Author: LFN

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. හෙට (28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. හෙට (28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය. පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී ඔහු ඇතුළු ක්‍රිකට් පරිපාලනයට විවිධ චෝදනා එල්ල වූ අතර එවන් පසුබිමක වත්මන් ක්‍රිකට් පරිපාලනයට ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ පාර්ශව දැනුම් දී ඇතැයි පසුගිය දිනක මාධ්‍ය…

Read More

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලූව ලැක්ටෝවත්ත ප‍්‍රදේශයේ පිහිටි දහන උදුනේදී විනාශ කිරීම අද (27) දින සිදු විය. මෙලෙස විනාශ කෙරුණේ, පසුගිය සමයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කරන ලද වැටලීම් මගින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය අතරින් හලාවත හා බලපිටිය අධිකරණයන්හිදී නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගය. ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් හා ග‍්‍රෑම් 888ක් ද කේරළ ගංජා කිලෝ 33 ග‍්‍රෑම් 172 ක් සහ ගංජා කිලෝ 247ක් හා ග‍්‍රෑම් 940ක් යන ප‍්‍රමාණයක් විනාශ කිරීම කෙරුණි.

Read More

මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසිදෙදෙනාව මෙහෙය වූ ප්‍රධාන චීවරධාරී සැකකරු මැයි 2වනදා දක්වා, දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ. සැකකරු අද (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී තිබුණි. කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම විහාරයේ, අගුණුකොලේ අමිතානන්ද නම් මෙම චීවරධාරියා තායිලන්තයේ සිට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේදී භාරගැනීමට සුදානම්ව සිට ඇති බවද සඳහන් වේ. මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් විසිදෙදෙනා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ප්‍රධාන චීවරධාරියා එම ස්ථානයෙන් පලාගොස් මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟව සිට ඇත. එහිදී ඊයේ (26) පෙලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.…

Read More

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරියක වශයෙන් නම්කර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි නීතීඥවරියක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ. මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ නීතිඥ තමරා කුමාරි අබේරත්න නම් වූ නමැත්තියක් වන අතර සැකකාරිය ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (27) නියම කළේය. අදාළ රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරිය අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානය විසින් පකිස්ථාන මැදිහත්කරුවන් හරහා අමෙරිකා එක්සත් ජනපදයට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අමෙරිකාව විසින් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද සඳහන්. මේ වන විට ඉරාන – අමෙරිකානු යුද ගැටුමද වඩාත් තීරණාත්මක අවස්ථාවට එලඹ තිබේ. ඒ පාකිස්තානයේ පැවති සාම සාකච්ඡා අවලංගු වීම හේතුවෙනි.

Read More

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු කර නොමැති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. එමෙන්ම ඔවුන් සඳහන් කර සිටින්නේ වැඩ තහනමට ලක්වී ඇති නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීමක් හෝ විමර්ශකයින් විසින් මේ වන තෙක් සිදු කර නොමැති බවය. ඒ හේතුවෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට විවෘත ප්‍රශ්න 22ක් යොමු කර තිබේ. එම සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ ජනාධිපතිතුමන් සහ කැබිනට් මණ්ඩලය විසින් මෙම ප්‍රශ්න 22ට විවෘත පිළිතුරු ලබාදිය යුතු බවය. – උපුටා ගැනීම -…

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් කරන ලද ඩීසල් ආනයනය පිළිබඳව සිදුව ඇතැයි පැවසෙන දූෂණ හා අක්‍රමිකතාවයන් පිළිබඳව පරීක්ෂනයක් ඉල්ලා  අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ. ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇති අතර අදාළ පැමිණිල්ල මගින් ඔවුන් ඉල්ලා ඇත්තේ මෙම සිදුවීම හේතුවෙන් රජයට දැවැන්ත මුදලක පාඩුවක් සිදුව ඇති බවය. ඒ අනුව මේ පිළිබඳව අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසා අදාළ ලිපිගොනු පරීක්ෂා කර දැවැන්ත අලාභයක් මෙන්ම වංචාවක් සිදුව ඇත්දැයි විමර්ශනය කර එයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අල්ලස් කොමිසම වෙත යොමු කර ඇති පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ. අදාළ පැමිණිල්ල පහතින්,

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලිසිය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි.

Read More

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින නිල සංචාරයක් සඳහා අද (27) අමෙරිකාවට පැමිණීමට නියමිත විදෙස් වාර්තා පවසයි. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිතුදම අලුත් කිරීම සහ ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති ශ්‍රීමත් ක්‍රිස්ටියන් ටර්නර් මාධ්‍ය වෙත පවසා තිබේ. දින හතරක කාලයක් පුරා පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරය වොෂින්ටන් නුවරින් ආරම්භ වේ. එහිදී ධවල මන්දිරයේදී අමෙරිකාවනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චාල්ස් රජු සහ කැමිලා රැජින පිළිගනු ලබන බව සඳහන් වෙයි.

Read More