: LFN

කිරින්ද මුහුදේ දිය නෑමට ගිය පාසල් ගුරුවරයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. බඩල්කුඹුර ප්‍රදේශයේ පාසලක ගුරුවරුන් කිහිපදෙනෙකු සහ සිසුන් පිරිසක් කිරින්ද මුහුදේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසුවේය. කෙසේවෙතත් වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් මෙම පිරිස බේරාගෙන තිබේ. එහිදී අසාධ්‍ය තත්වයේ සිටි ගුරුවරයෙකු සහ දැරියක් ප්‍රතිකාර සඳහා කිරින්ද රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ගුරුවරයා මෙලෙස මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් ගුරුවරයෙකු බව සඳහන් වේ. අසාධ්‍ය තත්ත්වයේ පසුවූ දැරිය කිරින්ද රෝහලේ සිට තිස්සමහාරාම රෝහල වෙත මාරුකර යවා ඇති අතර…

Read More

වව්නතිව් පොලිස් වසමේ පාචක්කොඩිචේන ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ  ඊ‍යේ (25) දින උදෑසන පුද්ගලයෙකු පහරදීමක් හේතුවෙන් මියගොස් ඇති බවට ලද පණිවිඩයක් මත වව්නතිව් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මියගිය පුද්ගලයා හා බිරිඳ පාචක්කොඩිචේන ප්‍රදේශයේ පිහිටි නිවසේ වාසය කර ඇති බවත්, බිරිඳ  24 වන දින සවස දියණියගේ නිවසට ගොස් නැවත උදෑසන නිවසට පැමිණීමේදී සැමියා ඝාතනය කර ඇති බවට දැක තිබේ . පසුව මේ පිලිබදව වව්නතිව් පොලිසියට පැමිනිලි කිරිමෙන් පසුව වව්නතිව් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඝාතනයට හේතුව හෝ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත. මරණකරු අවුරුදු 63 ක් වූ නෙරියමඩු ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත…

Read More

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට (27) දිනයේ පැය 12.00ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට (27) පස්වරු 07.00 සිට අනිද්දා (28) පෙරවරු 07.00 දක්වා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිතය. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

Read More

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී ද තවදුරටත් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 318.32 ක් ලෙස සටහන් විය. එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69 ක් ලෙස අද දින ප්‍රකාශයට පත් කර ඇත.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසට අද (26) තලංගම පොලීසිය විසින් කැඳවීමක් කර තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට විරෝධය පළ කරමින් ඔහුගේ නිවස අසළ විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ දී අසූචි ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීමේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම පිරිස කැඳවා ඇති බව සඳහන්. මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට විරෝධය පළ කරමින් පසුගිය 28වනදා මෙම පිරිස ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. එහිදී මෙම පිරිසට අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එතැන සිටි පිරිස සහ මෙම විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන…

Read More

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 23දෙනා එළැඹෙන ජුනි 09 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළාය. එම චිවරධාරීන් අද (26) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ මාර්ගගත ක්‍රමය ඔස්සේය.

Read More

මෙරට භයංකාර ආර්ථික අවදානමකට මුහුණ දෙමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ පැවැති හමුවකදීය. මේ අවදානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකර බොරු සංඛ්‍යා ලේඛනවලින් ජනතාව රවටන අන්දවන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයක් රටේ ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. සෑම විටම සත්‍ය කතා නොකර බොරුව වපුරා ගැටලු නැති බව පෙන්වමින් කිරිපිටි, ඉන්ධන මිල ආදිය වැඩි කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා කීය. ඉන්ධන හා කිරිපිටි මිල ඉහළ යනු ලබන්නේ රටේ ඇති ආර්ථික අවදානම හේතුවෙන් බවත් මේ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේය.…

Read More

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ මත පාර්ලිමේන්තුව විසින් සම්මත කර දෙනු ලබන නීති ප්‍රතිපාදන යටතේ ඕනෑම අවස්ථාවක පළාත් සභා ජන්ද විමසීම පැවැත්වීමට තමන් සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ. පවතින නීතිමය බාධාවන් සහ එම බාධාවන් ඉවත් කරගනිමින් පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය හැකි ආකාරය පිළිබඳව නීතිපති දෙපාර්‌තමේන්තුව විසින් කාරක සභාවට කරුණු ඉදිරිපත් කර ඇත. පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිදේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් නීතිපති දෙපාර්‌තමේන්තුවෙන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් කරුණු විමසීමක් සිදුකර තිබුණි. ඒ එම…

Read More

ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන් හත් දෙනෙකු මුදාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මේ වන විට දැඩි සටනක නිරත වෙමින් සිටිති. පසුගිය බදාදා දින ගම්වැසියන් පිරිසක් රන් සහ වනජීවීන් සෙවීම සඳහා මෙම ගුහාව තුළට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුව ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ සිදුවූ නායයෑම් හේතුවෙන් ගුහාවේ දොරටුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබේ. එම අවස්ථාවේදී අනතුරෙන් බේරීමට සමත් වූ පුද්ගලයෙකු විසින් බලධාරීන්ට කරන ලද දැනුම්දීමකට අනුව මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. මුදාගැනීමේ කණ්ඩායම් පවසන පරිදි මෙම භූගත ගුහා පද්ධතිය අතිශයින්ම පටු වන අතර, එහි ඇතැම් ස්ථානවල පළල සෙන්ටිමීටර 50…

Read More

දූෂණ චෝදනා එල්ලවී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදීයි. අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක තීන්දුව අද (26) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් එම නඩු අද (26) කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා නිවේදනය කළේ එම නඩුවල තීන්දු සූදානම් කර නොමැති බවයි. ඒ අනුව තීන්දු ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා සිදු කරන බවත් විනිසුරුවරයා නියෝග…

Read More