Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීනය සිය සඳ ගමනේ මූලික පියවර අරඹයි
    International

    චීනය සිය සඳ ගමනේ මූලික පියවර අරඹයි

    By LFNMay 25, 2026No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීනය වසර 2030 වන විට සිදු කිරීමට අපේක්ෂා කරන මිනිසුන් සහිත සඳ ගමනේ මූලික පියවරක් ලෙස, වසරක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින විශේෂ ගගනගාමියෙකු ද ඇතුළත්ව ගගනගාමීන් තිදෙනෙකු රැගත් “Shenzhou-23” යානය ඊයේ (24) රාත්‍රියේ සාර්ථකව ගුවන්ගත කර තිබේ.

    චීන අභ්‍යවකාශ ඉතිහාසයේ ගගනගාමියෙකු තනි මෙහෙයුමක් සඳහා වසරක් වැනි දීර්ඝ කාලයක් රැඳී සිටින පළමු අවස්ථාව මෙය වේ.

    වයඹදිග චීනයේ  Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඊයේ රාත්‍රී 11:08 ට “Long March-2F Y23” රොකට්ටුව ආධාරයෙන් මෙම යානය ගුවන්ගත කර ඇත.

    මෙම මෙහෙයුම සඳහා එක්ව සිටින කණ්ඩායමට අණදෙන නිලධාරී ෂු යැන්ග්ෂු , ගුවන් නියමු ෂැන්ග් යුවාන්ජි සහ පේලෝඩ් විශේෂඥ ලී ජියායින්ග් ඇතුළත් වෙති.

    මෙහි විශේෂත්වය වන්නේ ලී ජියායින්ග් මහත්මිය මීට පෙර හොංකොං පොලිස් පරීක්ෂකවරියක ලෙස සේවය කර ඇති අතර, ඇය චීන අභ්‍යවකාශ මෙහෙයුමකට එක්වන හොංකොං රාජ්‍යයේ පළමු ගගනගාමියා වීමයි.

    මෙම තිදෙනාගෙන් එක් අයෙකු චීනයේ “Tiangong” අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වසරක කාලයක් රැඳී සිටිමින් දීර්ඝ කාලීන අභ්‍යවකාශ වාසය මිනිස් සිරුරට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂණ සිදු කිරීමට නියමිතය.

    කෙසේ වෙතත්, වසරක් පුරා රැඳී සිටින එම ගගනගාමියා කවුරුන්ද යන්න මෙහෙයුමේ ප්‍රගතිය අනුව පසුව තීරණය කරන බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය.

    NASA ආයතනය චීනයට වසර දෙකකට පෙර, එනම් 2028 දී මිනිසුන් සහිත සඳ ගමනක් යාමට සැලසුම් කර ඇති අතර චීනයේ ඉලක්කය වනුයේ 2030 වසරයි.

    අමෙරිකාව සහ චීනය අතර චන්ද්‍ර තරගය දැඩි වී ඇති පසුබිමක, චීනය සඳ මත ජනපද පිහිටුවීමට සහ එහි සම්පත් ලබා ගැනීමට උත්සාහ කරන බවට අමෙරිකාව චෝදනා කරන නමුත් බීජිං පාලනය එම චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

    චීනයේ දිගුකාලීන ඉලක්කය වනුයේ රුසියාව සමඟ එක්ව 2035 වන විට සඳ මත ස්ථාවර මධ්‍යස්ථානයක් පිහිටුවීමය.

    මෙම දීර්ඝ කාලීන මෙහෙයුමේදී විකිරණවලට නිරාවරණය වීම, අස්ථි ඝනත්වය අඩුවීම සහ මානසික ආතතිය පිළිබඳව පර්යේෂණ කිරීමට අමතරව, චීන විද්‍යාඥයින් විසින් ලොව ප්‍රථම වරට අභ්‍යවකාශයේදී මිනිස් “කෘතිම කලල”  පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

    මිනිසාට දිගුකාලීනව අභ්‍යවකාශයේ ජීවත් වීමට සහ ප්‍රජනන ක්‍රියාවලිය සිදු කිරීමට ඇති හැකියාව අධ්‍යයනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

    මීට අමතරව, චීනය විසින් පාකිස්තාන ගගනගාමීන් දෙදෙනෙකුට ද පුහුණුව ලබා දෙමින් සිටින අතර, ඔවුන්ගෙන් අයෙකු ද මේ වසරේදී කෙටි කාලීන මෙහෙයුමක් සඳහා ටියැන්ගොන්ග් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යාමට නියමිත බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202607 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.