Close Menu
Lanka Focus News
    What's Hot

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»තවත් චීන්නු තුනක් ගුවන්තොටේ දී මාට්ටු
    Local News

    තවත් චීන්නු තුනක් ගුවන්තොටේ දී මාට්ටු

    By LFNMay 20, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සයිබර් අපරාධ සිදුකරන්නට රට තුළට රැගෙන එන්නට ඇතැයි සැක කෙරෙන දුරකථන තොගයක් සමඟ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රුපියල් 5,140,000ක් වටිනා දුරකථන සහ ඒවා සඳහා භාවිතා කෙරෙන බැටරි තොගයක් රේගු භාරයට ගෙන ඇත.

    අදාළ දුරකථන නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් හරිත මාවත ඔස්සේ පිටකර යැවීමට උත්සාහ කිරීමේ දී අදාළ චීන ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 34 හැවිරිදි චීන කාන්තාවක් සහ 35 හැවිරිදි වියේ පසුවන චීන ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

    එක් චීන ජාතිකයෙකුගේ සැකකටයුතු බෑගයක් පරීක්ෂා කිරීමේ දී ටොෆි සහ චොක්ලට් අතර තිබී ජංගම දුරකථන කිහිපයක් සොයා ගෙන ඇති අතර, පසුව කළ සෝදිසියේ දී ඔහු ඇද සිටි ඇඳුමට යටින් විශේෂයෙන් සකස් කළ ජැකට්ටවක් තුළ ද තිබී තවත් ජංගම දුරකථන කිහිපයක් සොයා ගෙන ඇත.

    මේ අතර, චීන ජාතික කාන්තාව පැලඳ සිටි පාවහන්වල මේස් තුළ සහ අනෙක් චීන ජාතික ගුවන් මගියාගේ ගමන් මල්ල තුළ ද තිබී ජංගම දුරකථන 87ක් සහ ඒවාට යොදන බැටරි 140ක් සොයා ගෙන තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු මොවුන් තිදෙනා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ පොලිස් නිලධාරීවරුන් වෙත භාරදීමට පියවර ගනිමින් සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 202603 Views

    දිවිසැරිය නිමකළ ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනී මහත්මියගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (22) සිදු…

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026

    ප්‍රබල මත් ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි

    August 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.