Author: LFN
ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇති චරිතයක් වන ‘හෙලෝ කිටී’ මෙම මස 19 දින මෙරටට පැමිණ ඇති අතර වගකීම් සහගත ප්ලාස්ටික් භාවිතය සහ පරිසර සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්වුණු දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගී වී තිබේ. ‘හෙලෝ කිටී’ සමඟ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 150 දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වී ඇත. ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව, මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ පවතින අභියෝගයන්ට මුහුණ දීමේ හැකියාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, “ප්ලාස්ටික් කළමනා කරණ ධාරිතාව ශක්තිමත් කිරීමේ තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය” නමින් වූ තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. මෙම ව්‍යාපෘතිය…
සංචාරකයින් 2,380 දෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය අධිකාරිය සතු ECTජැටියට පැමිණ තිබේ. මෝල්ටා (Malta)ධජය යටතේ යාත්‍රාකරන මෙම නෞකාවේ 951ක කාර්යය මණ්ඩලයක් සේවය කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවද සඳහන් වෙයි. මෙලෙස පැමිණි සංචාරකයින් සංස්කෘතික කලා සංදර්ශන ප්‍රදර්ශනය කරමින් පිළිගැනීමට අදාළ සංචාරක සමාගම් විසින් කටයුතු සම්පාදනය කර තිබිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ මස 27 වෙනිදාට ඩොලර් මිලියන 700ක මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි. “විදේශ විනියම ලබාගැනීමේදී අපනයනවලට අමතරව විදේශ ප්‍රේෂණවලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදා බොහෝදුරට බලාපොරොත්තු වෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 700 අපට ලබා දෙයි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුළත ඩොලර් මිලියන 480ක් දක්වා ලබාගැනීමට හැකියාවක් තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් අනුශාංඝික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත් ලැබෙන්න තියෙනවා. ඒ නිසා මේක කළමනාකරණය කරගන්න කිසිදු ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ.”
ඉබෝලා වෛයිරසය මැඩපැවැත්වීම සදහා එන්නතක් නිපදවීමට තවත් මාස 9ක පමණ කාලයක් ගත වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ. එම සංවිධානය පෙන්වා දෙන්නේ එම කාලය තුළ එබෝලා වෛයිරසය ආසාදන තත්ත්වය ඉහළ අගයක් ගන්නා රටවල මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බවයි. මේ අතර, ඉබෝලා වෛයිරසය මැඩ පැවැත්වීමේ හැකියාව පවතින බවට විශාවස කරන එන්නත් ද්විත්වයක් නිපදවා තිබුණද මෙතෙක් ඒවායේ සායනික පරීක්ෂණ සම්පූර්ණ කර නොමැති බව සඳහන් වෙයි. මේ වන විට ඉබෝලා වෛයිරසය මගින් ජාත්‍යන්තරව මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ඇතිවී තිබෙන බවට නිවේදනය කර තිබුණ ද එය ගෝලීය වසංගත තත්ත්වක් දක්වා වර්ධනය වී නොමැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී…
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අතිරේක ලේකම්වරයා වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ සේවය අවශ්‍ය නොවන බව සඳහන් කරමින් එම නිලධාරියා අවමානයට හා මානසික කනස්සල්ලට ලක්කිරීම තුළින් එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි. තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම අතිරේක ලේකම්වරයා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ආචාර්ය සෝභිත රාජකරුණා, ජනක් ද සිල්වා යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම තීන්දුව පෙරේදා (19) ප්‍රකාශයට පත් කළේය. පෙත්සම්කරු සඳහන් කළේ, තමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරියකු…
සැප්තැම්බර් මාසය වනතුරු විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් සිදු නොකරන බව වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අරුණ කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි. අවසන්වරට සිදුකළ විදුලිය ගාස්තු සංශෝධනයේ ඍජු බලපෑම එ්කක 180ට වැඩියෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට එල්ල වන බව ඔහු එහිදී යළිත් පෙන්වා දුන්නේය. සෙසු පාරිභෝගිකයින් සඳහා වන රුපියල් බිලියන 15ක සහනාධාරයක් ආණ්ඩුව විසින් ලබාදී ඇති බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. “ඔබතුමා විශේෂයෙන් අහන්නේ, ඩොලරයේ ඉහළයාමත් විශේෂයෙන් මැදපෙරදිග අර්බුදයත් සමඟ ඇති වුණ තත්ත්වය තුළ තවදුරටත් විදුලිබිල ඉහළ යයි…
ජාතික කලාභවනේ තිබූ පෞරාණික සිතුවම් 42 අස්ථානගත වී ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි. අද (21) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වසරේ දී ජාතික කලා භවනේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව තොග පොතෙහි සඳහන්ව තිබූ මුළු සිතුවම් සංඛ්‍යාව 281ක් වුවත් කලා භවනේ මේ වනවිට ඇත්තේ, සිතුවම් 239ක් පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
බුද්ධ රෂ්මි වෙසක් කලාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ අවධානය යොමුව තිබේ. ඒ බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් සාකච්ඡාවේ දීය. ඒ අනුව ඉන්ධන හා විදුලිය භාවිතා කිරීම සඳහා රජය මඟින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීම පිළිබඳව දැනුවත් කළ අතර, වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උදෙසා පත්කළ කමිටුවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම ද සිදුකර තිබුණි. පවතින අර්බුදය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇත. ඒ අනුව අවම ඉන්ධන…
සීදූව පොලිස් වසමට අයත් මූකලන්ගමුව ප්‍රදේශයේ පාළු නිවසකින් අධික ලෙස දුර්ගන්ධයක් හමන බවට ඊයේ (20) දින සීදූව පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමකදී, නිදන කාමරයක තිබූ ගමන් බෑගයක් තුළ සඟවා තිබූ කාන්තා මළසිරුරක් සොයාගෙන තිබේ. මෙලෙස අභිරහස් ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මූකලන්ගමුව, සීදූව ලිපිනයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවක්. පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මරණකාරිය අදාළ නිවසේ තනිවම පදිංචිව සිට ඇති බවයි. අපරාධකරුවන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම ඝාතනය සිදුකර ඇති අතර, සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් නිවසේ සවිකර තිබූ CCTV කැමරා පද්ධතිය සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කර තිබේ. එමෙන්ම නිවසේ තිබූ ස්ථාවර දුරකථන රැහැන් ද කපා දමා…
මැලිසිරිපුර ප්‍රදේශයේ විශාල කොටසකට විදුලිය සපයනු ලබන ප්‍රධාන අධිබලැති විදුලි රැහැනක් (High Tension Line) අද (20) පස්වරුවේ කැඩීයාම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුම සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. මෙම බිඳවැටීම හේතුවෙන් මැල්සිරිපුර ගොවිපොළ අසල සිට ඕමාරගොල්ල දක්වා, ඕමාරගොල්ල සිට මඩහපොල කන්ද දක්වා හා හෙවනතැන්න සිට කටුවාලන්ද දක්වා යන ප්‍රදේශවලට විදුලි සැපයුම බිඳවැටී ඇත. විදුලි රැහැන කැඩී ගොස් ඇත්තේ ඝන කැලෑබද ප්‍රදේශයක බැවින්, පවතින රාත්‍රී කාලය තුළ නඩත්තු වාහනවලට එම කැලෑව මැදින් අදාළ ස්ථානය වෙත ළඟාවීම දැඩි අපහසු කටයුත්තක් වී තිබේ. ඒ අනුව පවතින ප්‍රවේශ වීමේ අපහසුතා හේතුවෙන් අදාළ නඩත්තු කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා හෙට (21)…