අද( 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි, රටවල් 40 හි පුරවැසියන් සඳහා දින 30 ක කාලසීමාවකට නොමිලේ සංචාරක වීසා ලබා දීමට තීරණය කර තිබෙනවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ බව චක්‍රලේඛයක් මගින් නිකුත්කර ඇති අතර මෙම චක්‍රලේඛයට අනුව, 2026 මාර්තු 30 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනවා.
එම රටවල් වන්නේ,
ඕස්ට්‍රේලියාව (AUSTRALIA) , ඔස්ට්‍රියාව (AUSTRIA), බහරේන් (BAHRAIN) , බෙලාරුස් (BELARUS) , බෙල්ජියම (BELGIUM) ,කැනඩාව (CANADA), චීනය (CHINA) , චෙක් ජනරජය (CZECH REPUBLIC) , ඩෙන්මාර්කය (DENMARK) , ෆින්ලන්තය (FINLAND) , ප්‍රංශය (FRANCE) , ජර්මනිය (GERMANY),ඉන්දියාව(INDIA),ඉන්දුනීසියාව(INDONESIA),ඉරානය(IRAN),ඊශ්‍රායලය (ISRAEL), ඉතාලිය (ITALY), ජපානය(JAPAN), කසකස්ථානය (KAZAKHSTAN), කුවේටය (KUWAIT), මලයාසියාව (MALAYSIA), නේපාලය (NEPAL), නෙදර්ලන්තය (NETHERLANDS), නවසීලන්තය (NEW ZEALAND), නෝර්වේ (NORWAY), ඕමානය (OMAN), පකිස්ථානය (PAKISTAN), පෝලන්තය (POLAND), කටාර් (QATAR), රුසියාව (RUSSIA), සෞදි අරාබිය (SAUDI ARABIA), දකුණු කොරියාව (SOUTH KOREA), ස්පාඤ්ඤය (SPAIN), ස්වීඩනය (SWEDEN), ස්විට්සර්ලන්තය (SWITZERLAND), තායිලන්තය (THAILAND), තුර්කිය (TURKEY), එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), එක්සත් රාජධානිය (UNITED KINGDOM), ඇමරිකා එක්සත් ජනපදය (USA)

ඉහත සඳහන් කළ රටවල රාජ්‍ය තාන්ත්‍රික (Diplomatic), නිල (Official), සේවා (Service) හෝ සාමාන්‍ය (Ordinary) ගමන් බලපත්‍ර (Passports) හිමි පුරවැසියන් මෙම ක්‍රමය යටතේ නොමිලේ සංචාරක වීසා (ETA) ලබා ගැනීමට සුදුසුකම් ලබනවා.
ඉහත සඳහන් කළ රටවල් 40 හි පුරවැසියන් සහ ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුම් පවතින රටවල (එනම් මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරුව) පුරවැසියන් ඇතුළු සියලුම විදේශීය පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අනුමැතිය (ETA) ලබා ගැනීම අනිවාර්යයි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ද්විපාර්ශ්වික අන්‍යෝන්‍ය ගිවිසුමට අනුව, මාලදිවයිනු පුරවැසියන් සඳහා ETA පද්ධතිය හරහා දින 90 ක සංචාරක වීසා බලපත්‍රයක් හිමිවෙනවා.
ඉහත සඳහන් කළ රටවල් 40 හි පුරවැසියන් මෙන්ම මාලදිවයින, සීෂෙල්ස් සහ සිංගප්පූරු පුරවැසියන් සඳහා වන විද්‍යුත් සංචාරක අනුමැතිය (ETA) නොමිලේ ක්‍රියාවට නංවනු ඇති.
කෙසේ වෙතත්, 2026.05.25 දිනට පෙර අයදුම්කරුවන් විසින් ගෙවන ලද ETA ගාස්තු නැවත ගෙවනු නොලැබේ.
මෙම ක්‍රමය යටතේ, සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි පළමු දින සිට දින 30 ක වලංගු කාලසීමාවක් සහිතව (මාලදිවයිනු පුරවැසියන් සඳහා දින 90 ක්) නොමිලේ සංචාරක වීසා (ETA) හිමිවන අතර, එම දින 30 ක වලංගු කාලය තුළ දෙවරක් මෙරටට ඇතුළු වීමේ පහසුකම (Double-entry facility) ද හිමිවේ.
නොමිලේ වීසා ලබාගත්, දින 30 කට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අපේක්ෂා කරන අයදුම්කරුවන්ට, අදාළ වීසා ගාස්තු ගෙවීමෙන් පසු වීසා කාලය දීර්ඝ කර ගැනීම සඳහා අයදුම් කළ හැකිය.
ඉහත සඳහන් කළ නොමිලේ ETA අයදුම් කිරීමට සුදුසුකම් ලත් රටවල පුරවැසියන් හැර, අනෙකුත් සියලුම රටවල පුරවැසියන් ශ්‍රී ලංකා ETA පද්ධතියට අදාළ පොදු රීති සහ රෙගුලාසිවලට අඛණ්ඩව යටත් වන බවයි වාර්තා වෙන්නේ.