Author: LFN
නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ (19) එම ස්ථානය වටලා තිබුණි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරින් සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබුණු අතර, එහිදී නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සම්ප්‍රේෂණ උපකරණ ද සමඟ නීතිවිරෝධී රූපවාහිණී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත…
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි…
විදේශ රැකියාවල නියුතු දෙමාපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000/- ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පවසා තිබේ. එම කාරක සභාව අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් මේ බව සඳහන් කර තිබුණි. කුඩා දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම හේතුවෙන් සමාජය තුළ පැන නගින ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස මීට පෙර කාරක සභාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) වෙත මෙම කාරක සභාව ලබා…
රණවිරුවන් විසින් මාතෘභූමිය නිදහස් කර ගැනීමේ සටනේදී ඔවුන්ගේ අරමුණ සහ ප්‍රාර්ථනාව වූයේ මාතෘභූමිය සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කර ගැනීම වන බවත් එම ප්‍රාර්ථනය ඉටු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (19) බත්තරමුල්ලේදී පැවැති 17 වැනි ජාතික රණවිරු සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ මෙරට දෙකෝටියක් ජනතාවගේ කඳුළු පිසදැමීම උදෙසා රණවිරුවන් විශිෂ්ට කාර්යක් කළ බවත් එම කාර්ය වෙනුවෙන් ඔවුන් සියලු දෙනාට තම උත්තමාචාරයද පුද කරන බවත්ය. “සංවර්ධිත රටක් අවශ්‍යයි.. එය ඔබගේ ප්‍රාර්ථනයක්. ඔබ මේ මාතෘ භූමිය නිදහස් කිරීමේ සටනේදී ඔබට තිබුණා මාතෘ භූමිය නිදහස් කරගැනීම හා සමානවම අපේ රට සංවර්ධිත…
අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා එක්වන බ්‍රසීල සංචිතය නම් කර තිබේ. එම බ්‍රසීල සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් සංඛ්‍යාව 26කි. ඊට සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ද නම්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට පාදයේ ආබාධයකින් පෙළුණු නේමාර් ඉන් පූර්ණ සුවය ලබා නොතිබුණ ද මෙම සංචිතයට එක් කර තිබීම විශේෂත්වයකි.
රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීම පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය සුපුන් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඊයේ (18) ජාතක නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණි. නමුත්, එම අවස්තාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට ගොස් පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟ නොසන්සුන්තාවයක් ඇති විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අද පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන උත්සවයේ අනෙකුත්…
මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කරමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්‍රදානය කර තිබේ. මෙම ඇගයීම් සහතිකය අද (19) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව, මවගෙන් දරුවාට HIV සහ උපදංශ සම්ප්‍රේෂණය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය ප්‍රදානය කර තිබේ. ඇගයීම් සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුද සඳහා ඉදිරි දින තුන සඳහා අනාවැකි පල කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ සුළඟේ වේගය පැ.කි.මි (40-50), විටින් විට පැ.කි.මි 60 දක්වා මෙම මුහුදු ප්‍රදේශ රළු වන බවය. මේ අතර, ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ. ඒ අනුව, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එමෙන්ම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
තලංගම, අකුරේගොඩ යුද හමුදා කඳවුර අසලදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ධාවනය කළ බව කියන සැකකරු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි. සැකකරු පරගොඩ ඉමදුව ප්‍රදේශයේ පදිංචි කළු ආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ (29) වන බව පොලිසිය පවසයි. නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරියට ඉකුත් පෙබරවාරි මස 16 වැනි දින අකුරේ ගොඩ යුද හමුදා මූලස්ථානය අසලදී මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී පනස් හය සහ පිස්තෝල වර්ගයේ ගිනි අවි වලින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණි. වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය මෙම සැකකරු විසින් ධාවනය කර ඇති බවට පොලිසිය සිදු කළ මූලික…
වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. සුරක්ෂිත, පිරිසිදු, ගුණාත්මක ආහාර වේලක් මෙරට මහජනතාවට ලබා දීම මූලික අරමුණ කර ගනිමින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවත් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී මේ සදහා අවශ්‍යවන සෞඛ්‍ය උපදෙස් ලබා ගෙන අදාළ ලියාපදිංචිය සිදු කරගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.