Author: LFN
දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට වැඩි පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසයි.
2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධි චෝදනා ගොනුකිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බලරහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම ඊයේ (25) සිදුකෙරුණි. ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙය කැඳවන ලැබීය. පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්…
එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
දකුණු ඉරානයේ මිසයිල සහ බිම්බෝම්බ ස්ථානගත කිරීමට යොදා ගන්නා බෝට්ටු ඉලක්ක කර ගනිමින් අමෙරිකානු ප්‍රහාර මාලාවක් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානයේ (CENTCOM) ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් පවසා ඇත්තේ, මෙම ප්‍රහාර මාලාව ඉරාන හමුදා විසින් එල්ල කරනු ලබන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා ස්වයං ආරක්ෂාව වෙනුවෙන් දියත් කරන ලද්දක් බවය. කෙසේ වෙතත් දැනට පවතින සටන් විරාමය පිළිබඳව අමෙරිකාව ඉතා සංයමයෙන් යුතුව කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කර ඇත. අමෙරිකාව විසින් එල්ල කරන ලද ප්‍රහාර සඳහා ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැති අතර, ඉදිරියේ දී සාම ගිවිසුමට කුමන බලපෑමක් එල්ල වනු ඇත්දැයි පැහැදිලි නොමැති බවද විදෙස් මාධ්‍ය…
කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතන දෙකකට අදාළව, සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. එහිදී ගිනි අවි සහ උණ්ඩ කිහිපය ද සොයාගෙන ඇත. ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු පසුගිය මැයි 22 වනදා අත්අඩංගුවට ගත්, ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ බොරැල්ලේ පදිංචි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. 2025 අගෝස්තු 07 වනදා බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තවත් තිදෙනෙකුට තුවාල සිදුකර තිබුණි. දැනට රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසය භාරයේ සිටින මෙම ප්‍රධාන සැකකරු විසින්…
වාහන ආනයනය සඳහා වූ අධිභාරය තාවකාලිකව ඉහළ නැංවීම සහ විනිමය අනුපාතයන්හි සිදුවන වෙනස්වීම් හේතුවෙන් වාහන මිල ගණන් තාවකාලිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව මහ බැංකුව සඳහන් කරයි. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දකවමින් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් පැවසුවේ මෙවැනි තීන්දු තීරණ ගැනීමේදී අවම වශයෙන් දැනට ආනයනය කර ඇති වාහන සඳහා හෝ අවස්ථාවක් ලබා දිය යුතු බවය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොද්‍රිගෝ මහතා, “මෙහෙම දෙයක් සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බෑන්ක් එක කරන්නේ. දැන් මේ අවස්ථාවේ තියෙන අර්බුදය නිසා. දැන් ඇත්තටම කියනවා නම් මේ වගේ අර ලෝන් වැලිව් රේෂුව කියන එක අඩු කරපුවහම මනුස්සයෙකුට ගන්න පුළුවන් තමන්ගේ කැපෑසිටි එක අඩු…
2022 වසරේ ගාලු මුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව මාසයක් ඇතුළත අධි චෝදනා ගොනුකිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. පසුගිය අප්‍රේල් 30වනදා මෙම නඩුවල තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් විනිසුරුවරයා එදින නිවේදනය කළේ මෙම නඩු වල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා සිදු කරන බවය. 2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර…
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකිය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමත මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. රාජිත සේනරත්න මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළේ, තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවය. ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් නීතිඥයරටා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට පනවා තිබූ විදේශ ගමන් තහනම ලබන මස 02 වෙනිදා දක්වා…