Author: LFN

1996 වසරේදී කියුබාව සහ ෆ්ලොරිඩාව අතර මුහුදු සීමාවේදී සිවිල් ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළා අමෙරිකානු පුරවැසියන් ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිදුවීමට අදාළව, කියුබාවේ හිටපු නායක රාවුල් කැස්ත්‍රෝට එරෙහිව මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු බරපතළ අපරාධ චෝදනා එල්ල කිරීමට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. දැනට 94 වැනි වියේ පසුවන රාවුල් කැස්ත්‍රෝ එම සිදුවීම සිදුවන අවස්ථාවේදී කියුබානු සන්නද්ධ බලකායන්හි ප්‍රධානියා ලෙස කටයුතු කළේය. කියුබානු-අමෙරිකානු වැසියන්ගේ සංවිධානයකට අයත් මෙම යානා දෙක බිම හෙළීම සම්බන්ධයෙන් කැස්ත්‍රෝ ඇතුළු තවත් පස් දෙනෙකුට මෙලෙස නිල වශයෙන් චෝදනා එල්ල වී තිබේ. මේ පිළිබඳව මියාමි හි ‘ෆ්‍රීඩම් ටවර්’ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමෙරිකාවේ වැඩබලන…

Read More

ක්ෂණික මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබූ අඹුසැමි යුවළකගේ දේපළ ක්‍රියාවිරහිත කර තිබේ. මේ සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ ලෙස සිදුකළ විර්මශනයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි. සිරිසර උයන, බේස්ලයින් මාවත, බොරැල්ල ලිපිනයේ පදිංචි මෙම අඹුසැමි යුවළක් විසින් 2017 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇති බව හෙළි වී ඇත. මීට අමතරව, සැකකරුවන් එයින් ලද මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් වෙත තැම්පත් කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත. තවද, සැකකාරිය විසින් නීති විරෝධි ලෙස උපයා ගන්නා ලද මුදල් යොදවා අතුරුගිරිය, ඔරුවල ශාන්ත ලෝකාගම, කොරතොට, 08 වන පටුමගේ පිහිටි…

Read More

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

Read More

මෙවර ශ්‍රීපාද වාරය ආරම්භ වූ දා සිට මේ දක්වා එම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන ගිය සැකකරුවන් 322 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ, හැටන් කොට්ඨාසයේ, හැටන්, පොල්පිටිය, ගිණිගත්හේන සහ නල්ලතන්නිය යන පොලිස් ස්ථාන මගින් සිදුකරන ලද වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. එහිදී වැටලීම් 336ක් සිදුකර ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් රුපියල් විසි ලක්ෂ 65,000ක දඩ මුදලක් ද අයකරගත් බව සඳහන් වෙයි. පොලීසිය සිදුකළ වැටලීම්වලදී හෙරොයින්, අයිස්, ගංජා, හෑෂ්, කුෂ්, මාවා, මදන මෝදක සහ මත්පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය සොයාගත් බවද සඳහන් වෙයි.

Read More

මොනරාගල – සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ සිරිගල, කිරිමණ්ඩල හන්දිය අසලදී සිදුවූ දරුණු රිය අනතුරකින් 14 හැවිරිදි පාසල් දැරියකගේ පාදයක් ඉවත් කිරීමට සිදුව ඇති අතර ඇය මේ වන විට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. මොනරාගල දෙස සිට ඔබ්බේගොඩ දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ ඔබ්බේගොඩ දෙස සිට මොනරාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය සහ ඇයගේ පියා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා දැරිය කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. ‍ මොනරාගල, මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් දැරියක් සහ 47 හැවිරදි ඇයගේ පියා මෙලෙස තුවාල ලබා…

Read More

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගයේ සිදු කරන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ලබන 23 සහ 24 යන දෙදින තුළ දුම්රිය ධාවනය සීමා කිරීම සහ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට නියමිතව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ලබන (23) වැනිදා උදෑසන 09.30 සිට (24) වැනිදා උදෑසන 07.30 දක්වා දුම්රිය ධාවනය සංශෝධනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම කාල සීමාව තුළ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බවද සඳහන්. මේ අතර එම කාල සීමාවේදී කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය සිදු නොවන අතර මන්දගාමී දුම්රිය තුනක් (23) වැනිදා…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා සම්බන්ධ නඩුකරය යළි ජුලි මස 01 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එතෙක් ඔහුව රැඳවුම් භාරයේ තබාගෙන එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් නියෝග කර තිබේ. දැඩි ආරක්ෂක විධිවධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සුරේෂ් සලේ මහතාව අද (20) අධිකරණයට රැගෙන විත් තිබුණි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ මහතා ඉකුත් පෙබරවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය. ඉන් අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ…

Read More

ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්වධන මහතා අද (20) නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ නිවේදනයට අනුව ඉබෝලා වෛරස් වසංගත තත්ත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවල් මේ වන විට උද්ගතව පවතින බවත් මෙය මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනුම් දී සිටී. එම තත්ත්වයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග…

Read More

රට තුළ කියවීමේ සංස්කෘතිය වියැකී යමින් තිබෙන අවධියක තවමත් දමිළ ජනතාව කියවීම සඳහා දක්වන උනන්දුව අගය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල  අද  (20) ජනතා අයිතියට පත්කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය මඩකළපුව මහනගර සභාවේ මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අතින් අද පෙරවරුවේ විවෘත කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ පුස්තකාලයක් විවෘත කිරීම යනු බන්ධනාගාරයක අවශ්‍යතාව නැති කරන්නක් බවත්, මෙම මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් දමිළ ජනතාවගේ පොත් කියවීමේ සංස්කෘතිය ඉදිරියට පවත්වාගෙන යාම දිරිමත් කරනු ඇති බවත්ය. එමෙන්ම අතරමග නතර…

Read More

මෙරට තැලිසීමියා රෝගීන් 2500ක් පමණ වාර්තා වී ඇති අතර වාර්ෂිකව දරුවන් 45ත් 60ත් අතර ප්‍රමාණයක් තැලසීමියා තත්ත්වය සමඟ උපදින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහතා පවසයි. ජාත්‍යන්තර තැලසීමියා රෝග දිනය මෙම මස 8 වෙනිදා යෙදී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමින් මෙම අදහස් පළ කරන්නට විය. එහිදී වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය ශ්‍රීනි අලහප්පෙරුම මහතා, “දැනට ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන් 2500ක් පමණ වාර්තා වී තිබෙනවා. වාර්ෂිකව දරුවන් 45ත් 60ත් අතර ප්‍රමාණයක් “මහා තැලසීමියා” තත්ත්වය සමඟ උපදිනවා. සමහර අයට හිතෙන්න පුළුවන් මේ සංඛ්‍යාව වෙනත් රෝග සමඟ සසඳන විට ඉතා සුළු ප්‍රමාණයක් කියලා. නමුත්…

Read More