Author: LFN
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 28,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ ආපදාවෙන් පවුල් 7,482කට අයත් පුද්ගලයින් 28,933ක් බලපෑමට ලක්ව ඇති බවය. මින් වැඩිම පිරිසක් බලපෑමට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි පවුල් 3,950කට අයත් පුද්ගලයින් 15,313ක් පීඩාවට ලක්ව ඇති අතර එක් මරණයක්ද වාර්තා වේ. මීට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1,219කට අයත් පුද්ගලයින් 4,265ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1,051කට අයත් පුද්ගලයින් 4,566ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,204කට අයත් පුද්ගලයින් 4,558ක්, කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 34කට අයත් පුද්ගලයින් 141ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 20කට අයත් පුද්ගලයින් 80ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 09කට…
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගර්භය වෙත පිවිසෙන දොරටු ද්විත්වය බිඳ ගර්භ බුද්ධ මන්දිරයේ තැන්පත් කර තිබූ රන්මාල, මැණික් ඇතුළු පූජා භාණ්ඩ කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබේ. සඳගිරි සෑය විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි සඳහන් කරනුයේ මෙම සිදුවීම පිළිබඳව තමන්වහන්සේ අද (23) උදෑසන දැනගත් වහාම පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි, “උදේ චෛත්‍ය බලන්න ගිය අය දැනුවත් කළේ දොර කඩලා කියන එක අපිට ලොකු සැකයක් තිබුණේ දොර කැඩුවානම් අනිවාර්යයෙන්ම ඇතුළේ තියෙන ප්‍රධාන රන් කරඬුව, සහ මට ගොඩක්ම…
මෙරට තුළ අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීමෙන් සියදිවි නසා ගැනීම් සියයට 70කින් පමණ අඩුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව “පළිබෝධ නාශක මඟින් සියදිවිනසා ගැනීම වැළැක්වීම” පිළිබඳ විශේෂ පැතිකඩ සැසිවාරයට එක්වෙමිනි. සියලු රටවල් තමන්ගේ සියදිවි නසා ගැනීම වැළැක්වීමේ උපාය මාර්ගයන්ට පළිබෝධ නාශක සීමා කිරීම අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බව ද එහිදී අමාත්‍යවරයා යෝජනා කළේය. මෙම සැසිය ශ්‍රී ලංකාව, ගයනාව, කෙන්යාව, නයිජීරියාව, පාකිස්ථානය යන රටවල් එක්ව සංවිධානය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය අද (23) නිල වශයෙන් නිවේදනය කළේය. මෙවර තරගාවලිය සඳහා ICC පූර්ණ සාමාජිකත්වය දරන සියලුම රටවල ක්‍රීඩකයන් මෙන්ම, අර්ධ සාමාජික රටවල් කිහිපයකින්ම ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටීම විශේෂත්වයක්ය. ඒ අනුව සමස්තයක් ලෙස ලොව පුරා රටවල් 21කින් ක්‍රීඩකයින් මෙවර ලියාපදිංචි වී සිටිති. ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ පාකිස්තානයෙන් වන අතර, එම ගණන 102ක්ය. ඊට අමතරව බ.ඉ. කොදෙව් (75), දකුණු අප්‍රිකාව (66), බංග්ලාදේශය (48), නවසීලන්තය (41), ඔස්ට්‍රේලියාව (24), එංගලන්තය (15) හා ඉන්දියාවෙන්ද (12) ක්‍රීඩකයින් ලියපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයේ දැක්වේ. මීට අමතරව…
උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලේ සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එමෙන්ම තවත් 9දෙනෙකු පමණ අතුරුදන් ව ඇති බවද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම ගෑස් පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 247දෙනෙකු පමණ එහි සේවයේ නිරතව සිටි ඇති බවය. එමෙන්ම මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සමාගමේ විධායක නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ. චීනයේ ෂැන්සි පළාත, එරට ගල්අඟුරු පතල් කර්මාන්තයේ අගනුවර ලෙස සැලකේ. චීනය වාර්තාගත වේගයකින් පුනර්ජනනීය බලශක්ති ධාරිතාවන් ස්ථාපනය කරමින් සිටියද, ඔවුන් තවමත් ලොව වැඩිම ගල්අඟුරු පරිභෝජනය කරන රට සහ විශාලතම හරිතාගාර වායු විමෝචනය කරන්නා…
අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට පැමිණ තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකිවිය. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍ර ලෙස අවප්‍රමාණය වීම පසුගිය දින කිහිපය පුරා දක්නට ලැබුණි. එහි උපරිම අවස්ථාවක් ලෙස අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ (21) රුපියල් 354ක් ලෙස සටහන් වූයේ ඊට පෙර දිනයට වඩා රුපියල් 12කින් ඩොලරයේ අගය ඉහළ නංවමිනි. ඒ අනුව ප්‍රමුඛ වාණිජ බැංකු රැසක අද පස්වරුවේ ඩොලරයක විකුණුම් මිල මෙලෙස සටහන්ව තිබුණි. ඒ, ලංකා බැංකුවේ රුපියල් 336.50ක්, මහජන බැංකුවේ රුපියල් 338.86ක්, කොමර්ෂල් බැංකුවේ රුපියල් 342.50ක්, හැටන් නැෂනල් බැංකුවේ රුපියල් 340ක්, සම්පත් බැංකුවේ රුපියල් 340.50ක්, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ…
2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා පවසා සිටියේ, මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඇතිව තිබෙන තත්ත්වය බාහිර අර්බුදයක් වුවද එයද කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක් වෙමිනි. රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම මෙන්ම, ජාතිවාදයට ඉඩ නොතැබීම, දූෂිතයන්ට දඬුවම් ලබා දීම සහ සැමට නීතිය සමානව ක්‍රියාත්මක වන රටක් ගොඩනැඟීමත්, දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීමත්…
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ. මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඒ මහතා අද (22) දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර ඇත. මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියේය. දිගින් දිගටම…
පවතින අධික වර්ෂාපතනය හමුවේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බෙගම ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) උදෑසන 8.30 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බෙගම ප්‍රදේශයෙන් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 336.5ක් බව සඳහන් වෙයි.
හැටන් – දික්ඔය නගරයේ වෙළදසැලක් තුල තනිවම ජීවත් වූ අඹුසැමි යුවළක් තියුණූ අයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව හැටන් පොලීසිය පවසයි. ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළ කාලයක් තිස්සේ එම වෙළඳසැලේ වෙළඳ කටයුතු සිදුකර මේ වනවිට වෙළදසැල වසා දමා තනිවම ජීවත් වූ වී ඇති අතර ඔවුන්ගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි බවත්, හැටන් පොලීසිය මගින් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අණාවරණය වී තිබේ. මේ අතර, කිසියම් පුද්ගලයෙකු මෙම වෙළදසැලතුලට පිවිස මොවුන් දෙදෙනා ඝාතනය කර පලා ගියේද? නැතහොත් මෙය පවුලේ ආරවුලක් මත සිදු වූ දෙයක්ද යන්න හැටන් පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි. අඹුසැමි යුවළ එකම ස්ථානයක ඝාතනය කර, ඝාතනයට ලක් වූ කාන්තාව ගෙනවිත් පඩිපෙළ…