Author: LFN

දෙල්ගොඩ උඩුපිල මාර්ගය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ දෙල්ගොඩ සිට බැලුම්මහර දක්වා ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ඇනහිට තිබේ. —————– වේයන්ගොඩ ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස සහ මාර්ග රැසක් ජලයෙන් යටවි තිබේ. පවතින කාලගුණික තත්ත්වය යටතේ මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතුද සම්පූර්ණයෙන් නැවති ඇත. —————– හංවැල්ල – නිට්ටඹුව මාර්ගය ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිට තිබේ. —————– හලාවත නාත්තන්ඩිය, හැමිල්ටන් ඇළ මාර්ගයට ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. මේ අතර හලාවත ප්‍රදේශයේ ස්ථාන රැසක්ද ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වී ඇතැයිද වාර්තා වේ. —————– රත්නපුර අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී…

Read More

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන රැගෙනවිත් තිබේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ අතර, එම ගුවන් යානා කිහිපයක මෙම පිරිස රැගෙන ආ බව වාර්තා වේ. මෙම පාතාල සාමාජිකයින් අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි. “මහවත්තේ චාමර” මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Read More

කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී ඇතැයි අද දෙරණ වාර්තාකරුවන් පැවසුවා. පුවක්පිටිය තුම්මෝදර හංදිය, සීතාවක උද්භිත උද්‍යානය මෙන්ම යටියන්තොට ප්‍රදේශයේ ඇතැම් ස්ථාන ජලයෙන් යටව පවතින බව අප වාර්තාකරුවන් පැවසීය. මේ අතර බැලුම්මහර කඩුවෙල නව නුවර පාර උඩුපිල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනයට බාදාඑල්ලවී ඇති බව පොලීසිය පැවසීය.

Read More

පවතින අධික වැසි හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු කරා යොමු කිරීමට පියවර ගත් බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක දිනේෂ් කොග්ගල මහතා සඳහන් කළේය. එමෙන්ම ඊයේ රාත්‍රියේ සිට ඇද හැළෙන ධාරාණිපාත වර්ෂා තත්ත්වය හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයයෙන් යටවී ඇතැයිද ඇතැම් මාර්ග සඳහා ගස් කඩා වැටීම්ද සිදුව ඇතැයිද වාර්තා වේ. පුත්තලම මාදම්පේ – ගලහිටියාව මාර්ග හරහා ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද මාදම්පේ පොලීසිය දැනුම්දීමක්ද සිදුකර ඇත.

Read More

ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි ලැබී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මෙම අගයන් වාර්තා වී ඇති බවය. එමෙන්ම මෙම වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළත් අපේක්ෂා කළ හැකි බවත් පැවසූ ඒ මහතා විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද දවස පුරා වැසි අපේක්ෂා කළ හැකි බවද සඳහන් කළේය. එම වැසි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100-150 ඉක්මවිය හැකි බවත් සඳහන් කළ ඒ මහතා මේ හේතුවෙන් ගංගා නිම්න ආශ්‍රිතව, පහත්බිම් ආශ්‍රිත ජනතාව සහ නායයෑම් අනතුරු ඇඟවීම්…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන එළැඹෙන සතියේ බදාදා දින සලකා බැලීමට නියමිත බවයි. IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පැපාජෝජියෝ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරන වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක වන බවය. පසුගිය වසර කිහිපය තුළ මෙරට බලධාරීන් විසින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත්කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. එම උත්සාහයන් ආයෝජකයින්, කොටස්කරුවන් සහ මහජනතාව විසින් හඳුනාගෙන ඇති අතර, එය ආර්ථිකය ශක්තිමත් පදනමක් කරා ගෙන යාමට උපකාරී වන බව ද සඳහන් කර ඇත. කෙසේවෙතත්, අභියෝගාත්මක බාහිර…

Read More

සංචාරක අරමුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මාලදිවයින් ජාතිකයින්ට එළැඹෙන මැයි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වීසා බලපත්‍ර රෙගුලාසියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර ‘eta.gov.lk’යන වෙබ් අඩවිය හරහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය වේ. මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටියේය. කෙසේ වුවද මෙම පද්ධතිය හරහා ලියාපදිංචිවන මාලදිවයින් ජාතිකයින්ට දින 90ක සංචාරක වීසා අවසරයක් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවන බවද එම නිවේදනයේ දැක්වේ.

Read More

රටේ ආර්ථික තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර කඩිනම් ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබේ. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා ඇත. රුපියල වේගවත්ව අවප්‍රමාණය වීම, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම යන කරුනු  පක්ෂ දේශපාලනයකින් තොරව අවදානයට ලක්කළ යුතු ගැටලු බව ඔහු වැඩිදුරටත් මෙහි සඳහන් කර තිබේ.

Read More

කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව මේ වනවිට ලැබෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ එම කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඕවිට, ඇහැළියගොඩ, යටියන්තොට, බුලත්කොහුපිටිය ප්‍රදේශ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය. කැලණි ගඟ ද්‍රෝණිය ආශ්‍රිතව ඉහළ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300කට ආසන්න සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවත් ඒ අනුව එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කැලණි ගඟ දෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමේදි ඉදිරි පැය 24 තුළ මෙම සුළු ගංවතුර…

Read More

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3කට අදියර එක සහ දෙක යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (22) පෙරවරු 3.00 සිට හෙට (23) පෙරවරු 3.00 දක්වා වලංගු වන බව සඳහන්ය. ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) නායයාමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයට පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) නායයාමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

Read More