Author: LFN

ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරි පිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. ඒ අනුව ග්‍රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට තීරණය කළ බව එම සංසදය පැවසුවේය. වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව අද (20) දිනයේ සිට ඇසුරුම් කරන ලද කිරි පිටි පැකට්ටු වල මිල මෙලෙස ඉහළ යාමට නියමිතය. කෙසේ වෙතත් ඉදිරි සතිය තුළ අදාළ මිල ගණන් යටතේ වෙළෙඳපොළට ආනයනික කිරි පිටි නිකුත් කරන අතර මේ වන විට වෙළෙඳපොළේ පවතින කිසිදු ආනයනික කිරි පිටි…

Read More

අද (20) ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. භූමිකම්පාවෙන් පසුව කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, සුනාමි අවදානමක් නොමැති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය තහවුරු කර ඇත. මේ අතර, මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.

Read More

සමස්ත අධිවේගී මාර්ගවල දුර කිලෝමීටර්  312.57ක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90 බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් දක්වන්නට විය. ඒ අනුව E1-දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 200.45ක් සඳහා සමස්ථ පිරිවැය ලෙස රුපියල් මිලියන 2024.5ක් බව ඒ මහතා පැවසීය. මේ අතර, E2 පිටත වට රවුම් මාර්ගය කොට්ටාව කෙරවලපිටිය කිලෝමීටර් 28.86ක් සඳහා පිරිවැය රුපියල් මිලියන 767.6කි. E3 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩ සීදූව කිලෝමීටර් 25.8ක් සඳහා පිරිවැය රුපියල් මිලියන 834.1කි. E4 මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම කුරුණෑගල යග්ගපිටිය කිලෝමීටර් 40.91ක් සඳහා…

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2026 සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබේ. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් උද්ධමන පීඩන නැවත ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම ඒ සඳහා ප්‍රධාන හේතුව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ “World Economic Situation and Prospects” මධ්‍ය වාර්ෂික යාවත්කාලීන වාර්තාවට අනුව, 2026 වසර සඳහා ගෝලීය දළ දේශීය නිෂ්පාදන වර්ධනය 2.5%ක් ලෙස පුරෝකථනය කර ඇති අතර, එය 2025 වසරේ ඇස්තමේන්තුගත 3.0% වර්ධනයට වඩා පහළ අගයකි. එමෙන්ම ජනවාරි මාසයේ පළ කළ පුරෝකථනයට වඩා ද ප්‍රතිශත අංක 0.2කින් අඩු බව සඳහන් වේ. 2027 වසරේදී ගෝලීය ආර්ථිකය 2.8%ක මට්ටමක් දක්වා සුළු ප්‍රකෘතියක්…

Read More

සයිබර් අපරාධ සිදුකරන්නට රට තුළට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන දුරකථන තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් 5,140,000ක් වටිනා දුරකථන සහ ඒවා සඳහා භාවිතා කෙරෙන බැටරි තොගයක් රේගු භාරයට ගෙන ඇත. අදාළ දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් හරිත මාවත ඔස්සේ පිටකර යැවීමට උත්සාහ කිරීමේ දී අදාළ චීන ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට පත්ව තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි චීන කාන්තාවක් සහ 35 හැවිරිදි වියේ පසුවන චීන ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි. එක් චීන ජාතිකයෙකුගේ සැකකටයුතු බෑගයක් පරීක්ෂා කිරීමේ දී ටොෆි සහ චොක්ලට් අතර තිබී ජංගම දුරකථන කිහිපයක් සොයා ගෙන ඇති අතර, පසුව…

Read More

ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් Amar Preet Singh PVSM, AVSM, සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) අතර හමුවක් පැවැත්විණි. ඊයේ (19) ආරක්ෂක අමාත්‍යාංශයේ දී එම හමුව සිදුවූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි. ආරක්ෂක ලේකම්, ඉන්දීය ගුවන් හමුදාපතිවරයා සමඟ ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත වූ බව වාර්තා වෙයි. ඉන්දීය ආරක්ෂක උපදේශක ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සැසියට සහභාගී වූ බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ විසින් එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින්, IS සංවිධානයේ දෙවන ඉහළම නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් 175 දෙනෙකු මියගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් නයිජීරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ප්‍රකාශ කරද නිකුත් කර ඇති බව විදෙස් බව වාර්තා වෙයි. ලොව පුරා ක්‍රියාත්මක වන “වඩාත්ම සක්‍රීය ත්‍රස්තවාදියා” ලෙස හැඳින්වෙන, IS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු-බිලාල් අල්-මිනුකි (Abu-Bilal al-Minuki) මෙලෙස ඊසානදිග නයිජීරියාවේ දුරස්ථ ගම්මානයකදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මියගොස් ඇත. 2009 වසරේ සිට මෙම කලාපය තුළ බොකෝ හරාම් සහ ඉන් බිඳීගිය IS බටහිර අප්‍රිකානු ශාඛාව විසින් දරුණු සන්නද්ධ අන්තවාදී කැරලි ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව,…

Read More

ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කරගෙන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අද (19) අත්තිඩියේ පිහිටි මිහිඳු සෙත් මැදුර රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. යුද්ධ හා නාවික හමුදාපතිවරුන් සමග එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් දශක කිහිපයක් පුරා පැවැති සන්නද්ධ ගැටුම්වලදී තම ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැද බරපතළ තුවාල ලබා දැනට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝධාර රණක්ෂිතයට පත් රණවිරුවන් පෞද්ගලිකවම හමුවෙමින් ඔවුන්ගේ සුවදුක් සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීය. මෙම සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිස රණවිරුවන් සමග ඉතා සුහදව අදහස් හුවමාරු කරගනිමින් ඔවුන්ගේ වත්මන් අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමු කළ අතර ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වෛද්‍ය පුනරුත්ථාපන…

Read More

මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය පැවසුවේ, 2026 මැයි 18 වන විට ඩෙංගු මරණ 15 ක් මේ වනවිට වාර්තා වී ඇති බවය. “අපි හඳුනාගෙන තියෙනවා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 39ක්. ඊට අමතරව බස්නාහිර පළාතේ තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වුණේ. දකුණ සහ සබරගමුව පළාත් ඊළඟට. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් 25 පුරාම ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. එයින් කොළඹ, ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර නුවර දිස්ත්‍රික්කයෙන් තමා රෝගීන් වැඩි ශයෙන් වාර්තා වෙන්නේ.” පාසල්, රජයේ ආයතන, වැඩබිම් සහ ආගමික ස්ථානවල ඩෙංගු රෝගය වැඩි වශයෙන්…

Read More

මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කළ බවට අනාවරණය වූ රියැදුරන් 08 දෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (19) කලුතර දකුණ පොලිස් ස්ථානය නිලධාරීන් විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය නිලධාරීන් සමඟ එක්ව මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. කළුතර දකුණ පොලිස් වසමේදී පැවැති මෙම මෙහෙයුමේදී මගී ප්‍රවාහන බස් රථවල සේවයේ නිරත රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර, විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සේවයේ යෙදී සිටි බවට සැක කෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් වයස අවුරුදු 35ත් 57ත් අතර වන අතර, පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කළේය.…

Read More