Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තද සුළං ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    Local News

    තද සුළං ගැන කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    By LFNMay 26, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තද සුළං සහ මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

    අද (26) පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (27) පස්වරු 4.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇති බවත් නිවේදනයේ දැක්වේ.

    එමෙන්ම කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවත්, තරංග කාලය තත්පර 10ත් 14ත් අතර පවතින බවත් සඳහන් කර තිබේ.

    මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන පිරිස් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.