Author: LFN
පවතින අයහපත් කාලගුණය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ, වර්ෂාධික කාලගුණය මධ්‍යයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන්යානා 6ක් පමණ මෙලෙස මත්තල ගුවන්තොටුපොළට යොමුකර ඇති බවය.
ඉදිරි පැය කිහිපය තුළ කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නඩත්තු කරනු ලබන ජල මාපක දත්ත විශ්ලේෂණය අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත, කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා කළු ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය. ඒ අනුව එම ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් මෙන්ම මගීන්ද මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුවත් කර තිබේ.
පවතින අධික වර්ෂාපතනය හමුවේ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමණාකරන ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැලෙන වර්ෂාපතනය හමුවේ ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවය. ඒ අනුව දූනමලේ මිනුම් මධ්‍යස්ථානයට අනුව මේ වන විට මිලිමීටර් 200 ඉක්මවූ වැසි වාර්තා වී ඇති බවත් ඉහළ ද්‍රෝණියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250ට ඉක්මවූ වැසි වාර්තා වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. මේ හේතුවෙන් ගම්පහ, කටාන, වත්තල වැනි පහත්බිම් ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම ඇතැම්…
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි පැය කිහිපය තුලදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවය. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි…
කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය කළ බව නේපාල මාධ්‍ය පවසයි. මෙය එක් දිනක් තුළ නේපාල සීමාව හරහා වැඩිම පිරිසක් එවරස්ට් තරණය කළ අවස්ථාව ලෙස සැලකෙයි. මීට පෙර වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ 2019 වසරේ දී වන අතර, එවර 223 දෙනෙකු එවරස්ට් තරණය කර තිබේ. කෙසේ නමුත් එවරස්ට් කඳු මුදුනේ ‘Death Zone’හි මෙතරම් ජනකායක් සිටීම අවදානම සහගත වන අතර, ඒ හේතුවෙන් වැඩි පිරිසකට එකවර අවස්ථාව ලබාදීම ගැන නේපාල රජයට දැඩි විවේචන එල්ල වී ඇත. එම කලාපයේ ඔක්ෂිජන් මට්ටම අවම බැවින් එකවර වැඩි පිරිසකට අවස්ථාව ලබාදීම සීමාකර තිබේ. මීටර් 8,849 (අඩි 29,032)…
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කිරීමට තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය හිමිව තිබේ. ඒ, 2026 මැයි 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද ඉල්ලීමකට අනුවය. සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුවේ සභාපතිධුරය හිමිව ඇත්තේ, කපිල විජේගුණවර්ධන මහතාටය. අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීන් මෙහි සෙසු සමාජිකයන් ලෙස කටයුතු කරනු ලබයි. මෙම නව පත්වීම් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඉදිරි තේරීම් කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ විධිමත්ව සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ක්‍රීඩා සඳහන් කරයි. 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 (1) වගන්තිය සහ 2025…
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26 වෙනිදා පැවැත්වීමට සැලැසුම් කර තිබේ. මෙම සමුළුව මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ නීති විරෝධී ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. එහි මූලික සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පත්වා ඇත. මෙම සමුළුවේ මූලික අරමුණ වන්නේ, විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් තරුණ පරපුර මුදා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මෙරට තරුණ පරපුරෙහි විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් තරුණ්‍යය ඒකරාශී කිරීමය. ජාතික තරුණ සේවා සභාව සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු…
නොරොච්චෝලේ ලක්විජය බලාගාරය මඟින් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනුකාරක සභාවක් පත් කර තිබේ. මෙම අනුකාරක සභාව පත් කර ඇත්තේ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් වන අතර, එහි සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී (නීතීඥ) භාග්‍ය ශ්‍රී හේරත් මහතා වෙත පැවරී ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබූ අතර, එම රැස්වීමේ සභාපතිත්වය දරා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාය. නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම්, ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් සහ ආයතනික අඩුපාඩු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මෙම අනුකාරක…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර ලන්ඩන් නුවරදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවී සුහද සාකච්ඡාවක නිරත වී තිබේ. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, ස්වාභාවික ආපදා සහ ජාත්‍යන්තර අර්බුද මධ්‍යයේ වුවද රටේ ආර්ථිකය ස්ථාවර කරමින් ජනතාවට සහන සැලසීමට වත්මන් රජය සමත්ව ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය යළි හැරවිය නොහැකි සුබදායී පරිවර්තනයකට ලක්ව ඇති බව ද ඇය ප්‍රකාශ කළාය. මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය සරෝජා පෝල් රාජ් මහත්මිය සඳහන් කළේ, සියලු ජාතීන්ට සමානව සලකන සහ ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම පුරවැසියෙකුටම සමසේ හිමිවන පාලනයක් රට තුළ ගොඩනැඟී ඇති බවයි. සාම්ප්‍රදායික දේශපාලන රැස්වීම් රටාවෙන් බැහැරව පැවති මෙම හමුවේදී, සහභාගී…
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21) අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි කොළඹ දිසා අපරාධ කොට්ඨාසය ආසන්නයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.