Author: LFN
හෝමුස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන්කරන නෞකාවලින් ගාස්තු අය නොකරන නමුත්, ඒ ඔස්සේ යාත්‍රා කිරීමේදී ලබාදෙන සේවාවට අදාළ මුදල ලබාගන්නා බව ඉරාන විදෙස් කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක එස්මයිල් බගේයි පවසා තිබේ. මේ අතර, අමෙරිකාව සමඟ ඇතිකරගන්නා කිසිදු ගිවිසුමක් සම්බන්ධව විශ්වාසයක් තැබිය නොහැකි බවත් ගිවිසුමක් ඇතිකරගැනීමට බාධා පැමිණවීම සඳහා ඊශ්‍රායලය ගත හැකි සෑම පියවරක්ම ගනු ඇති බවත් ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වෙයි. තවද න්‍යෂ්ටික වැඩසටහන ඇතුළු මාතෘකා රැසක් පිළිබඳ දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමක් ඇතිකරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබුණි. විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහිදී අවධානය යොමුවන කරුණු අතරට සටන්විරාමය දින 60කින් දීර්ඝ කිරීම, හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීම, මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව තවදුරටත්…
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවලින් සමන්විත පූර්ණ තරග සංචාරයක් සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිත අද (25) ප්‍රකාශයට පත්කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුව විසින් නම්කළ මෙම සංචිතයන්හි එක්දින හා විස්සයි20 නායකත්වයට කුසලක් මෙන්ඩිස් නම් කර ඇත. එමෙන්ම නායක ධනංජය ද සිල්වා සුපුරුදු පරිදි මෙම තරගාවලියේද ටෙස්ට් නායකයා ලෙස කටයුතු කරනු ලබයි. මෙම තරගවලියේ පළමුව එක්දින තරගාවලියත්, අනතුරුව විස්සයි-20 තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම තරග සංචාරය සඳහා හෙට (26) බටහිර ඉන්දීය කොදෙව් බලා දිවයිනෙන් පිටත්ව යනු ඇත. ප්‍රකාශයට පත් කරන ලද නිල සංචිත පහත පරිදි වේ, ටෙස්ට් සංචිතය ටෙස්ට්…
දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 24කට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. එම අනතුරු ඇඟවීම හෙට (26) පස්වරු 04.00 දක්වා වලංගු වන බව එම සංවිධානය සඳහන් කළේය. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රිකයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටින්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර, අයගම සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද එම අනතුරු ඇඟවීම් බලාත්මකය. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර,…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) අවසන් වටයේ තරග හෙට (26) ආරම්භ වීමට නියමිතව ඇත. ඒ අනුව, අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගය, ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවන ස්ථානනයට පත්වු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබා ගනු ලබයි. පරාජයට පත්වු කණ්ඩායම, ලකුණු සටහනේ 03 වන සහ 04 වන ස්ථානවලට පත්වු රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟ යළි තරග වැදීමට නියමිතයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා දෙවන කණ්ඩායම බවට…
චීනය වසර 2030 වන විට සිදු කිරීමට අපේක්ෂා කරන මිනිසුන් සහිත සඳ ගමනේ මූලික පියවරක් ලෙස, වසරක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින විශේෂ ගගනගාමියෙකු ද ඇතුළත්ව ගගනගාමීන් තිදෙනෙකු රැගත් “Shenzhou-23” යානය ඊයේ (24) රාත්‍රියේ සාර්ථකව ගුවන්ගත කර තිබේ. චීන අභ්‍යවකාශ ඉතිහාසයේ ගගනගාමියෙකු තනි මෙහෙයුමක් සඳහා වසරක් වැනි දීර්ඝ කාලයක් රැඳී සිටින පළමු අවස්ථාව මෙය වේ. වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රී 11:08 ට “Long March-2F Y23” රොකට්ටුව ආධාරයෙන් මෙම යානය ගුවන්ගත කර ඇත. මෙම මෙහෙයුම සඳහා එක්ව සිටින කණ්ඩායමට අණදෙන නිලධාරී ෂු යැන්ග්ෂු , ගුවන් නියමු ෂැන්ග් යුවාන්ජි සහ පේලෝඩ් විශේෂඥ ලී ජියායින්ග් ඇතුළත් වෙති. මෙහි විශේෂත්වය වන්නේ…
ඉරානය සමඟ සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කිරීමට බහරේනය පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ, ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමඟ එක්ව බහරේනය තුළ ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැළසුම් කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ලයින් 9 දෙනාට චෝදනා එල්ලවී ඇති බවයි. අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුදමය වාතාවරණය ආරම්භ වීමෙන් අනතුරු පසුගිය මාර්තු මාසයේදී අදාළ පුද්ගලයින් බහරේන පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි. ඔවුන් බහරේනය තුළ පිහිටා ඇති අමෙරිකානු හමුදා කදවුරු සහ බහරේනයේ ආර්ථික මර්මස්ථාන සම්බන්ධයෙන් ඡායාරූප ඇතුළු අධි සංවේදී තොරතුරු ඉරානය වෙත සපයා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
තුර්කියේ පැවැති ‘Miss Aura International 2026’ ලෝක රූ රැජින තරගාවලියේදී “Best in National Costume” හිමි කිරුළ දිනාගත් ශ්‍රී ලංකා වේ වෛද්‍ය දෙවීනා නවීක්ෂි මෙනවිය අද (25) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට පැමිණියාය. ලෝකයේ රටවල් 40 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙවර තරගාවලිය මැයි 10 වන දින සිට මැයි 22 වන දින දක්වා තුර්කියේ අන්තාලියා නුවරදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ දෙවීනා නවීක්ෂි මෙනවිය ප්‍රථමයෙන් තරගාවලියේ අවසන් 20 දෙනාගේ වටය දක්වා සුදුසුකම් ලැබූ අතර, අනතුරුව ශ්‍රී ලාංකීය අනන්‍යතාව විහිදුවමින් ඉදිරිපත් කළ ජාතික ඇඳුම වෙනුවෙන් මෙලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූවාය. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක වන අතර දැනට ගාල්ල කරාපිටිය…
මෙනින්ජිටිස් රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ සියලු අංශ සහ ආයතන වෙත වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. එම විශේෂ මාර්ගෝපදේශණ මාලාවට රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය, රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර, පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය, ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර, උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණු ඇතුළත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය පවසයි. මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව…
එළැඹෙන හජ්ජි උත්සවය සහ වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත කර සිටින රැඳවියන් වෙනුවෙන් සිය ඥාතීන් හමුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවස්ථාවක් සලසා දී තිබේ. ඒ අනුව, එළැඹෙන 28 සහ මැයි 30 යන දෙදින තුළ දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතනවල මෙම විශේෂ අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. මෙම දිනවලදී රැඳවියන් බැලීම සඳහා පැමිණෙන ඥාතීන්ට ඔවුන් වෙනුවෙන් ආහාර සහ රසකැවිලි රැගෙන ඒමට අවසර හිමිවන අතර, එම ද්‍රව්‍ය එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට පියවර ගත යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. සියලුම බන්ධනාගාර තුළ මෙම කටයුතු සිදුවන්නේ පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සහ බන්ධනාගාර නීතිරීතිවලට යටත්ව බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී.…
වයස අවුරුදු 18ත් 59ත් අතර පසුවන රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින් සඳහා සුරැකුම විශ්‍රාම වැටුප් ක්‍රමය තවදුරටත් විවෘතව පවතින බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, සාමාජිකයාගේ අවශ්‍යතාව සහ දායකමුදල් ගෙවීමේ හැකියාව මත තමන්ට රිසි විශ්‍රාම වැටුප් ප්‍රමාණයක් තීරණය කරගැනීමට හැකි බවය. මෙම විශ්‍රාම සැලසුම් යටතේ සුවිශේෂි ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇත. ඒ අනුව වයස අවුරුදු 60 සිට ජීවිතාන්තය දක්වා ගිවිසගත් රුපියල් 50,000ක මාසික විශ්‍රාම වැටුපක් හිමිවන බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. වාරික ගෙවීම අතපසු වුවද ගිණුමේ ශේෂයට ගැලපූ විශ්‍රාම වැටුපක් හිමි වේ. විශ්‍රාමිකයෙකු ලෙස සිදුවන අභාවයකදී, කාලත්‍රයාට/ යැපෙන්නාට සමාජිකයාගේ…