Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගතවූ වසර 20 තුළ පිළිකා රෝගීන් තුන් ගුණයකින් ඉහළ ගිහින්

    May 27, 2026

    මඩකලපුවේ හෝටල් කාමරයක ඛේදවාචකයක්

    May 27, 2026

    විජේ හා මෝදි අතර හමුවක්

    May 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කඳුරට හින්දු පූජකවරු සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
    Local News

    කඳුරට හින්දු පූජකවරු සහ ජනාධිපති ලේකම් අතර හමුවක්

    By LFNMay 26, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කඳුරට හින්දු  පූජකවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික  සනත් කුමානායක මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌පැවැත්විණි.

    කඳුරට හින්දු පූජකවරුන් දශක ගණනාවක් තිස්සේ මුහුණ දී සිටින ගැටලු සහ පොදු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එම ගැටලුවලට ක්‍රමානුකූලව විසඳුම් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

    එමෙන්ම මාස දෙකකට හෝ තුනකට වරක් රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරිණි.

    කඳුරට ප්‍රදේශවල ජනතා අවශ්‍යතා ඉටු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර තම ගැටලු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳ රජයට ස්තුතිය පිරිනමන බව හින්දු පූජකවරු මෙහිදී සඳහන් කළහ.

    ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු පූජකවරුද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුද්දන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මඩකලපුවේ හෝටල් කාමරයක ඛේදවාචකයක්

    May 27, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    May 27, 2026

    ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    ගතවූ වසර 20 තුළ පිළිකා රෝගීන් තුන් ගුණයකින් ඉහළ ගිහින්

    May 27, 202601 Views

    ගතවූ වසර 20ක කාලය තුළ මෙරට පිළිකා රෝගීන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව…

    මඩකලපුවේ හෝටල් කාමරයක ඛේදවාචකයක්

    May 27, 2026

    විජේ හා මෝදි අතර හමුවක්

    May 27, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    May 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.