Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ආරක්ෂක නියෝජ්‍ය ඇමති නාවික හමුදාවේ වයඹ සහ උතුරුමැද නාවික විධානයන් භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කරයි
    Local News

    ආරක්ෂක නියෝජ්‍ය ඇමති නාවික හමුදාවේ වයඹ සහ උතුරුමැද නාවික විධානයන් භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කරයි

    By LFNMay 26, 2026No Comments2 Mins Read3 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ සහ උතුරු මැද නාවික විධානයන් භාවිත කරනු ලබන ඉඩම් නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ඊයේ (25) දින මන්නාරම් දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

    මෙම සංචාරය සඳහා මන්නාරම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

    මෙම සංචාරය අතරතුර නියෝජ්‍ය අමාත්‍යවරයා රට තුළ ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා මන්නාරම් දිස්ත්‍රික්කය තුළ නාවික හමුදාව විසින් දක්වන සක්‍රීය දායකත්වය පිළිබඳව පුළුල්ව නිරීක්ෂණය කළ අතර මුහුදු සීමාවන් සහ වෙරළබඩ ආරක්ෂා ශක්තිමත් කිරීම මෙන්ම අදාළ බලප්‍රදේශය තුළ සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳවද සමාලෝචනය කළේය.

    අදාළ නාවික ප්‍රදේශ භාර ආඥාපතිවරුන් විසින් දැනට සිදුකරන මෙහෙයුම්වල වත්මන් ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කළ පුළුල් මෙහෙයුම් විස්තර කිරීම්වලින් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ එම විශිෂ්ට කාර්යභාර අගය කළ අතර එහිදී ඔවුන්ගේ මුලපිරිම්වල ඵලදායීතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම ද ඔහු විසින් සිදුකළේය.

    ඉන් අනතුරුව මන්නාරම, දිස්ත්‍රික්කයේ මුල්ලික්කුලම්, සිලාවතුර තලෙයිමන්නාරම, වන්කාලපාඩුව සහ පල්ලිමුනෙයි යන ප්‍රදේශවල නාවික හමුදාව දැනට භාවිත කරන ඉඩම් නිරීක්ෂණය කළ අතර එහිදී ප්‍රදේශවාසීන් සමගද සුහද කතා බහක නිරතවූ අමාත්‍යවරයා ඔවුන් මුහුණ දෙන නිවාස ගැටලු, ප්‍රජාව මුහුණ දෙන අභියෝග, සුබසාධන අවශ්‍යතා සහ විශේෂයෙන්ම ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේය. එමෙන්ම රාජ්‍ය බලධාරීන් සමග සම්බන්ධීකරණය වෙමින් එම ගැටලු විසඳීම සඳහා ගත හැකි ක්‍රියාකාරී මාර්ග ද හඳුන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.