Author: LFN

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වලට අද (15) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් මත හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය. ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී තිබේ. එමෙන්ම අනෙකුත් අවශ්‍යතා සඳහා ගුරුවරුන් සහ සිසුන් අද දින පාසලට කැඳවීමෙන් වළකින ලෙස ද දැනුම්දී ඇති බව සඳහන්ය. එමෙන්ම නුවරඑළිය කලාපයේ පාසල් සඳහාද අවශ්‍යතාවය මත කලාප අධ්‍යපන අධ්‍යක්ශවරුන්ගේ උපදෙස් මත සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ප්‍රකෘතිමත් වීමේ උත්සාහයන් සඳහා තවදුරටත් පූර්ණ සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යළිත් අවධාරණය කර තිබේ. අද (14) පැවති මාධ්‍ය හමුවකදී IMF සන්නිවේදන අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කළේ, මෑත කාලයේ ශ්‍රී ලංකාව විශාල ආර්ථික පීඩනයක් ඇති කළ ප්‍රබල කම්පන දෙකකට මුහුණ දී ඇති බවයි. ඇය පෙන්වා දුන්නේ ඉන් පළමුවැන්න “දිට්වා” සුළි කුණාටුව වන අතර, එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල කළ ස්වභාවික විපතක් බවය. දෙවැනි කම්පනය ලෙස මැද පෙරදිග යුද්ධයේ අඛණ්ඩ බලපෑම ඇය සඳහන් කළාය. එවැනි අභියෝග හමුවේද ශ්‍රී ලංකාවේ ජනතාව සහ ආර්ථිකය “සුවිශේෂී ඔරොත්තු දීමේ හැකියාවක්” පෙන්නුම් කර ඇති බව කොසැක්…

Read More

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද (15) පෙරවරු 6ට නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද අදාළ නිවේදනයේ දැක්වේ. මේ අතර පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති බවත්, ඉන් පුද්ගලයින් 104 දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. එමෙන්ම නිවාස 88ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බවත් අදාළ…

Read More

ශ්‍රී  ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින අතර එම පද්ධතිය, ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,  බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට අද (15) මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ ‍බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක…

Read More

අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලින් ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබී ඇති සැලකිය යුතු වර්ෂාපතනය සහ එම ද්‍රෝණිය තුළ ස්ථාපිත ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණයට අනුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ. ඒ අනුව දිවයිනේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම් ප්‍රදේශවලට මෙම අවදානම පවතින බව සඳහන්ය. එමෙන්ම එම පහත්බිම් ප්‍රදේශ හරහා වැටී ඇති ඇතැම් මාර්ග ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමේ…

Read More

නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (14) පස්වරු 04.00 සිට හෙට පෙරවරු පස්වරු 04.00 දක්වා පැය 24ක කාලයක්  බලපැවැත්වෙන බවය. ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, බදුරලිය, ⁠මතුගම, හොරණ සහ ⁠වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 අවදානයෙන් සිටින ලෙසත් අනතුරු අඟවා තිබේ. එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, ⁠හාලිඇල සහ පස්සර, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, ඇල්පිටිය සහ ⁠නියාගම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ ⁠බුලත්සිංහල මහනුවර දිස්ත්‍රික්කයේ ⁠පූජාපිටිය, තුම්පනේ, ⁠දෙල්තොට, දොලුව, උඩුනුවර, හතරලියැද්ද, හාරිස්පත්තුව, ⁠පාතහේවාහැට, පස්බාගේ කෝරලේ, අකුරණ, ගඟවට කෝරලේ, පන්විල, යටිනුවර, ගඟ ඉහළ කෝරලේ සහ උඩපළාත⁠, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, ⁠බුලත්කොහුපිටිය, යටියන්තොට, අරණායක, කෑගල්ල, රඹුක්කන, වරකාපොල,…

Read More

ශ්‍රී ලංකා රුපියල මත තිබෙන පීඩනය තවදුරටත් තීව්‍ර කරමින් අද දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 329 යි ශත 92ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම අගය 2023 ‍දෙසැම්බර් 27 වැනිදායින් පසු ඩොලරයක් වෙනුවෙන් මෙරට වාර්තා වූ ඉහළම මිලයි. 2022 මාර්තු 07 දක්වා රුපියල් 202.99ක ස්ථාවර අගයක පැවති පැවති අමෙරිකානු ඩොලරයේ රුපියල් වටිනාකම, 2022 මාර්තු 08 දින සිට රුපියල පා කිරීමට ගත් තීරණයත් සමගින් ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 මැයි 12 වන විට රුපියල් 377.49ක් දක්වා ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගියේය. කෙසේවෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග හමුවේ ක්‍රමයෙන් රුපියල අවප්‍රමාණය පාලනය වූ…

Read More

2024 වසරේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම කර තිබේ. ඊට අමතරව රුපියල් මිලියන 3ක දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල, එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බව නඩු තීන්දුවේ දැක්වේ. 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව චෝදනා කරමින් වග උත්තරකාර ප්‍රේමතිලක මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබිණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන…

Read More

ශ්‍රී ලංකා, ඉන්දියා හා ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම් සහභාගිත්වයෙන් මෙරටදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ඉන්දීය සංචිතය අද (14) නම් කළේය. තිලක් වර්මාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට රාජස්ථාන් රෝයල්ස් ප්‍රහාරාත්ම පිතිකරු,15 හැවිරිදි වෛභව් සූර්යවංශිද නම්කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. ඔහුට අමතරව මේ දිනවල පැවැත්වෙන IPL තරගාවලියේ පංජාබ් කිංග්ස් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවෙකු වන ප්‍රභ්සිම්රාන් සිංද නම්කර ඇත. මෙම තුන්කොන් තරගාවලිය එළැඹෙන ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව ශ්‍රී ලංකා – ඉන්දීය ‘A’ කණ්ඩායම් සහභාගිත්වයෙන් සිව්දින තරග 2ක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. තුන්කොන් තරගාවලියට නම්කළ ඉන්දීය ‘A’ සංචිතය තිලක් වර්මා (නායක), ප්‍රියංෂ් ආර්යා, වෛභව් සූර්යවංශි,…

Read More

හදිසි ජලගැලීම් හේතුවෙන් සීමා කරනු ලැබූ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ. ඒ අනුව අද (14) පස්වරුවේ සිට පුත්තලම් මාර්ගයේ දුම්රියයන් නියමිත කාලසටහනට අනුකූලව ධාවනය කරනු ලැබේ. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගය, තිල්අඩිය ප්‍රදේශයේදී ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ඊයේ (13) පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කිරීමට එම දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. ගංවතුර බැස යාමත් සමඟ අද (14) පස්වරු 03.00 සිට පුත්තලම මාර්ගයේ ධාවනය නැවතත් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

Read More