Author: LFN

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ඊයේ (13) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එහිදී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා. ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයේ (ICAPP) මහා මණ්ඩල රැස්වීම 2026 නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බවත්, එහි ආරම්භයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ එම සංවිධානයේ කටයුතුවලට සම්බන්ධ වූ බවත් ඇය පැවසුවා. දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කළ ටිල්වින් සිල්වා මහතා, ශ්‍රී ලාංකික තරුණයින්ට ලබා දෙන රැකියා අවස්ථා පිළිබඳවත්, ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳවත් දකුණු…

Read More

තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා අද (14) උදෑසන 9.30ට නිකුත් කර ඇති අතර, එය හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වේ. ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින අතර, එය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය…

Read More

ලොවම අවධානයෙන් පසුවන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා චීනයේ ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ (Great Hall of the People) මන්දිරයේදී මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භ විය. දෙරටේ නායකයින් අතර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා විශාල මාධ්‍ය පිරිසක් සහ ආරක්ෂක අංශ සූදානමින් සිටින අතර, ජනාධිපති ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු දූත පිරිස මේ වන විට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගෙන සිටින බව වාර්තා වේ. චීන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන පරිදි, මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ජනාධිපති ට්‍රම්ප් සමඟ අමෙරිකානු රජයේ ප්‍රබල නිලධාරීන් පිරිසක් එක්ව සිටිති. එම ලැයිස්තුව පහත දැක්වේ, මාර්කෝ රූබියෝ –  රාජ්‍ය ලේකම් (Secretary of State) පීට්…

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 2025 පෙබරවාරි 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී, නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර සිටි ගණේමුල්ල සංජීව වෙත වෙඩි තබා ඝාතනය කළේය. ඒ සම්බන්ධයෙන් , දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත, ඊයේ (13)  රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම දියත්…

Read More

ගත වූ පැය 24 තුළ වර්ෂාපතනය අඩුවීම හේතුවෙන් ඉහළ ගොස් තිබූ ගංගා ද්‍රොණිවල ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසා සිටියේ, මේ තත්ත්වය තුළ නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔය වැනි ගංගා ද්‍රොණිවල පිහිටි ජල මට්ටම්වල අඩුවීමක් පෙන්නුම් කරන බවය. විශේෂයෙන්ම කළු ගඟ මිල්ලකන්ද හැර අනෙකුත් ස්ථානවල ජල මට්ටම් අඩුවෙමින් පවතින බවද සඳහන් කළ ඒ මහතා, වර්ෂාපතනයේ අඩුවීම සමඟ මෙම තත්ත්වය පැවතිය ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන සමඟ තවදුරටත් වර්ෂාපතනය ඉදිරි දිනවල ලැබිය හැකි බැවින් මෙය තාවකාලික අඩුවීමක් විය හැකි බවද පැවසීය. මේ…

Read More

ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණු පෞද්ගලික ගුවන් යානයක සිටි මගීන් සියදුදෙනා පැය කිහිපයකින් නිරුපද්‍රිතව මුදා ගැනීමට අමෙරිකානු ගුවන් හමුදා සහ වෙරළාරක්ෂක බලකාය සමත්ව ඇත. එම මෙහෙයුම සඳහා පැය 5කට වැඩි කාලයක් ගත වී ඇති අතර, මුදා ගැනීමට ගිය ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයේ ඉන්ධන අවසන් වීමට විනාඩි 5ක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී මෙම පිරිස මුදා ගැනීමට හැකි වීම හාස්කමක් බව සඳහන් වේ. මුදාගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් මේජර් එලිසබෙත් පියෝවටි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ , “මේ සියලුදෙනාම දිවි බේරා ගැනීම සැබවින්ම ආශ්චර්යයක්” බවය. බහමාස් දූපත් සමූහයේ සිට පියාසර කරමින් තිබූ මෙම එන්ජින් දෙකේ Turboprop වර්ගයේ ගුවන් යානය, ෆ්ලොරිඩාවේ…

Read More

සයිබර් අපරාධකරුවන් ආසියානු රටකින් පැහැර ගෙන ඇති බවට සැක කෙරෙන ඩොලර් මිලියන 6.6ක මුදලක් ඕමාන රාජකීය පොලීසිය විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ මුදල් ඕමානයේ බැංකුවකින් දේශීය මුදල් බවට මාරුකිරීමට උත්සාහ කිරීමේ දී රාජකීය ඕමාන පොලීසිය විසින් වළක්වා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත. ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව රාජකීය ඕමාන පොලීසිය විසින් මෙම මෙහෙයුම දියත් කර තිබේ. සයිබර් අපරාධකරුවන් විසින් පැහැරගත් අදාළ මුදල අයත් ආසියානු රට කුමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්ය. ශ්‍රී ලංකාවේ, මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් සහ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඩොලර් 625,000ක් පැහැර ගැනීමේ සිදුවීමක් පසුගියදා වාර්තා වුණි. මෙම…

Read More

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පවතින අතර, ඉදිරි පැය 36 තුළ එම පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින්, ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැක. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන…

Read More

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් බදුල්ල දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරුවේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 26,517කට අයත් පුද්ගලයන් 90,667ක් පීඩාවට පත්ව ඇති අතර, පූර්ණ හානි වූ සහ අධි අවදානම් සහිත නිවාස හේතුවෙන් පවුල් 3,434ක් නැවත පදිංචි කළ යුතුව තිබේ. දැනට පෞද්ගලික සමාගම් සතු රජයේ ඉඩම් කඩිනමින් නිදහස් කරගෙන, ජනතාව පදිංචි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. වෙනත් ස්ථානයක පදිංචි වීම පිළිබඳ දෙගිඩියාවෙන් පසුවන්නන්ට තීරණයක් ගැනීම සඳහා…

Read More

2026 වසරේ අප්‍රේල් මස වන විට ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 767.9 ක ඉහළ අගයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එය පසුගිය වසරට සාපේක්ෂව 19% ක වර්ධනයක් වන අතර, 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 646ක් බව සඳහන් වේ. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවලට අනුව 2026 වසරේ මුල් මාස හතර තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 3,062.8 ක විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට හිමිව ඇත. ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති විදේශ ප්‍රතිපත්ති අනුව විදේශ රටවල් සමග අවබෝධතා ගිවිසුම්…

Read More