Author: LFN

මෙරට පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා අගෝස්තු මාසයේදී නව මෙට්‍රෝ බස් රථ 104ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව තිබේ. ඊට අදාළ ගිවිසුම අද (18) අත්සන් කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කළේය. ගිවිසුම් ප්‍රකාරව මෙම නවීන බස් රථ 104ක ප්‍රමාණය එළඹෙන අගෝස්තු මාස 15 වන විට මෙරටට ආනයනය කර අවසන් කිරීමට නියමිතය. මේ වනවිට බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් කඩවත සහ රත්මලාන වැනි ප්‍රදේශවල නව මෙට්‍රෝ සේවා අංගන ඉදිවෙමින් පවති. ඒ සමඟින් අගෝස්තු මාසයේදී මෙම බස් රථ ධාවනයට එක් කිරීම හරහා මෙරට පොදු ප්‍රවාහනයේ ගුණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් ඇති කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය. අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා විසින් 5 වන විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට මෙම සැමරුම සඳහා ආරාධනා කර ඇති බවට ප්‍රකාශ කිරීම අසත්‍ය කරුණක් බවද මනෝජ් ගමගේ මහතා සඳහන් කළේය. ජනතාව නොමඟ යවමින් විජයග්‍රාහී සැමරුමට මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇතැයි අමාත්‍යවරයා පවසා ඇතැයිද සඳහන් කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙනදාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් නිල වශයෙන් විජයග්‍රාහී සැමරුම සඳහා ආරාධනය ලැබෙන බවද පැවසීය. යුද ජයග්‍රහණයට…

Read More

ශ්‍රී ජයර්වධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට අදාළ පරිපාලන සහ වෘත්තීයමය ගැටලු සම්බන්ධයෙන්, අධ්‍යයනාංශයේ මහාචාර්‍ය, ආචාර්‍යවරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අදාළ පැමිණිල්ල මඟින් වෘත්තීයමය පීඩනය, අධ්‍යයන නිදහසට බාධා කිරීම, පරිපාලන අකර්‌මණ්‍යතාවය, සහ විර්මශන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව, 2024 වසරේ සිට අදාළ අධ්‍යයනාංශය සම්බන්ධයෙන් මූලික විර්මශන පහක් පවත්වා ඇති අතර, එම විර්මශන මඟින් අංශාධිපතිනියගේ පරිපාලන, වෘත්තීයමය සහ සදාචාරාත්මක ගැටලු සනාථ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් එම වාර්ථාවල නිර්දේශයන් ඉදිරිපත් කර ඇත. එම විර්මශන වාර්තා අප්‍රේල් 09වන දින විශ්වවිද්‍යාල පාලක සභාව වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,…

Read More

බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කිරීම සඳහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් ගොනුකර ඇති මේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා සහ එම ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ සුරා බදු පනතේ දෙවන වගන්තිය මගින් “බීර”  යනුවෙන් අර්ථකථනය කර තිබෙන්නේ මෝල්ට් වලින් සාදන ලද පැසුණු මත්පැන් බවය. එහෙත් වර්තමානයේ බොහොමයක් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කරන…

Read More

වාහන ආනයනය ඉදිරියේදී අවශ්‍යතාවය මත පමණක් සිදුකිරීමට හැකිවන අයුරින් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කළ යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්යය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ අවශ්‍යතාවයෙන් තොරව වාහන ආනයනය කිරීම තුලින් මෙරට සතු විදේශ විනිමය අනවශ්‍ය ලෙස වැය වීමක් සිදු වන බවයි. එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහාචාර්යය ප්‍රියංග දුනුසිංහ මහතා, “අදවන විට වාහන ආනයනය කිරීමෙන් පස්සේ වාහන ආනයනකරුවන් විසින් විශාල විදියට වාහන ආනයනය කරලා සේල්වල ගොඩගහගත්තා. අද වෙලා තියෙන්නේ මේ ටයර් හතරවල් වාහන සේල්වල පාක් කරලා තියෙනවා අති විශාල විදියට. දැන් මේ අධිභාරයත් එක්ක ඔවුන්ට ඉතා හොද අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතා ඉහළ ලාභයත් ලබා ගන්න ඉහළ…

Read More

පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි ජාතක නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ විද්වතුන් කලාකරුවන් ඇතුළු පිරිසක් අද (18) මානුෂීය මෙහෙයුමේදී මිය ගිය රණවිරුන් සිහි කිරීමට පැමිණ සිටියහ. කෙසේ වෙතත් ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟ නොසන්සුන්තාවයක් ඇතිව තිබුණි. එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක් ඇමතුමක් ලබාගැනීමෙන් අනතුරුව අද දින කිසිවෙකුටත් රණවිරු ස්මාරකය අසලට යාමට අවසර නොදෙන බවට පවසා ඇත. ඒ සමඟම පොලීසිය සහ විමල් වීරවංශ මහතා සමඟ උණුසුම් වචන හුවමාරුවක් සිදුව වුණි. පොලිස් නිලධාරීන් තල්ලුකරමින් ඉදිරියට…

Read More

2026 වසර සඳහා 5% ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළද, මාර්තු මාසයෙන් අනතුරුව ගෝලීය ආර්ථික තත්ත්වයේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් එම ඉලක්කය සම්බන්ධයෙන් නිවැරදි පුරෝකථනයක් කිරීමට අපහසු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, මෙම ආර්ථික අර්බුදකාරී තත්ත්වය මතුවීමට පෙර 2026 වසරේ ආර්ථික වර්ධනය සියයට 5ක මට්ටමක පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබූ බවය. එහෙත් අප්‍රේල් මාසයෙන් පසු ගෝලීය ආර්ථිකයේ ඇති වූ අස්ථාවරත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේ තත්ත්වය කෙසේ වෙනස් වේදැයි නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු වී ඇති බවද ඔහු පැවසීය. මෙම බලපෑම මාස තුනකින් පමණ අවසන් වී, ඉන් අනතුරුව තත්ත්වය යථා තත්ත්වයට පත් වුවහොත්, ආර්ථික වර්ධනය…

Read More

මින් ඉදිරියට දන්සල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා පැවසීය. රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සඳහා අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. මීට අදාළ චක්‍රලේඛය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නිකුත් කර ඇතිබවද ඒ මහතා පැවසීය. “දන්සල් පැවැත්වීමේදී අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩියක් භාවිත කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක මේ වෙනකොට චක්‍රලේඛනයක් නිකුත්…

Read More

ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 5,289කට ඔවුන්ගේ ඊළඟ නිල සඳහා උසස්වීම් ලබාදී තිබේ. මැයි 19 වන දිනයට යෙදෙන 17 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව මෙම උසස්වීම් ලබාදෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. මව්බිම තුළ සාමකාමී යුගයක් උදාකරලීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉටුකළ අමිල සේවය අගය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි 19 වන දින මෙසේ ජාතික රණවිරු සැමරුම් දිනය සමරනු ලබයි. අදාළ හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් සිදු කරනු ලැබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටාදක්වමින් Cricbuzz වෙබ් අඩවිය සඳහන් කළේ, අගෝස්තු 15 සිට 27 දක්වා මෙම තරග පැවැත්වෙනු ඇති බවය. කෙසේ වෙතත් තරග පැවැත්වෙන දින සම්බන්ධයෙන් මේ දක්වා තීරණයක් ගෙන නැත. මෙම තරග ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වීමට නියමිතය. කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග සම්බන්ධයෙන් මේ දක්වා කිසිම නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව සඳහන්වේ.

Read More