Author: LFN

දිවයින පුරා ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් ඊයේ (27) දිනට අදාළ වාර්තාවට අනුව සැකපිට පුද්ගලයින් 576ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාසය පවසයි. පුද්ගලයින් 27901ක් පරීක්ෂා කර ඇති අතර, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 17ක් බව සඳහන් වෙයි. මේ අතර, දින වරෙන්තුකරුවන් 227 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 158 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙහි සම්පූර්ණ වාර්තාව පහතින්,

Read More

ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා අසල සිදුවූ දුම්රිය අනතුරකින් 14දෙනෙකු මියගොස් තවත් 84දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කාර්යාල දුම්රියක් සහ දුරගමන් සේවා දුම්රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැදිරි තුළ සිරවී සිටින මගීන් මුදාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මක බව ද සඳහන්. අනතුරේ දරුණුතම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මැදිරියට වන අතර මියගිය සියලු දෙනා කාන්තාවන් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුර හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් සීමා කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ. ඉන්දුනීසියාවේ ගොඩබිම් ප්‍රවාහන අනතුරු බහුලව දක්නට ලැබෙන අතර 2024 වසරේදී ද බටහිර ජාවා ප්‍රදේශයේ සිදුවූ දුම්රිය ගැටුමකින්…

Read More

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක වන කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල යන ප්‍රදේශ වල ක්‍රියාත්මක අන්තර් නිවාස ව්‍යාපෘති මැයි මස මුල් සතියේ ආරම්භ කිරීමටත්, කෙටි කාලයක් තුළ නිම කිරීමටත් සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා යුද හමුදා මූලස්ථානයේදී පවත්වා තිබුණි. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ අවතැන් වූ පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසක් ආරක්ෂිත සහ ජීවත්වීමට සුදුසු නිවාසවල තාවකාලීව පදිංචි කිරීමය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු තාක්ෂණය සහ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ඇති. මෙම මුල පිරීම රජයේ ‘Rebuilding Sri…

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබේ. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතා අද (28) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණි. ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මෙලෙස පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

Read More

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය වැලැක්වීමට යාමේදී ඇදවැටීමකින් සැකකරුවෙක් මියගොස් තිබේ. කෙසේවෙතත්, මියගිය සැකකරුවාගේ ඥාතීන් ප්‍රකාශ කළේ, බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පහරදීමකින් මරණය සිදුවූ බවට සැකයක් පවතින බවය. මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු අද (27) පෙරවරු 11ට පමණ මැගසින් බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කර ඇති බව සඳහන්ය. එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නියාමකවරයෙකු ඔවුන් සමඟ පොරබැදීමේදී සිදුවූ ඇදවැටීමෙන් එක් සැකකරුවෙක් මියගොස් අනෙක් සැකකරු හා අදාළ නිලධාරීයා තුවාල ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ,  සිද්ධිය සම්බන්ධයෙන්…

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් රාත්‍රී භෝජන සංග්‍රහයකදී වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයාට අමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔහු වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම අමෙරිකා එක්සත් ජනපදය තුළ පවතින දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නවතම සිදුවීම වේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක් රැලියකදී වෙඩි තබා ඝාතනය කරන ලදී. ඊට මාස කිහිපයකට පෙර මිනසෝටා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියක සහ ඇගේ සැමියා ද මරා දමන ලදී. ට්‍රම්ප් ද 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර දෙවතාවක්ම ඝාතන ප්‍රයත්නයන්ගේ ඉලක්කය බවට පත්විය. වැඩබලන නීතිපති ටොඩ්…

Read More

ඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම් 52 ක් හා 09mm ජීව පතරොම් 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 48ක් වන ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකි. ඇටවීරගොල්ලෑව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

‘Walk for peace’  වැඩසටහනේ අවසන් දිනය අද කොළඹ කේන්ද්‍ර කර ක්‍රියාත්මක කිරීමට අදාළව විශේෂ රථවාහන සැලැස්මක් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර තිබේ. එම වැඩසටහන අද (28) කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් සවස 04.00ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. උත්සවයට අදාළව කොළඹ රථවාහන කොට්ඨාසය මඟින් ආශ්‍රිත ප්‍රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම රථවාහන සැලැස්‌මට අනුව අද දින උදෑසන 11.00 සිට පහත දැක්වෙන මාර්ග වල අවස්ථානුකූලව ඇති වන තත්ත්වයන් අනුව වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ඇත. බණ්ඩාරනායක වටරවුම සිට බේස්ලයින් මාර්‌ගය බොරැල්ල හන්දිය දක්වාත්, මරදාන පාර, නන්දදාස කෝදාගොඩ මාවත, වෝඩ්…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දකුණු පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

“ ඒහි පස්සිකෝ “ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි. අද (28) දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන නිදහස් චත්‍රරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. අනතුරුව පස්වරු 4ට නිදහස් චත්‍රරස්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිතය. එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීම සිදුකෙරුණු ඇත. නිදහස් චතුරස්‍රයේ සිට පස්වරු 5.30ට යළි ආරම්භ කෙරෙන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ලගාවීමෙන් පසු නිමාවට පත් වේ. ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන “ඒහි පස්සිකෝ“ ජාත්‍යන්තර සාම පාගමන පසුගිය 22 වන දින දඹුල්ලෙන් ආරම්භ…

Read More