Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්
    International

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    By LFNOctober 31, 2026No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ පසුගිය 23 වැනිදා සිට අද (31) උදෑසන 06.00 දක්වා කාලය තුළ මෙය වාර්තා වී ඇති බවය.

    ඒ අනුව පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 136කට අයත් පවුල් 5,768ක පුද්ගලයින් 21,240 දෙනෙකු බලපෑමට ලක්ව තිබේ.

    එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

    අයහපත් කාලගුණයෙන් පූර්ණ නිවාස හානි 08සහ අර්ධ නිවාස හානි 737 වාර්තා වී ඇති බව ද එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

    ආපදාවෙන් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන අතර, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 2,666ක පුද්ගලයින් 10,051 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

    රත්නපුර දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් සහ තුවාල ලැබීම් දෙකක් වාර්තා වී ඇති අතර නිවාස හානි 101ක් ද වාර්තා වී ඇත.

    දෙවැනියට වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11කට අයත් පවුල් 1,850ක පුද්ගලයින් 6,900 දෙනෙකු අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති.

    එම දිස්ත්‍රික්කයෙන් එක් මරණයක් සහ තුවාල ලැබීම් දෙකක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව ද සඳහන් වේ.

    මේ අතර, වැඩිම නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර එහි නිවාස හානි 113ක් වාර්තා වී තිබේ.

    ඊට එක් පූර්ණ නිවාස හානියක් ද ඇතුළත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.