Author: LFN

සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති බැවින් සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම දිරිමත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා . වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ දිනවල දිවයිනේ සමහර ප්‍රදේශ වල පැතිරයන බෝ වන රෝග තත්ත්වයන්ද සලකා බලා මෙම ඉල්ලීම සිදු කරන බවයි. මේ අතර දන්සැල් සංවිධානය හා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධීකරණය කර ගැනීමට ද අමතර සහායක් අවශ්‍ය වන අවස්ථාවලදී ඇමතීමට දුරකථන…

Read More

ඩිජිටල් මුදල් සේවා සපයන Remitly ආයතනය කරපු අලුත්ම සමීක්ෂණයකට අනුව, පවුල් එක්ක පදිංචියට යන්න හොඳම රටවල් අතර ශ්‍රී ලංකාව 4වැනි තැනට පත්වෙලා තියෙනවා. ඒ ලැයිස්තුවේ ඉස්සරහින් ඉන්නේ ස්පාඤ්ඤය, චීනය සහ ඇමරිකාව. මේ සමීක්ෂණයේදී සෞඛ්‍ය සේවා, ජීවන වියදම, රැකියා අවස්ථා, දරුවන්ගේ අධ්‍යාපනය, ළමා සුරැකුම් වියදම් වගේ කරුණු ගොඩක් සලකා බලලා තියෙනවා. ශ්‍රී ලංකාවට මේ ඉහළ තැන ලැබිලා තියෙන්නේ හොඳ අධ්‍යාපන පද්ධතියක් සහ අඩු ළමා සුරැකුම් වියදම් නිසා කියලා වාර්තා වෙනවා. ඒ වගේම හොඳ පොදු ප්‍රවාහන සේවාවක් තියෙන රටවල් අතරත් ශ්‍රී ලංකාව 5වැනි තැනට පත්වෙලා තියෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාව පළවැනි තැනේ හිටියත්, මේ අවුරුද්දේ අලුත් දත්ත සහ අමතර මිනුම් එකතු කරලා…

Read More

ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව විදෙස් වාර්තා පවසයි. කොංගෝ රාජ්‍යෙය් පැතිරී යන ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හමුවේ මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් නිර්මාණය වී තිබීම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. අප්‍රිකානු සමුළුව එළඹෙන 28 වනදා සිට 31 වනදා දක්වා නව දිල්ලි නුවරදී පැවැත්වීමට සැළසුම් කර තිබුණි.

Read More

කොච්චිකඩේ පළඟතුරේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. වත්තල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 340යි මිලි ග්‍රෑම් 170ක් එහිදී පොලිස් භාරයට ගෙන තිබේ. කොච්චිකඩේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පාලනයකින් තොරව සීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් රජය බරපතල ගැටලුවකට මුහුණදී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, පැහැදිලි ආර්ථික සැලැස්මක් නොමැතිකම සහ මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමට රජය අසමත්වීම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයේ අනුපාතය වේගයෙන් ඉහළ ගොස් ඇති බවය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට මාස 20කට පෙර වර්තමාන රජයට රට භාරදෙන විට ඩොලරයේ අගය රුපියල් 292ක් ලෙස පැවති බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. මේ වනවිට එය රුපියල් 354 දක්වා ඉහළ ගොස් ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද ආර්ථික වැඩසටහන අඛණ්ඩව කරගෙන යාමට රජය අපොහොසත්වීම හේතුවෙනි.

Read More

2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ මහජන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා මෙම බදු ආදායම වැදගත් දායකත්වයක් ලබාදෙන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2026 මාර්තු මාසයේදී මෙම අගය සියයට 2.4ක් ලෙස වාර්තා වී තිබුණි. වාර්තාවට අනුව, මාර්තු මාසයේදී සියයට 0.7 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 1.1 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී වාර්තා වූ සියයට 3.8 සිට අප්‍රේල් මාසයේදී සියයට 7.8 දක්වා ඉහළ යාම ජාතික උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

Read More

හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් හදිසි වැටලීමක් සිදුකර තිබේ. ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේදී කල් ඉකුත් වූ ඖෂධ අලෙවිය සඳහා තබා තිබීම, ඖෂධවල මුල් මිල ගණන් වෙනස් කර වැඩි මිලකට අලෙවි කිරීමට සූදානම් කර තිබීම සහ මුද්‍රිත මිල මකා වෙනත් මිලක් යොදා තිබීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා රැසක් අනාවරණය වී ඇත. අදාළ නීතිවිරෝධී ඖෂධ තොගය නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ. පාරිභෝගිකයින් ඖෂධ මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනය, කල්…

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. සෑම සතියකට වරක්ම මෙම මිල පාරායන් මාධ්‍යවෙත පළකරන අතර, මෙම  සතියට අදාළ ඇස්තමේන්තු මිල පරාසයන් පහතින් දැක්වේ. තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය (2026 මැයි 18 සිට මැයි 24 දක්වා) තිරිගු පිටි – Rs. 153.00 – Rs. 172.00 සුදු සීනි –    Rs. 195.00 – Rs. 235.00 පරිප්පු –   Rs. 225.00 – Rs. 249.00 අර්ථාපල් (ඉන්දියා) – Rs. 160.00 – Rs. 228.00 අර්ථාපල් (පාකිස්තාන්) – Rs. 160.00 – Rs. 201.00 බී ලූනු (ඉන්දියා) – Rs. 175.00 – Rs. 218.00 බී ලූනු (පාකිස්තාන)…

Read More

වෙසක් සතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ශ්‍රී ලංකා පොලීසිය විශේෂ ආරක්ෂක සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත. මෙම කාලසීමාව තුළ සැදැහැවත් බෞද්ධ ජනතාව දිවයිනේ පිහිටි පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ ආගමික ස්ථාන වෙත විශාල වශයෙන් ඒකරාශී වීමත්, වෙසක් තොරණ හා පහන් කූඩු ප්‍රර්දර්ශනය, බැති ගී සන්දර්ශන, දන්සල් ආදිය සංවිධානය කිරීමත් සිදුකරනු ලබයි. එහිදී එම ස්ථානවල ඇති වන රථවාහන ‌තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්‌ග ගැනීමට පොලිස්පතිවරයා විසින් මේ වන විට සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇත. එසේම සියළුම පොලිස් වසම් තුළ දිවා / රාත්‍රී ජංගම සංචාර, පාමුර සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ සහ දේපොළ වල ආරක්ෂාව තහවුරු කිරීම…

Read More