අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී ද තවදුරටත් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 318.32 ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69 ක් ලෙස අද දින ප්‍රකාශයට පත් කර ඇත.
